vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for September, 2007

පදවිය වැවේ කදුලු……

padaviya-photo-1.jpg
පසුගිය දිනක අපි පදවියට ගියා. මිතුරන් කිහිප දෙනකු මුණ ගැහෙන්න. මාර්ග සියල්ල අබලංවෙලා. අර වගේ ඒවා මේවගේ පොඩි පාරවල්වල ගියාහම මේවා ඉතුරු වෙයිද..? මගේ මිතුරෙක් විශාල හමුදා වාහන පෙන්වමින් කියයි. මේ පාරවල්, ඒ වගේ බරවාහන යන්න හදපු පාරවල් නෙමේ. සාමාන්‍ය වාහන යන්න හදපුවා. ඒත් අද ඒවායේ වැඩිපුරම යන්නේ හමුදා වාහන.
පදවිය කියන්නේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. එක් පැත්තකින් යුද්ධය මේ දුෂ්කර කම සිය දහස් ගනනකින් වැඩි කරලා. ඒවායේ ජීවත්වෙනවාට ඒ මිනිසුන්ට තෑගි දෙන්න ඕන. ඒ තරමටම ඒ ජීවිතේ දුෂ්කරයි. ඒත් තවම ඒ මිනිසුන්ගේ හදවතේ මනුස්සකම පිරිලා තියනවා. ඒ සොබාදහමට ඒ මිනිසුන් තවමත් ආදරේ හිංදා වෙන්න ඇති. සොබාදහමින් බොහොමයක් ඔවුන් ඉගෙන ගන්නා හිංද වෙන්න ඇති.
පදවියේ ඈත ගමක තණ බිස්සේ අපි අපේ මිතුරන් සමග කතාකර කර ඉන්නකොට ඒ …

மரணங்கள் மலிந்த தேசம்

எமது தேசம் மரணங்கள் மலிந்த தேசமாக ஆகிவிட்டது. முனித உயிர்களின் மதிப்பு தேய்பிறையாக தேய்ந்து கொண்டிருக்கும்போது விலைவாசி எவரெஸ்ட் சிகரத்தை தொட்டுக்கொண்டிருக்கிறது.
இங்கு பல மனிதர்கள் மனித நேயத்தை‚ மனிதாபிமானத்தை மறந்து மிருகமாக வாழ்ந்து கொண்டிருக்கிறார்கள்.
நீர்கொழும்பு – வெலிஹேன பிரதேசத்தில் அண்மையில் நடந்த சம்பவம் ஒன்று மனிதன் மிருகமாக வாழ்ந்து கொண்டிருப்பதற்கு சிறந்த உதாரணமாகும்.
அந்தச் சம்பவம் என்ன?
தனது ஆசை நாயகியை கொலைசெய்து ஒருவருக்கும் தெரியாமல் வீட்டின் பின்னால் குழி தோண்டி புதைத்து வைத்த பாதகன் ஒருவன் அகப்பட்டுக் கொள்கிறான். பெண்ணின் சடலம் புதைக்கப்பட்டு 5 தினங்களின் பின்னர் பொலிஸாரால் மீட்கப்படுகிறது.
இக்கோரச் சம்பவம் நீர்க்கொழும்பு – வெலிஹேன கிராமத்தின் அடிக்கண்டிய என்ற இடத்தில் இடம்பெற்றது. தனது முதல் மனைவியை வெளிநாட்டுக்கு அனுப்பிவைத்து விட்டு ஆசை நாயகியுடன் வாழ்ந்துகொண்டிருந்த கொலைக்குற்றம் புரிந்த சந்தேக நபரான வனசிங்க ஆராய்ச்சிகே மனுவல் பிரான்ஸிஸ் (வயது-48) என்பவர்‚ பின்னர் ஆசை நாயகியான மஹாமாலிகே கிரிஸ்டின் சியாமளியையும் (வயது-42) வெளிநாட்டிற்கு பணிப்பெண்ணாக அனுப்பி வைக்கிறார்.

