Archive for August, 2007
August 21, 2007 at 2:11 pm · Categories: Colombo, සිංහල, Governance | by Vikalpa_N
කොහෙන් එළියට බැස්සත්, කොහාට යන්න හැරුණත් පාර දෙපැත්තේ තාප්ප වලයි, ගස් ගල් වලයි අලවලා තියෙන අප්පිරියා හිතෙන දේශපාලන පෝස්ටර් ඇහැ ගැහෙනවා. රට පුරාම අඩියෙන් අඩියට එක එක සෙයියාවෙන් මිහිඳු
වැඩ හිටලා ඉන්නවා. ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමාට පක්ෂයේ භාණ්ඩාගාරික කමක් හම්බවෙලා කියලා දස අතේ තොරණ ගහලා තිබුණා. එයාට ඒ ගැන සුබ පතලා තව පෝස්ටර් වටයක් ගියා. මර්වින් සිල්වා කැළණියට පත් කළා කියලා පතාක පුවරු කැළණිය ප්‍රදේශය පුරාම හිටවලා තියෙනවා.
අලුතෙන්ම ඇස් රුදාව හදවන්නෙ දුමින්ද සිල්වා ගේ පෝස්ටර් මාලාව. අධි පෝෂණය සහිත පුෂ්ටිමත් දුමින්ද සිල්වා කන්න බොන්න නැතුව දිරාපත් වෙච්ච අසරණ මහලු අම්මා කෙනෙක් බදාගෙන ඉන්න පෝස්ටරේ යටින් ලියලා තියෙනවා රටක් වටින පුතෙක් කියලා..දුක් විඳලම හේබා ගිය තරුණයෙකුට එතුමා තට අත දෙනවා, තව පෝස්ටරේක තියෙනවා. මෙච්චර ජනතා …
August 21, 2007 at 12:39 pm · Categories: Languages, සිංහල, Gampaha, Human Rights | by Vikalpa_N
මගේ භාර්යාවගේ ජාතික හැඳුනුම්පත නැතිවිය. ඒ හැඳුනුම්පත හමුවූ කෙනෙක් තැපැල් මගින් එවාවියි කියා අපි බලාපොරොත්තු වුණා. සුමාන ගණනක් බලා සිටි නමුත් එය ලැබුණේ නැහැ. දැන් ඉතිං කරන්නට ඇත්තේ අලුත් හැඳුනුම්පතකට අයදුම් කිරීම බව අපි තීරණය කළා.
(ජාතික හැඳුනුම්පත නැතුව මග තොටේ ගමන් කිරීමත්, ගෙදර රැදී සිටීමත් මේ කාලයේ භයානක බව පොඩි ළමයෙක් වුවත් දනී)
මේ නිසා ජාතික හැඳුනුම්පත නැතිවීම ගැන පැමිණිලි කරන්න අපි දෙදෙනා පොලිස් ස්ථානයට ගියා. එදා දිනය 2007 අගෝස්තු 09 වෙනිදා. රටේ උතුරු නැගෙනහිර අරුණාම දෙමළ භාෂාවෙන් පැමිණිලි කරන්න පහසුකම් තියෙන එකම පොළිස් ස්ථානය මීගමුව බව මම මාගේ භාර්යාවට කියා දුන්නා.
දෙමළ භාෂාවෙන් පැමිණිලි කිරීමට අදාළ අංශයට ගොස් එහි සිටි පොලිස් අධිකාරිවරයාට ආ කාරණය කියූ විට එතුමා මට කාරුණිකව කතා කොට කිව්වා, -
˝ඔයාට සිංහල හොඳට පුළුවන්නෙ…ඉතිං …
August 20, 2007 at 3:55 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Life quips | by Janith Vipulaguna
කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය ආරම්භවත් ම ජූලි මාසයේ ප‍්‍රකාශිත සංසිද්ධීන් රට තුළ ආන්දෝලනාත්මක කතිකා රැුසක් නිර්මාණය කොට තිබේ. ඒ අතරින් විශේෂ වන්නේ, දක්ෂ කථිකයෙකු නො වන බවට ඇතැමුන් විසින් සමාජගත කොට තිබූ රනිල් වික‍්‍රමසිංහයන් එම මතයට එරෙහි ව යමින්, ඇතැම් පාර්ශවයන් හි දේශපාලනික නිලයන්ට නිවැරදි ව එල්ල කරන ලද ප‍්‍රහාර කිහිපයකි. සුළු පිරිසකගේ නිර්දය විවේචනයන්ට බඳුන් වුවත් පක්ෂ, විපක්ෂ බොහෝ දෙනාගේ පැසසුමට ලක් වන සෘජු ප‍්‍රකාශ කිහිපයක් ඔහු විසින් පසුගිය දා කරනු ලැබුවේ ය. ඒවා අභීත යැයි ඉඳුරාම කිව හැකිය. තම දේශපාලනය හා පක්ෂයේ දේශපාලනය ද පරදුවට තබා 2002 වසරේ විමුක්ති කොටි …
August 20, 2007 at 1:55 pm · Categories: தமிழ், Gampaha, Democracy | by Vikalpa_N
எனது மனைவியின் தேசிய அடையாள அட்டை காணாமல் போய்விட்டது. அதனை கண்டெடுத்தவர்கள் யாராவது தபாலில் அனுப்பிவைப்பார்கள் அல்லது கொண்டு வந்தாவது தருவார்கள் என்று எதிர்பார்த்திருந்து ஏமாற்றம்தான் கிடைத்தது. இனி புதிய அடையாள அட்டைக்கு விண்ணப்பிப்பதே ஒரே வழி என நானும் மனைவியும் தீர்மானித்தோம்.
