vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for August, 2007

ජනමාධ්‍ය ක්ලේමෝ - අයිඩියල් ලොජ්

ජනමාධ්‍ය ක්ලේමෝ - අයිඩියල් ලොජ්

දිනය පසුගිය 14 බදාදා. පොලිස් බුද්ධි අංශය වැල්ලවත්තේ අයිඩියල් ලැගුම්හලෙහි හි තිබී ක්ලේ සහ තවත් පුපරණ ද්‍රව්‍ය සොයා ගත් බව සිංහල පුවත්පත් වාර්තා කළේ ය.

ලැගුම්හලෙහි හි සිටි දෙමළ ජනයා කොළඹින් බලයෙන් පිටමං කිරීමට දැරූ අසාර්ථක උත්සාහයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පෙත්සමි ගොනු කල දෙමළ ජාතිකයින් හත් දෙනෙකුම නවාතැන් ගෙන සිටින්නේ මෙම අයිඩියල් ලැගුම්හලෙහි ය. හිමිකරු ද ඉන් එක් පෙත්සම්කරුවෙකි.

මෙම ලැගුම්හල්හි හි දීර්ග කලක් සිටින යාපන වැසියන්ගේ දුෂ්කරතා සහ අපේක්ෂා පිලිබද ලිපියක් ඊට පෙරදා ඬේලි මිරර් පුවත්පතෙහි පළව තිබණි.

නමුත් කිසිදු සිංහල පුවත්පතක් මෙම බෝමබ සොයා ගත් ස්ථානයේ රුදී සිටින එම පෙත්සම්කරුවන් ගැන වචනයක්වත් ලීවේ නැත.

”වැල්ලවත්තේ ලැගුම්හලකින් බෝම්බ මල්ලක් අල්ලයි. පොලීසිය එන්න විනාඩි 10කට කලින් කොටියා පැන ගිහින්” යන ශිර්ෂ පාඨයෙන් ලංකාදිප ය කෙලින්ම මෙම …

New Bill will make Police worse

“The legislation which allows police to detain a person without an arrest warrant for 48 hours was first introduced by the Justice Ministry in 2005 for an interim two year period and yesterday it was extended until 2009.”
Daily Mirror-August 24 -2007

The law enforcement authority of the government is police. Police have failed to maintain law and order since few decades. Torture, extra judicial killings, violence and abductions have increased at the moment. The situation is more familiar to 1988-1989 period.The new bill introduced first on 2005. After that no progress has shown. The crime rate is increasing day by day.

The detention period without arrest warrant increased to 48 hours. This makes the situation of arrested person even worse. The …

උවයිස්……තත් බිඳණු ජීවන රිද්මය

dsc01188.JPG

මංජුල වෙඩිවර්ධන

උළුවස්ස හරස් කළ ලී වැටට උඩින් අඩ සඳක් පායා තිබේ. ඊට යටින් කුඩා තාරුකා සඟලක් නිවි නිවී දැල්වේ. අඩ සඳ, ලී වැටේ එල්ලී සිටින සිඟිත්තාගේ නළලත යි. තාරුකා නම් සැඟැවි, සැඟැවී අප දෙස හොරැහින් බලනා ඔහුගේ සිඟිති දෙ ඇස යි.
මම කට ඇද කර, දිව දමා, හිස සොලවා ඔහුට ඇද කරමි. ඔහු හිස ඔසොවා මුහුණ රතු කරගනිමින්, මා සමඟ සැහැල්ලු ව හිනැහෙයි.

ඒ සිනහවේ ජාතියක සලකුණක් නැති. ආගමක සලකුණක් ද නැති. එය නිකැළැල් මිනිසත් බවේ පිළිබිඹුව යි.
ඒ සිනහව, මොහොමඩ් උවයිස්ගේ සිඟිති පුත්‍රයාගේ ය.

‛‛වා ඩා ද රෝස පූ
නා ඔන්රු පත්තියනී’’

බාලසුබ්‍රමනියම්ගේ ගීතයක කොටසක් හදවත තුළින් මතුව ඒ’. ‛‛අපූර්ව වූ රෝස මලක් මම දුටුවෙමි.’’ එකී පද පෙළෙන් ධ්වනිත වනුයේ එබඳු …

மீன்பிடித் தொழில்துறையும்‚ உல்லாசப் பயணத்துறையும் பாதிப்பு

மீன்பிடித் தொழில்துறையும்‚ உல்லாசப் பயணத்துறையும் பாதிப்பு

நீர்கொழும்பு நகரம் மீன்பிடித் தொழில்துறைக்கும். உல்லாசப் பயணத் தொழில்துறைக்கும் இலங்கையில் பெயர் பெற்ற நகரமாகும். வெளிநாட்டவர்களும் இந்நகரைப் பற்றி நன்கு அறிந்து வைத்திருக்கிறார்கள்.