article-photo.jpg

தோடர்ந்து ஆசை நாயகியின் மகள் ஒருவருடனும் தொடர்பு வைத்துக்கொள்கிறார். …

තමන්ගේ වල තම අතින් කපා නො ගැනීමේ දේශපාලන කලාවකට …

අනාදිමත් කාලයක සිට ලංකාවේ පුරවැසියෝ කටයුතු කර ඇත්තේ ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් සහ දුර දක්නා නුවණිනි. එසේ නම් අපගේ දේශය මේ තරම් දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇත්තේ මන්දැයි කෙනෙකූගේ සිත තුළ කැකෑරෙන පැනයක් ඇති විය හැක. අද වන විට යම් පමණක හෝ අස්වැසිල්ලකින් යුතුව මොහොතක්වත් ගත කිරීමට මෙහි වෙසෙන්නන්හට අවකාශයක් ලැබී ඇත්තේ එම පුරවැසියන් අතළොස්සගේ කි‍්‍රයාකලාපයන් නිසා බව එ ලෙස පැනයක් උපදවා ගත්තවුන්හට, වටහා දීම වටී. මෙ රට වෙසෙන ඡුන්ද දායකයෝ බහුතරයකගේ මතයෙන් පුරවැසියෝ අතළොස්සකගේ මතය යටපත් කිරීමට සමත් වූ නිසා රට මේ තරම් අගාධයකට වැටී ඇති බව වටහා ගැනීම එම කාර්යය යි.

එසේ නම් පුරවැසියා හා ඡුන්ද දායකයා යනු දෙදෙනෙකි. පුරවැසියා නිකමෙක් නොවේ. ඔහු හෝ ඇය හෝ කාර්යයන් රැුසක නිති නියැළෙන්නේ ය. ඒවා ආත්මාර්ථය පිණිස නොව පරාර්ථය පිණිස …

සෝමවංශවාදය සහ එහි අවසානය

2087somawan1.jpg
ජනතා විමුක්ති පෙරමුණට සිය පැවැත්ම සඳහා උග්‍ර අරගලයක නිරතවීමට සිදුව ඇති බව පැහැදිලිය. පාර්ලිමේන්තුවාදයෙන් ගොඩයාම සඳහා 1994දී ගනු ලැබූ තීරණය විසින් එහි සියළු විප්ලවකාරී ගූණයන් අහෝසිකර දමා තිබේ. කල්දමන ලද සහ මගහැර ගිය සැබෑ ප්‍රතිරෝධයන් වඩාත් තියුණු ලෙස මතු වෙමින් පවතී. ක්‍රමය විසින් අවශෝෂණය කරගත් දේශපාලන මතවාදයක් සහ ව්‍යුහයක් නඩත්තු කිරීම සහ ක්‍රමය විසින් සංතෘප්ත කළ නොහැකි දේශපාලන බලවේගයන් මත සිය ආධිපත්‍යය පවත්වාගෙන යාම අතර ප්‍රතිරෝධය ජවිපෙ මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රතිරෝධයයි. සිංහල බෞද්ධ අධිපතිවාදය තුල ගිලී යාම හේතුවෙන් දෙමළ ජනතාවට එරෙහි රාජ්‍ය මර්දනයට සහාය පල කිරීමට ජවිපෙයට සිදුව ඇති අතර අනෙක් අතට තමන් නියෝජනය කරන බලවේගයේ ආර්ථික අරගලය සහ එය මත දියත්ව ඇති රාජ්‍ය මර්දනය අතර ජනතා විමුක්ති පෙරමුණ සිරව සිටී.

හදිසි නීති …

පස්සර කාංචනා කුරුණෑගල සඳුනි

2007 අ. පො. ස උසස් පෙළ විභාගයට පෙනි සිටීමට ගිය පස්සර කාංචනා දුෂණය කර මරා දැමුනේ පසුගිය අගෝස්තු 20 වෙනිදාය. මේ සිදුවීම දැනගත් වෙලේ පටන් මා රිදවුයේ සදුනි ගැන මතකයයි.

