vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for November, 2007

රටම අඳුරේ ගිල්වන නොරොච්චෝලේ තාප විදුලිය

මහින්ද රාජපක්ෂ රජයේ මානව හිතවාදී වෙස් මුහුණ යටින් ඇති සැබෑ යක්ෂ ප්‍රතිරූපය මේ වන විට රටට නිරාවරණය වෙමින් තිබේ. මෙය වඩාත් හොඳින් දැක ගැනීමට නම් මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ සංචාරය කළ යුතුය. 1990 දශකයේ සිට බලයට පැමිණි විවිධ රජයයන් විසින් සෑදීමට උත්සාහ ගනිමින්, පසුව අතහැර දමමින් පැවති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කෙසේ හෝ ඉදි කිරීමට කැස කවන රජය ඒ සඳහා ගත හැකි සියලු පියවර ගනිමින් සිටි.

පැවති රජයයන් සියල්ල අභිබවා යන දැවැන්ත මර්දනයක් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කරවමින්, සියලුම රාජ්‍ය බලයයන් යොදවමින් කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරිමේ උත්සාහයක රජය මේ වන විට යෙදී සිටි. තමන්ගේ ඉඩම්, ජීවිකාවන් හා ගම්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා වසර 10 කට අධික කාලයක් පුරා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ ජනතාව ගෙන ගිය අරගලය …

විමුක්ති කොටි සංවිධානයේ සුන්දර සිනහව මිලින වූ පසු …

අවස්ථාවක් ලද සැණින් සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීම, ගරිල්ලා සංවිධානයක ස්වභාවය යි. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන සැලසුම්වලට අමතරව හදිසියේ එළැඹෙන ඕනෑම අවස්ථාවක් සිය වාසිය පිණිස යොදා ගැනීම එහි උපක‍්‍රමික භාවය යි. සිය නායකත්වයේ සිට බිම් මට්ටම දක්වා ඕනෑම සමාජිකයෙක් එ් වෙනුවෙන් කැපකිරීමේ හැකියාව සංවිධානාත්මක හා විනය ගරුක ගරිල්ලා සංවිධානයකට හිමි ය. ලොව ප‍්‍රබලතම ගරිල්ලා ව්‍යාපාරය සේ සැලකෙන දමිළ විමුක්ති කොටි සංවිධානය එ් අතින් ඉහළ තලයක සිටින බව ඊට විරුද්ධ හා පක්ෂ සෑම දෙනාම පාහේ පිළිගන්නා කරුණකි. එ බැවින් තමිල් චෙල්වම් යනු ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් දිවි කැප කළ තවත් එක් සගයෙක් පමණක් වීම ද පිළිගත හැක. එහෙත් ඔහු දේශීයව මෙන්ම විදේශීයව ද විමුක්ති කොටින්ගේ ප‍්‍රතිරූපය බඳු සුවිශේෂී පුද්ගලයෙක් වීම සැලකිල්ලට ගත යුතුම ය.

රටක බහුතරය යුද …

මාධ්‍යට අත නොතබනු……!


media-picket-1.jpg

මාධ්‍යවේදීන් ඝාතනය,පැහැරගෙනයාම,බියවැද්දීම හා මාධ්‍ය මර්ධන අණපනත් පැනවීමට එරෙහිව මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය විසින් අද (නොවැම්බර් 06) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල විශාල පිරිසක් මෙ සදහා සහභාගිවී සිටියහ.මෙහිදී ඔවුන් රජයට බලකර සිටියේ මාධ්‍යට එරෙහිව සිදුවන සියලු මර්ධනයන් හා බියවැද්දීම් නවතා ස්වාධීනව ක්‍රියාකිරීමට ඉඩදෙන ලෙසයි.ඉහතින් දැක්වෙන්නේ එහි විඩියෝ පටයයි.

