vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for October, 2007

තේ විරාමය

පළමු සෙමෙස්තර විභාගය අවසන් වී විශ්ව විද්‍යාල ආපන ශාලාවට ගියේ තේ එකක් බොන්න. අපේ කලා පීඨයේ ආපන ශාලාවේ පසුගිය ටෙන්ඩරය අවසන් වෙලා දැන් එය පවත්වාගෙන යන්නේ වෙනත් පිරිසක්. තේ බොන්න හැමෝම එකතු වෙද්දි අපේ ශිෂ්‍ය සංගම් නියෝජිත සහෝදරයාගෙන් මම ඇහුවා ඇයි මාලිංගට ටෙන්ඩරය ලැබුණේ නැත්තේ කියලා. මාලිංග තමයි පසුගිය වසරේ ආපන ශාලාවේ ජනප්‍රියම චරිතය. ඔහු බොහෝ වෙලාවට කටයුතු කළේ ආපන ශාලාවේ මුදල් අයකැමි විදියට. මම අහපු පැනයට ශිෂ්‍ය සංගමයේ නියෝජිත සහෝදරයා මෙහෙම පිළිතුරු දුන්නා.

‛‛මාලිංගගේ නමින් ටෙන්ඩරය දාලා තිබුණට ඒක අයිති දෙමළ කෙනෙකුටලු. කැම්පස් එක තියෙන්නේ අධි ආරක්ෂිත කළාපයේ හින්දා දෙමළ කෙනෙක්ට ටෙන්ඩර් එක දෙන්න බෑ කියලා තමයි කියන්නේ.’’

පසුගිය වසරේදී ආපන ශාලාවේ සේවය කළ සියළුම ද්‍රවිඩ ජාතිකයින් සේවයෙන් ඉවත් කලේ ද විශ්ව විiලයේ කලා පීඨය අධි ආරක්ෂිත කළාපයක් නිසා. …

පුරවැසියකුගේ සටහන් - ඇමෙරිකා සවාරිය සහ මානව හිමිකම්

ඇමෙරිකා සවාරිය සහ මානව හිමිකම්

ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය පිලිබඳ මේ කරුණු අලූත් ඒවා නොවේ. නමුත් සිංහල පුවත්පත් විසින් සිය පාඨකයින්ගෙන් සඟවන ප‍්‍රසිද්ධ කරුණු ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද ගිය නිව්යෝක් ගමනට එක්වූ පරිවාර සෙනඟ කොපමණ දැයි හරියට සොයා ගැනීමට කිසිඳු පුවත්පතක් සමත් වූයේ නැත. සාමන්‍ය ගනන 65ක් තරම් විය.

ඒ අතර ජනාධිපතිවරයාගේ කණ්ඩායම 35 පමණ වූ අතර ඉතිරි පිරිස ජනාධිපති ආර්්‍යාවගේ සහ විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමගේ කණ්ඩායම් වලට අයත් වූහ.

නිවියෝක් නගරයේ දී ජනාධිපති ප‍්‍රමුඛ සංචාරක කණ්ඩායම නවාතැන් ගත්තේ උසස් පංතියේ හෝටලයක් වන රිට්ස් කාල්ටන් හෝටලයේ ය. එහි සාමාන්‍යය කාමරය දිනක මිල රුපියල් 100,000ක් තරම් ය.

පුවත්පත් වාර්තා පෙන්වා දෙන පරිදි මේ පිරිසෙන් වැඩි දෙනෙකු එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි සිටිනු දක්නට ලැබුනේ නැත. ඥාතීන් හමු වීම වැනි සිය පුද්ගලික කාරණා උදෙසා …

වෘත්තීය අයිතීන් මර්ධනයට එරෙහි උද්ඝෝෂණය


රජය මගින් වැඩවර්ජනය කිරීමට වෘත්තීය සමිති වෙත ඇති අයිතිය මර්ධනය කිරීමට අධිකරණය යොදාගැනීමට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති ‍එකතුව මගින් අද(ඔක්තෝබර් 3)දහවල් කොටුව දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූවා.උද්ඝෝෂණයට සහභාගීවුවන් කිහිප දෙනෙකු විකල්ප සමග දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයක් ඉහත දැක්වේ

War makes Hell for Children

A child means every human being below the age of 18 years. Children have rights as adults. Unfortunately these rights violate by the society which create and rule by adults. Children do not commit wrongs. That is one reason why we call them children.

In Sri Lankan society, on going war has established a hell for children. The convention on the rights of the child adopted by the General Assembly of the United Nations in 1989. Sri Lanka is a state party to this convention. The children in the North and the East have faced various difficulties.