සදුනි මා හට මුණ ගැසුනේ 10 වසර පංතියට ගිය අවස්ථාවෙිදිය. ඇගේ මව මිය ගියේ සදුනි ඉපදීමෙන් පසු අධික ලෙස රුධිරය වහනය වීමෙනි. එතැන් පටන් ඇය රැකබලා ගන්නේ පුංචි අම්මා විසිනි. (තාත්තා පසුව කසාද බැන්ඳ බිරිද) සදුනිට සිටියේ වැඩිමල් අක්කා කෙනෙකු පමණි. පවුලේ මේ සිවු දෙනා පුංචි ගෙයක් සාදා ගෙන ජිවත් වුයේ කුරුණෑගලට සැතපුම් 05ක් පමණ දුරිනි. පියාගේ රැකියාව වුයේ රියදුරු වෘත්තියයි. තමාගේම වාහනය පැදවූ වු පියා 2005 වසරේ කුරුණෑගල රථගාලෙන් කුලියට ගමනක් යාම සඳහා පිටත් වුවත් ආපසු පැමිණියේ නැත.

මංකොල්ල කල්ලියක් විසින් වාහනය පැහැර ගෙන ගිය ඔහුගේ …

මර්වින් සිල්වා - සිරස සහ අපි

ඊයේ රාත්‍රී 9.30 වන විට මා සියලු වැඩ අත්හැර සැදී පැහැදී සිටියේ ට්වෙන්ටි-20 ක්‍රිකට් ලෝක කුසලානයේ ආරම්භක තරඟය නැරඹීමේ දැඩි අදිටනිනි. අවාසනාවකට මෙන් මෙම තරඟ මාලාව විකාශය වන්නේ සිරස නාලිකාවෙනි. මා එය අවාසනාවක් ලෙස සලකන්නේ පන්දු 5 කට සීමා වන පන්දු ඕවරයක් හෝ පන්දු ගණනට වඩා වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් නැරඹීමට සිදුවන නිසා නොව ක්‍රිකට් තරඟය අතරවාරයේ දී ප්‍රචාරය වන සිරස කොම්පැණියේ දේශපාලන පුරුෂාර්ථයන් දෙස බලා සිටිය නොහැකි බැවිනි. මැච් එක නිසා එකී ගුවන් කාලයේ දී විකාශය වීමට නියමිතව තිබුණු ටෙලි නාට්‍යයක්, දිනකට දෙවරක් වෙනත් වේලාවන්වල දී විකාශය වන බව සඳහන් කරමින් නිතර නිතර ප්‍රචාරය වන නිවේදනය දකිත්දී, එකී නාට්‍යය ප්‍රචාරය නොවීමෙන් ජනතාවට වන පාඩුව කොතෙක්දැයි සිරස ගණන් බලන ආකාරය මට සිතාගත හැකිය.

ඒ හැරුණු කොට ඊයේ මැච් එක අතරවාරයේ …

කාංචනා සීගිරි ළඳක්ද?

kanchana.jpg කාංචනා…සමාජය වෙළාගත් බිහිසුණුබවේ තවත් ගොදුරක්

මම කලුයි ලු ….!

මම….
උපදින විටත් කලුයි
වැඩෙන විටත් කලුයි
ඉර එළියෙදීත් කලුයි
බිය දැනුන විටත් කලුයි
අසනීප වූ විටදීත් කලුයි
මිය ගිය විටදීත් මම කලුමයි..
එහෙත්…සුදු නුඹලා..
උපදින විට රෝස යි
වැඩෙන විට සුදු යි
ඉර එළියට රතු යි
සීතලට නිලු යි
බිය දැනුන විට කහ යි
අසනීප වූ විට කොළ යි
මිය ගිය විට අලු යි
එහෙත්….
නුඹලා මට වර්ණ යයි කියයි…..!

එක්සත් ජාතීන් විසින් 2006 වසරේ හොදම කවිය ලෙස නිර්දේශිත මෙම කවිය අප්‍රිකාණු දරුවෙකු විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද්දකි.

අනුවාදය - රසික පෙරේරා

« Previous entries · Next entries »