vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for December, 2007

යාපනය - සාතන්ගේ නගරය

‛‛යාපනයේදී හමුවෙන හැම මිනිහෙකුටම කියන්න දුක හිතෙන කථාවක් තියෙනව’’

‛‛මම යාපනයට ගියේ අවුරුදු ගානකට පස්සේ. මම කලින් යද්දි පාර ඇරල තිබුන. ඉතින් මං හිතන්නේ යන්න එන්න සෑහෙන්න ලේසියි. මෙ පාර මම ප්ලේන් එකේ ගියාට …

ඇමති වියරුවට එරෙහි මාධ්‍ය සේවක උද්ඝෝෂණය


උද්ඝෝෂණයේ අවස්ථා

වෘත්තීය පත්‍රකළා ෙව්දීන්ෙග් සංගමය උප සභාපති හා රූපවාහිණී නිෂ්පාදක වරුන්ෙග් සංගමෙය් සභාපති කාංචන මාරසිංහ

ඊයේ ( දෙසැම්බර් 27) උදෑසන ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට කඩාවැදුනු කම්කරු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වා මහතා හා පාතාල මැරයන් එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ටී.එම්.ජී.චන්ද්‍රසේකර මහතාට පහරදුන් සිද්ධියට අදාළව ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමත්, මාධ්‍ය ආයතනයකට කඩාපැන මාධ්‍යවේදීන්ට පහරදීමටත් එරෙහිව අද (දෙසැම්බර් 28) ප්‍රධාන මාධ්‍ය සංවිධාන,වෘත්තීය සමිති හා රූපවාහීනී සේවක සංගමය එක්ව රූපවාහීනී සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පවත්වනු ලැබුවා. ඉහතින් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ අවස්ථා හා එහිදී මාධ්‍ය සංවිධාන නියෝජිතයන් දැක්වූ අදහස් ඇතුළත් විඩියෝ පටයි.


කොළඹ හෝටල් වලින් 90% අපිරිසිදුයි

කොළඹ නගරය තුළ ඇති හෝටල් 90% පමණ අපිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂාවට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ.

කොළඹ නගර සභාවේ නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණි මහතා පවසන පරිදි කොළඹ නගරය තුළ ආහාර පාන අලෙවි සැල් 1115 ප්‍රමානයක් තිබුනද එයින් කොළඹ නගර සභාවේ ලියාපදිංචි වී ඇත්තේ 782 පමණක්බවයි. ලියාපදිංචි වූ හා නොවූ සියලු ආහාර පාන වෙළඳ සැල් මෙම සමීක්ෂණයට භාජනය කළ අතර එයින් 90% ක්ම ප්‍රමිතියෙන් තොර අපිරිසිදු තත්වයේ පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවී ඇත. අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය වෙළද සැල් අතරින් 448 කට මේවන විට නීති මගින් කටයුතු කර දඩ නියම කර ඇතිබවත් අනෙක් පිරිසටත් ලඟදීම …

“පොට්ටුව” අහිමිවීම

මේ බලන්න මම දැන් නලලේ පොට්ටුව තියන්නේ නැහැ. ඒත් මගේ පාට කළු නිසා මං දෙමළ කියල දැනගන්න පුළුවන්නේ, එනිසා බස් එකේදි එහෙමත් බෝහෝ අය මං දිහා සැකෙන් බලන්නේ.

චිත්‍රා කියාගෙන යනව. ඇයගේ මුහුණේ තිබුනෙ අපේක්ෂාවන් බිඳීගිය ස්වරූපයක්. ඇය ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තා ක්‍රියාකාරිණියක්. ඒ විතරක් නෙමේ ඇය කාන්තා අයිතිවාසිකම් පිළිබඳව කාන්තාවන් දැනුවත් කරන සඟරාවක සංස්කාරකවරියක්. මම ඇයව කාලෙක ඉඳන් දන්නව. ඇය තමන් දකින්න ප්‍රාර්ථනා කරන ලෝකය දකින්න බොහෝ වෙහෙස මහන්සිවී වැඩකරන ක්‍රීයාකාරිණියක්. ඇය කොළඹ ඉපදුනු දෙමළ ජාතිකයෙක්. ඇයගේ ඉරණමත් මෙය නම් අනෙක් දෙමළ ජාතිකයන් කෙතරම් භීතියටත් අසරණභාවයටත් පත්වෙනව ඇතිද? ඇය දේශපාලනික නිසා ඇයට මේ තත්වයට මූහුන දෙන්න හයිය තියෙනව ඒත් සාමාන්‍ය ගැහැනුන්ට මේ තත්වය කෙසේ දැනෙනව ඇත්ද? කියා මට හිතා ගන්නවත් බැහැ මොකද 88-89 කාලේ අපේ අම්මල,පුංචි අම්මල …