தேசிய அடையாள அட்டையில்லாமல் வெளியில் செல்வது மட்டுமன்றி வீட்டில் இருப்பது கூட இன்று அபாயகரமானதொரு விடயம் என்பது சிறுபிள்ளைக்குக் கூட தெரியும். அதனால்‚ அடையாள அட்டை காணாமல் போனமை தொடர்பாக முறைப்பாடு செய்வதற்காக இருவரும் பொலிஸ் நிலையம் சென்றோம். (இது நடந்தது 09.08.2007 அன்றாகும்.)
நாட்டில் வடக்கு-கிழக்கு தவிர்ந்து தமிழில் பொலிஸ் முறைப்பாடு செய்வதற்கான ஒரே ஒரு தமிழ்மொழி முறைப்பாட்டுப் பிரிவு நீர்கொழும்பு பொலிஸ் நிலையத்தில்தான் இருக்கிறது என்று நான் என் மனைவியிடம் பெருமையாகக் கூறிக்கொண்டு சென்றேன்.
தமிழ் மொழியிலான முறைப்பாட்டுப் பிரிவுக்குச் சென்று அங்கு பொறுப்பாக இருந்த பொலிஸ் அதிகாரியிடம் வந்த விடயத்தை தெரிவித்தபோது அவர் அதனை மனிதாபிமானத்தோடு விசாரித்துவிட்டு சிறு முறைப்பாடுகள் பிரிவுக்குச் சென்று முறைப்பாடு செய்து முறைப்பாடு பத்திரத்தைப் பெற்றுக்கொள்ளுமாறு கூறினார். மனைவி என் முகத்தைப் பார்த்தாள். பின்னர் …
August 20, 2007 at 12:44 pm · Categories: සිංහල, Gampaha, Transport | by Vikalpa_N
මම 2007 ජූලි මාසයේ දිනෙක පිටිපන ජා ඇල මාර්ගයේ ගමන් කරන අංක 273 පෞද්ගලික බස්යක මීගමුව බලා එමින් සිටියෙමි. කොතලාවල පාලම පසු කරනවාත් සමගම බසයේ කොන්දොස්තර මහතා හිටිගමන් බසයෙන් එළියට පැන වේගයෙන් ඉදිරියට දුවන්නට පටන් ගත්තා. ඒ වෙන විට මම මගේ බස් ප්‍රවේශ පත්‍රය සඳහා මුදල් ගෙවා තිබුණේ නැහැ.
එතනින් එහාට බසයේ රියදුරු කම මෙන්ම කොන්දාස්තර කමද කරන්නට සිදුවූයේ රියදුරු මහතාටයි. ඔහු ළඟ ඉතිරි මුදල් දෙන්නට මාරු කාසි තිබුණේ නැති නිසා මගීන් බොහෝදෙනෙකුට තමන්ගේ ඉතිරි මුදල් ලැබුණේ නැහැ. එම නිසා ගමන සඳහා වැඩි මුදලක් ගෙවා බසයෙන් බැස යාමට මගීන්ට සිදුවුණා. බසයේ ගමනාන්තය තෙක් පැමිණි මා බස් නවතුමේ වේලාව සටහන් කරන්නා හෙවත් ටයිම් කීපර් මහතාට මේ බව දැන්වූවා. ඔහු ගණනකට නොගෙන කීවේ මේ සිද්ධිය සාමාන්‍ය එකක් බවයි. කොන්දොස්තර එසේ …
August 20, 2007 at 12:25 pm · Categories: Peace and reconciliation, සිංහල, Gampaha, Education | by Vikalpa_N
තොප්පිගල ජය සැමරුම
තොප්පිගල ජයග්‍රහණය සැමරීම සදහා රජයේ පාසැල්වල උත්සව සංවිධානය කළ යුතුයැයි රජය අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබුණා. ඒ ඒ පාසැල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තම තමන්ට පුළු පුළුවන් විදියට උත්සව සංවිධානය කළා.