කෝ ටිකට්…

ko-ticat1.jpg

සම්පත් බණ්ඩාර සමරකෝන්

කෝ ටිකට්…..
අහස් ගැබ කලුවලාවන්ගෙන් පිරී තිබිණි. මොහොතකින් මහා වැස්සක් ඇදහැලෙන්නට විය. වැල්ලවාය තෙලුල්ල මහා විද්‍යාලය අවසන් වී කඩි රැලක් මෙන් ළමුන් දුව විත් බසයට ගොඩවිය. පුද්ගලික බසය ළමුන්ගෙන් පිරී ගියේ ලංකාවේ මගී ප්‍රවාහන සේවාවේ තරම කියාපාමිණි.
ඇයි ඔයාලට සීසන් නැද්ද..?
එක් ශිෂ්‍යාවකගෙන් මම විමසුවෙමි
නෑ තියනවා… ඇයි එහෙනන් මේ බස්වල යන්නේ..?
මේ දවස් ටිකේම මේ වෙලාවට යන ලංගම බස් එක එන්නේ නෑ. ඒ හිංදා මේ බස්වල තමයි යන්නෙ. ඈ මට පිළිතුරු දුන්නා.
වෙල්ලස්සේ උදානය තුළින් මේ ප්‍රදේශවල අලුත් බස් නැවතුම් පොළවල් ඉදිවිය. ඒවා වඩා නවීනත්වයෙන් ඉදි කර ඇති බව පෙනෙන්ට විය. සමහර බස් නැවතුම් පොළවල් විවෘත කරන ලද්දේ රාත්‍රි සංගීත සංදර්ශණ ද පවත්වමිණි. ඒවාට විශාල ලෙස මුදල් ද වැය කොට තිබිණ. නමුත් උදානයක …

වධහිංසාව තුරන් කළ යුතුය, තුරන් කළ හැකිය

අතුරුදහන් කිරිම් ර්‍ණ පැහැරගෙයාම් ර්‍ණඅධිකරණමය ක‍්‍රියාදාමයකින් තොරව සිදුකෙරෙන මරාදැමිම් මෙන්ම වධහිංසාවද වහා ශ‍්‍රී ලාංකීය සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය‘

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව තෙවන ලොව බොහෝ රටවල බලයේ සිටින ආණ්ඩු සහ ඒවායේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ‘‘ වධහිංසාව ’’ තම විරුද්ධවාදීන් මෙන්ම අහිංසක දුප්පත් ජනතාව මර්ධනයට යොදා ගනී’ යුද්ධයට සම්බන්ධව සිටින පාර්ශවයන් සියලූ දෙනාම ශ‍්‍රි ලංකාවේ නම් ජනවාර්ගික යුද්ධයේදි ආණුඩුවේ හමුදා සහ සෙසු සන්නද්ධ කොටස් වධහිංසාව එක සමානව භාවිතා කරති‘ මහාචාර්ය සී‘ජී‘ වීරමන්ත‍්‍රි මහතා සිය ‘‘ ෑුම්කසඑහ ්බා ත්‍රුැාදප ’’ කෘතියේ දක්වන ආකාරයට ‘‘ වධහිංසාව ’’ දේශ සිමාවන් නොහදුනයි‘

ශ‍්‍රි ලංකාව සැලකු විට 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වධහිංසාවට පාත‍්‍ර නොවි සිටිමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇති එහි තෙවන පරිච්ජේදයේ 11 වන වගන්තියේ මෙසේ සඳහන් වේ‘ ‘‘ කිසිම තැනැත්තෙකු වධහිංසාවලට හෝ කෲර ර්‍ණ …

මහපොළොව මරා දමා සීනි කවන චින්තනය….!

sevanagal-suger.jpg
දසත පැතිරෙන ඝන අඳුරය. අඳුරු මේඝවලා පිරිවරා සිටි අහස් කුස ගොලුව වේදනාවෙන් දුක දරා සිටින්නාක් මෙනි. හඳපානාගල වැව් තාවුල්ලේ සිට පෙරදා මා වින්දනය කළ සඳ තරු පිරි අහසෙහි සුන්දරත්වය සොරා ගත්තේ කවුරුන්ද..? වැව් ඉස්මත්තේ සිටින මගේ හදවත යම් අඳුරකින් පිරී ඇතැයි මට දැනේ. මී විත දෙතොළ තැවරෙන විට වෙනදා මුවින් නැගෙන ගී පද, කවි සිතිවිලි සිතට නොනැගෙයි. හඳපානාගල වැව් ඉසමත්තේ වල් අලියෙකුට දැමූ වෙඩිල්ලකින් මා සිත අවදිවේ.

බිම්බරක් සෙනඟ ගැවසුනු
චන්ද්‍ර සූර්‍යයා ඉපදුනු
රම්‍ය භූමියේ මනරම්
මාළිගාව කෝ…

සොදුරු මිනිසෙක් වූ ගුණදාස කපුගේ සහෘදයාණන්ගේ ඒ ගීතය පුංචි සහනයක් වෙමින් මා සිත වෙලා ගනියි. මීට වසර කීපයකට පෙර වෙල්ලස්ස බහුජාතික සමාගම්වල යකඩ සපත්තුවෙන් මෙහි ගොවීන් සහ ඉඩම් බේරා ගැනීම සදහා ඔහු ඇතුලු සොදුරු මිනිසුන් එක් වූ සැටි …

« Previous entries ·