நகரில் பெரும்பாலான மக்கள் இவ்விரு தொழில்துறைகளிலும் ஈடுபட்டிருக்கின்றமை குறிப்பிடத்தக்கதாகும். தற்போது இவ்விரு தொழில்துறையும் பெரும் சவாலை எதிர்நோக்கியுள்ளது. இதன் காரணமாக நீர்கொழும்பு மக்களின் பொருளாதாரத்திலும் தாக்கம் ஏற்பட்டுள்ளது.

மீன்பிடித் தொழில்துறை
எரிபொருள் விலைகள் தொடர்ந்து அதிகரித்து வருவதன் காரணமாக‚ குறிப்பாக மண்ணெண்ணெய் விலை அதிகரித்துள்ளதன் காரணமாக சிறிய அளவில் மீன்பிடித் தொழிலில் ஈடுபட்டுள்ள மீனவர்கள் கடுமையாக பாதிக்கப்பட்டுள்ளனர்.

அவர்கள் அண்மையில் நகரில் மாபெரும் ஆர்ப்பாட்டமொன்றை (30.07.2007) அன்று நடத்தியதுடன்‚ வீதியை மறித்து மறியல் போராட்டத்தில் ஈடுபட்டனர். இதனைத் தொடர்ந்து ஜனாதிபதிக்கும்‚ மீனவர் சங்க பிரதிநிதிகளுக்கும் இடையில் அலரிமாளிகையில் (01.08.2007) சந்திப்பொன்றும் இடம்பெற்றது. இதனை மீன்பிடித்துறை அமைச்சர் பீலிக்ஸ் பெரேரர ஏற்பாடு செய்திருந்தார்.

இதனைத் தொடர்ந்து 15.08.2007 அன்று சிறிய அளவில் மீன்பிடித் தொழிலில் ஈடுபடும் மீனவர்களுக்கு எரிபொருள் மானியம் வழங்குவதற்கான (ஆரம்பித்து வைக்கும் நிகழ்வு) ஆரம்ப வைபவமொன்று நீர்கொழும்பு …

තොප්පිගල තොප්පිය

මෙි තොප්පිය වැටුණේ් විදුහල්පතිවරයකුට. දෙමළ විදුහලක විදුහල්පති වරයකුට. තොප්පිගල ජය සැමැරීමට සෑම පාසැලකම උත්සව සංවිධානය කළ යුතු බවට අධ්‍යපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබුණා. එහි කියා තිබුණේ කැවුම් කිරිබත් සංග්‍රහයක් ද ඊට ඇතුළත් කරන ලෙස යි.

දෙමළ ජනයාගේ උත්සව පැවැත්වෙන්නේ කැවුම් කිරිබත් සමඟ නොවන නිසා විදුහල්පතිවරයා සංග්‍රහය ගැන උනන්දු වුණේ් නැහැ. අනෙත් අතට දෙමළ ජනයා ලක්ෂ ගණනින් සරණාගත වී තිබිය දී උත්සව පවත්වන්නේ කෙසේදැයි යන උභතොකෝටිකයට මැදි වූ විදුහල්පතිවරයා උත්සවය පැවැත්වූයේත් නැහැ.

පාසැලේ කව්රු හරි මෙය කේළමක් කොට ඉහළ තැන්වලට කිව්වා. ඒ නිසාම අධ්‍යපන අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ කට උත්තරයක් විදුහල්පතිවරයාගෙන් ගත්තා. ඔහු තමන් හිතන විදිය ඒ විදියටම සිය ප්‍රකාශයේ සදහන් කළා.

දැන් මේ දුප්පත් දෙමළ පාසැල සංවර්ධනය කිරීමට හුගාක් වෙහෙස වූ මෙම විදුහල්පතිවරයා දඩුවම් මාරුව එනතුරු …

අධ්‍යාපනය කොයිබටද?

අධ්‍යාපන ක්ෂේත්‍රය මේ දිනවල නිතර කථාබහට ලක්වන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත.මෙයට මූලිකම හේතුව වන්නේ පළමු වසර සදහා සිසුන් ඇතුලත් කරගැනීම සම්බන්ධව පැන නැගි ඇති ගැටළු කිහිපයකි. මගේ අවධානයද අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත යොමු වුවද පළමු වසරට සිසුන් ඇතුලත් කරගැනීමේ ක්‍රියාවලිය අභිබවා,දේශීය අධ්‍යාපන ක්‍රමය පිළිබදව කරුනු කිහිපයක් ඉදිරිපත් කිරීමට ලඝුවේ.