මම මීගමුව ප්‍රදේශයේ පාසැලක ආපන ශාලාවක් පවත්වාගෙන යනවා. ඒ නිසා ඒ පාසලේ පැවැත්වූ තොප්පිගල ජය සැමරුම් උත්සවයට මමත් ඔලුව දැම්මා. ප්‍රධාන දේශනය බාරවි තිබුණේ පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරු මහත්මයෙකුට. එතුමා පැවැත්වූ දේශනය කිසිසේත්ම දරුවන් අසා සිටිය යුතු එකක් නෙමෙයි කියා මට සිතුණා. යුද බිමේදී සිංහල සොල්දාදුවන් වෙඩි වැදී ඇද වැටෙන හැටිත් එල් ටී ටී ඊ ය සිංහල සොල්දාදුවන්ට වද දෙන හැටිත් ඇසින් දුටුවා සේ විස්තර කරමින් ඔහු කතා කළා. ඔහුගේ අරමුණ වූයේ දරුවන් තුළ දෙමළ යයි කියන හැමදෙනා පිළිබදවම වෛරී හැගීමක් ඇති කරවීමයැයි මට සිතුණා. මගේ ඇග හිරි වැටුණා. අහිංස …
August 16, 2007 at 9:19 am · Categories: Peace and reconciliation, සිංහල, IDPs and refugees, Human Rights | by Vikalpa Admin
සුනන්ද දේශප‍්‍රිය
මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යල ආචාර්්‍යවරු (යාපනය* යන එකතුව එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් නොවේ. එහි නායිකාවක වූ වූ රාජිනී තිරාණාගම මරා දමන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසිනි. එල්ටීටීඊයෙන් එල්ලවන මරණ තර්ජන නිසා එහි වත්මන් ප‍්‍රධානීන් වන ආචාර්්‍ය ශී‍්‍රධරන් සහ ආචාර්්‍ය රාජන් හූල් ජීවත්වන්නේ සහමුලින්ම වාගේ රහසිගතව ය.
ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධය පිළිබඳව වඩාම නිර්පාක්ෂික වාර්තා ඉදිරිපත් කරන එකතුවක් වන්නේ එය යි. එහි වාර්තා පුළුල් අන්තර්ජාතික පිළිගැනීමකින් යුතු ය.
2007 අගෝස්තු දාතමින් එය විසින් ප‍්‍රකාශයට පත්කර ඇති වාර්තාව නැගෙනහිර තත්ත්වය ගැන ඉදිරිපත් කරන මෙම අදහස් වැදගත් වන්නේ එනිසා ය. මෙරට සිංහල පුවත්පත් බොහෝ කොට පළකරන්නේ මෙම එකතුවෙහි වාර්තාවන්හි එන එල්ටීටීඊ විරෝධී කොටස් පමණකි. දෙමළ පුවත්පත් මෙම වාර්තාවන්ට කිසිදු ප‍්‍රචාරයක් දෙන්නේ නැත.
“ආණ්ඩුව නැගෙනහිර ජයග‍්‍රහණය ගැන ප‍්‍රීති උත්සව පවත්වන්නේ තීරණාත්මක යුද්ධමය සහ දේශපාලන අස්ථාවරත්වයන් …
August 15, 2007 at 4:26 pm · Categories: සිංහල, Gampaha, Life quips | by Vikalpa_R
අද නං ෙසාරිම තමයි…
අපි කට්ටියම නිදි අෙප් ෙසන්ටර් ඒෙක්. දැනට මාස ෙදකකට විතර ඉහතදි. ඒකපාරටම සද්දයක් අාවා.
ඩුම්…
මම බැලුවා ෙවලාව. රෑ 12ත් පහුෙවලා. අාෙයමත් අාවා අර සද්ෙද. ඩුම්…අපි දැම්ම ගුවන් විදුලි යන්ත්‍රය.ෙම් ෙවද්දි අෙප් ෙසන්ටර් ඒෙක් කසු කුසුව.ෙකෙනක්කිව්වා කටුනායක ඒයාෙපා්ට් ඒකට ෙකාටි ගහනවලු. ඒෙහන් ෙමෙහන් ප්ෙල්න් යනවා අැෙහනවා. මම ගැෙහනවා දඩ දඩ ගාලා.ාමාකද මම ටැමිල්ෙන…අෙප් අය කතා තළා හදිසි අැමතුම් න් අංංශයට. ඒෙහන් කිව්වා කතාව අැත්ත ඒයාෙපා්ට් ඒකට ගහනවා කියලා. ඒ් ඒක්කම බයික් ඒකක් යනවා අැහුණා මහ සද්ෙදං රූං ගාලා. මම තවත් බය වුණා මම කට්ටියට කිව්වා අද නං ෙසාරිම තමයි කියලා.ඒදායින් ඒ ප්‍රශ්ෙන ඉවරයි. ඒ්ත් අෙප් ඒවුන් මාව දැක්කම අද දවෙසත් මට කියන්ෙන අද නං ෙසාරිම තමයි කියලා…
ගාමිණී වීරෙකා්න්.
මීගමුව
« Previous entries ·
Next entries »