vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for November, 2007

මාධ්‍යට ගිනි නොතබනු ….!

ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ මුද්‍රණාලයට ගිනි තැබීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද(නොවැම්බර් 23) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. දිනෙන් දින ඉහළ යන මාධ්‍යට එරෙහි මර්ධනය, පැහැරගෙනයාම් හා අතුරුදහන් කරවීම් නවතන ලෙසටත් මාධ්‍ය නිදහසට ඉඩදෙන ලෙසටත් උද්ඝෝෂකයන් එහිදී ආණ්ඩුවට බලකර සිටියා.මෙම විරෝධතාවයට මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගීවී සිටියා. ඉහතින් දැක්වෙනුයේ උද්ඝෝෂනයේ අවස්ථා ඇතුළත් විඩියෝ පටයයි.


ප්‍රේමයයි,වෛරයයි ….!

gayanee-con-1.jpg මියගිය ලක්මිණී සෙනෙවිරත්න(ගයානී) …

පාසල් දරුවන්ට වෘත්තීය පුහුණුව කවදාද?

පසුගිය බදාදා පාසැලේ පස්වැනි කාලඡේදයේ 7 වසරට තිබුණේ ජීවන නිපුණතා. එදාට කරන්න තිබුණෙ වෘත්තීය සංවර්ධනය කියන අන්තිම පාඩම. පාඩමට ප්‍රවිශ්ඨයක් විදියට මා පංතියේ දරුවන් පනස් දෙනාගෙන් ප්‍රශ්නයක් ඇහුව.

ඔයාල කරන්න කැමති රැකියාව මොකක්ද?

දරුවන් මේ විදියට පිළිතරු දුන්න.

29 දෙනෙක් වෛද්‍ය වෘත්තිය.
10 දෙනෙක් ඉංජිනේරු.
2 ක් ගුරු වෘත්තිය.
2ක් නීතීඥ
2 ක් ගුවන් නියමු.
5ක් ආරක්ෂක සේවය.

පාසැල් යන ඕනෑම දරුවකුගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් අපට ලැබෙන්නෙ මීට සමාන පිළිතුරු.

මෙයින් පැහැදිලි වෙන්නෙ පාසැල් වල ඉගෙන ගන්නා දරුවන් තුළ රැකියා පිළිබද තිබෙන ආකල්පයයි. මේ ආකල්පය සමාජය පුරා ඇති කර තිබෙන්නෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයෙන්. දැනට අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වසර හැටක් පමණ තිස්සේ උත්සහා දරා ඇත්තේ උගතුන් බෝකිරීමටය.

මා දරුවන්ට ඊළග ප්‍රශ්නය යොමු …

සැහැසි දනව්ව

ශාලාවෙන් බාගයකටත් වැඩිය සෙනඟ ඇවිදින්, ඉස්සරහ පේළියෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, ජයසේකර අපොන්සුත් වාඩි වෙලා හිටියා. ජයලත් මනෝරත්නයනුත් ටික වෙලාවකින් ඇතුලට එනවා දැක්කා.හරියටම හත වෙද්දි තුන් වන සීනුවත් වැදුනා.මුළු ශාලාවම අදුරෙ ගිලෙද්දි ලුම්බිණි වේදිකාවෙ මන්දාලෝකය මැද්දෙ ගැහැණියකුත් පිරිමියෙකුත් පමණක් දර්ශනය වෙන්න පටන් ගත්තා.

මීයට පිම්බාක් වැනි වූ ශාලාව ඇතුළෙ ටිකෙන් ටික කොළඹින් හුඟාක් ඈත කදුරුවෙලිනුත් එහා අරලගංවිල මායිමට අපි හැමෝම අරගෙන ගිහින් දාල කියල තේරෙන්න පටන් ගත්තා.කොටි කටේ ඉන්න අරලගංවිල චන්ද්‍රාලෝක ලොකු හාමුදුරුවොත්, තමන්ගෙ දෙමව්පියන් මරල දානවා ඇස් දෙකෙන්ම දැක්ක, කතා කරන්න බැරි පුංචි සිරිමලුත්, සැමිය හිරේ ගියාට පස්සෙ ජීවිතේ ගැට ගහ ගන්න උත්සාහ දරණ නන්දාත්, පණ දුන්නෙ අපේම ජීවිත වල අංශු මාත්‍රයකට නේද කියල හැමෝටම හිතෙන්න ඇති.

තමන්ගේ එකම දරුව අසනීප වෙලා කදුරුවෙල ඉස්පිරිතාලෙට ගෙනියන්න …

Vikalpa Newsletter #4 - Tamil

Newsletter Tamil

The 4th issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.

Vikalpa Newsletter #4 - Sinhala

Vikalpa Newsletter

The 4th issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.

අයවැය ගැන මහජනයා….!


පසුගිය 7වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ 5 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.සාමාන්‍ය ජනතාව ඒ පිළිබදව දැක් වු අදහස් ඉහත විඩියෝ පටයෙන් දැක්වෙයි.

අනේ සර් අනුකම්පා නොසිතේද?…

කොළඹ බදුල්ල මහා මාර්ගයේ ධාවනය වන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ලම දියතලාව හරහා ධාවනය වෙයි.
මේ බස් රථ දියතලාව හමුදා කදවුර අසල තිබෙන (මිනින්දෝරු හන්දියේ) මාර්ග බාධකයේදී හමුදාව විසින් පරීක්ෂාවට ලක්කරයි. මෙිදී මගීන් බසයෙන් බැසිය යුතු අතර පරීක්ෂාවට ලක් කරනු ලැබීමෙන් පසු නැවත බසයට නැගිය හැක්කේ ටිත දුරක් පයින් ඇවිදගෙන ඉදිරියට යාමෙන් පසුවයි. සාමාන්‍යයෙන් අසනීප තත්ත්වයේ පසුවන අයට බසයෙන් බසින්නට බල කෙරෙන්නේ නැත. මෙහිදී තරුණ හමුදා නිලධාරීන් බසයට නැග අසනීප අයගේ හැදුනුම්පත්සහ ගමන් මලු පරීක්ෂා කරති.

එහෙත් මැදිවියේ පසුවන එක්තරා හමුදා නිලධාරියෙකු බෙ‍ාහෝ දිනවලදි මේ පරීක්ෂණ මුරපොළේ සේවයට යොදවා සිටිනු ලැබෙයි. ඔහුගෙන් නම් කොයිතරම් අසාධ්‍ය රෝගියෙකුට වුවත් බේරුමක් නැත. ඔහු රෝග නිදානයේ සිට සියලු දේ විමසන්නේ නුරුස්නා හඩකිනි. පසුව ‘’තමුසෙට ‍ෙලාකු අසනීපයක් නැහැනෙ..” කියමින් රෝගීන්ව බසයෙන් එලවා දමයි. කුඩා …

« Previous entries · Next entries »