The most aggrieved parties in this ethnic conflict are women and children. Article 38 of the UN convention said …

வானளாவ உயரும் வாழ்க்கைச் செலவு

Price hike for bread
“வாழ்க்கைச்செலவு மக்களால் தாங்கிக்கொள்ள முடியாத அளவுக்கு அதிகரித்துக் கொண்டே போகிறது. நான் எதிரணியில் இருந்திருந்தால் வீதியில் இறங்கி ஆர்ப்பாட்டம் செய்திருப்பேன்.” - இவ்வாறு தெரிவித்திருந்தார் ஒரு முக்கிய அரசியல்வாதியொருவர். யார் என்று சொல்லி விடுகிறேன். நமது ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷதான். இப்போது அல்ல பிரதமராக பதவி வகித்தபோது தெரிவித்திருந்தார். இவரின் இந்தக் கருத்து‚ கூற்று மக்களுக்கு மறந்திருக்கலாம். ஆனால்‚ எமக்கு நன்றாக ஞாபகத்தில் இருக்கிறது.
அத்துடன்‚ ஜனாதிபதியாக பதவியேற்றவுடன் தனது முதலாவது உரையிலேயே‚ “மக்களின் பிரச்சினைகள் குறித்து எனக்கு தெரிவிக்க ஆலோசகர் ஒருவர் தேவையில்லை. ஏனென்றால்‚ நான் அடிமட்டத்திலிருந்து அனைத்தையும் அறிந்த அரசியல்வாதியாகும்’’ என்று தெரிவித்திருந்தார். ஆனால்‚ இப்போது என்ன நடந்திருக்கிறது. முன்னென்றும் இல்லாத அளவுக்கு அத்தியாவசிய பொருட்கள் முதல் அனைத்து ஆடம்பரப் பொருட்களின் விலையும் அதிகரித்துள்ளது. சாதாரண மக்களின் பிரச்சினைகளை தெரிந்து‚ அறிந்து‚ புரிந்துகொண்ட இலட்சணம் இதுதானா?
எரிபொருள் விலை அதிகரிக்கப்படவிருக்கிறது என்று எதிர்க்கட்சித் தரப்பு ஒரு குண்டை போட்டிருந்த போதிலும் யாரும் எதிர்பார்க்காதவாறு மாவின் விலை 13 ரூபாவால் அதிகரித்தது. 51 ரூபாவாக இருந்த மாவின் …

රූපවාහිනී සභාපතිට එරෙහිව මාධ්‍ය සංවිධාන උද්ඝෝෂණයක..

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකවරුන්ගේ වෘත්තිය ගරුත්වයට හා අයිතිවාසිකම්වලට හානිවන අයුරින් පරිපාලනය විසින් සිදුකරන කටයුතු නතර කරන සේ ඉල්ලා ලිපියක් බාරදීම නිසා එම සංගමයේ සභාපති ඇතුලු මාධ්‍යවේදීන් සිව්දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය පා මාධ්‍ය සංවිධාන හා රූපවාහිනී සංස්ථාවේ සේවකයින් අද (ඔක්තෝබර් 2) රූපවාහිනී සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූවා.
ආයතනය පිළිබදව එහි වෘත්තීය සමිතියක් විසින් එවන ලද නිල ලිපියකට ප්‍රතිචාර වශයෙන් සමිති ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් අනිවාර්ය නිවාඩු යැවීම එම මාධ්‍යවේදීන්ගේ මූලික මානව හිමිකමක් කෙළසීමක් බව උද්ඝෝෂකයින් ප්‍රකාශකර සිටියා.එසේම ආයතනයේ අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත්කරන ලද අදහස් පිළිබදව නිසි සාකච්ඡාවක් කරනු වෙනුවට පළිගැනීම මගින් ප්‍රශ්න විසදීමට තැත් නොකරන ලෙසත්,අනිවාර්ය නිවාඩු යවා ඇති මාධ්‍යවේදීන්/නිෂ්පාදකවරුන් වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් උද්ඝෝෂකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

ඉහත දැක්වෙන්නේ එම …

අමතකව ගිය කවියක් …

Kalady Bridge
මඩකළපු සඳ
කොළඹට පෙනෙනවද
සඳ ගෙනෙන කවිපද
සවනට ඇසෙනවද

මෙ කල්ලඩි පාළම
තුරුණුය තවම නිහඩය
යනෙන වාහන එළි
මුනිවත බිඳින අරුමය

ගීත අමතක වුණ
මීන කැළ තැන තැන
කළපු රළ ගෙන එන
ශෝක පද මුමුණන

සඳවතට මතකද
කොළඹ ගිය හදවත
කිඹුළු ඇල කෙළවර
කඳුළු නොසැලුව නෙත

සමනොල කන්ද කොතැනද
කරුණා කරන්නට
ඉරිමා හිමිදිරක
සිරිපා සිඹින්නට

නවෝදය දොරකඩ
සදා ගනඳුර ම ද
සඳේ එළි බිඳකුදු
බෙදා ගත නො හැකි ද ….

මංජුල වෙඩිවර්ධන

ඉකුත් සැප්තැම්බර් 29දා කල්ලඩ් පාලම පාමුලදී සිවරාම් සිහිවී ලියවුනු කවියකි.ඔහුගේ ඝාතනය පිළිබද සංවාදය අද කොළඹට අමතකවී යාම පිලිබදව මෙයින් ප්‍රශ්න කෙරේ.


Vikalpa Newsletter #3 Tamil

Vikalpa Tamil Newsletter #3

The 3rd issue of the Vikalpa newsletter in Tamil. Please download here.

« Previous entries · Next entries »