මීට සති කිහිපයකට පෙර කොළඔ පිහිටි පාසල් 3ක පර්යේෂණ කටයුත්තක් සදහා සහභාගීවීමේ භාග්‍යය මට උදාවුනි. මෙහිදී පාසල් තුනම කොළඔ නගරයෙන් තෝරාගත් අතර සිංහල/ මුස්ලිම් හා දෙමළ වශ‍ෙයන් පර්යේෂණ සදහා පාසැල් වෙන්කරගනු ලැබීය. මෙම පර්යේෂණ සදහා අප තෝරා ගනු ලැබුයේ වයස අවු. 9 යේ 4 වසර සිසුන්ය.
ප්‍රථමයෙන්ම සිංහල පාසලට අප කණ්ඩායම ගිය අතර ඉහත වයස් කණ්ඩායමේ සිසුන් 10 දෙනෙකු සමග වැඩකිරීමේ හැකියාව ලැබුණි.ඔවුන් අනාගතයේදී තමා වීමට කැමැති පුද්ගලයා කවුරුන්දැයි විමසූ විට පහත සදහන් පිළිතුරු …

අගවිනිසුරු සහ බුද්ධිය

අගවිනිසුරු සහ බුද්ධිය
Copyright: The Economist

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපනය සම්බන්ධව ලබා දුන් නඩු තීන්දුවක් කාටූන් ශිල්පියෙකු දුටු අයුරු- අපේ රටේ නම් එවැනි දෙයක් සිදුවූයේ නෑ

‛‛පාර්ලිමේන්තුවට යන්න අද බුද්ධිය අවශ්‍ය නෑ. ඒත් ළමයෙකුට අධ්‍යාපනය ලබා දීමේදී පාසලට ඇතුළත් කරන විට ඔහුගේ බුද්ධි මට්මට සලකා බැලිය යුතු වෙනවා’’

අග විනිසුරුවරයා මෙසේ පැවසූ බව 2007 අගෝස්තු 23 වන දා ලංකාදීප පත්‍රයේ තිබුණා’

මට හිතෙන්නේ පාර්ලිමේන්තු යන්න බුද්ධිය අවශ්‍ය නෑ කියා අගවිනිසුරු කියන කතාව ඇත්තය. එහෙත් අනෙකුත් ජ්‍යෙෂ්ඨ සුදුස්සන් කපාගෙන රටේ අගවිනිසුරු ලෙස පත්වීමට පාර්ලිමේන්තුවට යන බුද්ධිය නැති මිනිසුන්ගේ පිහිට අවශ්‍ය බවය.

උවිදු

පෞද්ගලික බස් රථයේ පොඩි එකාට ඉඩ නැතේ

මේ පෞද්ගලික බස් රථ වල රියැදුරු කොන්දොස්තර උන්නැහේලගෙන් මඟීන්ට සිදු වන හිරිහැර කරදර ගැන මම කොච්චරවත් අහලා තිබුණා වුණාට මොකද මේවා හැබහින්ම අත් දකින්න හම්බවුණේ මම කුරුණෑගල නගරයේ පදිංචිය අත ඇරලා ටිකක් දුර පළාතකට ගියාට පස්සෙයි. පෞද්ගලික බස් රථයේ යන්න එන්න ගත්තට පස්සෙයි. කුරුණෑගලින් බස් රථයට ගොඩ වුණාම කොන්දොස්තර තැන ඉබ්බාගමුවෙන් මෙහා යන අය වාඩි වෙන්න එපා කියලා සැර පරුෂ විදියට කියලා තමයි මගීන් කරුණාවෙන් පිළි ගන්නේ. මොනවා කරලා හරි මටයි මගේ දරුවටයි වාඩිවෙන්න කියලා ආසනයක් හොයා ගත්තත් ඔන්න ඊලඟ කරදරයට මුහුණ දෙන්න ඕනේ. වාඩි වෙච්ච වෙලේ ඉඳලා කොන්දෙස්තර උන්නැහේ බෙරිහන් දෙනවා අවුරුදු 11 මගේ කොළුවව ඔඩොක්කුවට ගන්න කියලා. කීප දවසක් මම එහෙමත් කෙරුවා. ගෙදර ලඟින් බහින කොට කකුල් දෙක හිරි වැටිලා. එච්චර ලොකු කොළුවෙක් ඔඩොක්කුවේ තියාගෙන හැතැප්ම දහයක් …

« Previous entries · Next entries »