මානව හිමිකම් දිනයට පසු වදනක් :

‛‛නිරුවත්’’ ත්‍රස්තවාදය

මෙහි
උරුම වූ අහසක් නොමැත
උරා බොන සුළග වුව
අනුන්ගේ වස්තුවක් මෙන් දැනෙයි

කොහොම මා ලියන්නද ගීතයක්
තරු අනූදාහකුත්
නුඹත් අහසත්
අහිමි වූ විටෙක මට………….?

(සෝලෙයික්කිලි/කාහම් කලෙයිත්ත කනවු)

කොළඹ අහස රත් පැහැ ගැන්වී තිබිණි. ලිප්ටන් වට රවුමට ඇතුලු විය හැකි සියලු මාර්ග පොළිස් මාර්ග බාධක යොදා අවහිර කොට ඇත. යුද්ධය පවතින උතුරු නැගෙණහිර හමුදා කදවුරු අසල තිබෙන මුරකපොලු වල දර්ශනය මට සිහියට නැගුනි.

ඔහොමද යකෝ කැරුල්ලකට එන්නේ…
එකවරම සහකාර පොළිස් අධිකාරිවරයාගේ හඬ ගිගුම් දුන්නා. මේ ලෝක මානව හිමිකම් දිනය යෙදුන දෙසැම්බර් 10 වෙනිද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පැවැත්වූ පාගමන අවස්ථාවේ ලිප්ටන් වටරවුමේ සිදුවීම් පෙළයි.

ශිෂ්‍ය උද්ඝෝෂනයට ආසන්නම හේතු වූයේ සබරගමු විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදු කල විරෝධතාවයකදී සිසුන් කිහිප දෙනකු පොළිසිය විසින් …

ජනමාධ්‍ය ඝාතනය -ඇමති සහ වේදය

සුනන්ද දේශප්‍රිය

ජනමාධ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පසුගිය 20දා පුවත්පත් සාකච්ඡාවක කතා කරමින් ජනමාධ්‍යවේදියාට අලූත් නිර්වචනයක් දුන්නේ ය. එනම් ආණ්ඩුවට අනුව ජනමාධ්‍යවේදියා යනු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ජනමාධ්‍ය හැදුනුම්පත ඇති අය පමණක් බව යි. මේ විග්‍රහය අප මේ අසන්නේ පළමු වතාවට ය. ඇත්තටම නම් කණගාටුවෙන් නමුත් කිව යුත්තේ මේ කතාව පෙන්වන්නේ ජනමාධ්‍ය ඇමැතිවරයාගේ සහ ඔහුගේ උපදේශකයින්ගේ නොදැනුවත්කම පමණක් බව යි.

ඒ අනුව විග්‍රහ කරමින් ඔහු කියා සිටියේ පසුගිය වසර තුළ මෙරට ඝාතනය වී ඇත්තේ එකම ජනමාධ්‍යවේදියකු පමණක් බව යි. නමුත් ඔහුගේ නම කීමට ඇමැතිවරයා අසමත් විය. උදයන් පුවත්පතෙහි සේවය කළ සෙල්වරාජ් රජීව්වර්මන් 2007 අෙප්‍රල් 29 දා යාපනයේ දී ඝාතනය කෙරුණි. ඔහු සතුව හෝ 2007 වර්ෂය සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ හැදුනුම් පතක් තිබුනේ යැයි සිතීමට නොහැකි ය. එසේ නොතිබුනේ …

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්….

සුනන්ද දේශප්‍රිය

කියනු! පකිස්තානය !!

පකිස්තාන ජාතික කවියකු වන පායිස් ගේ කළකට පෙර ලියූ මේ වචන මුෂාරප් විරෝධි අරගලය තුල ළෙලදුනි.

කියනු
කියනු, ඔබ දෙතොල් නිදහස් ය
කියනු, දිව ඔබේ ම දිව ය
කියනු, සිරුර ද ඔබේ ම ය
කියනු, ඔබ ජීවිතය තව ම ඔබ සතු ය.

බලනු, කම්හලෙහි වියරුවුනු ගිනිදලු
යදම් රත්පැහැ ගන්වනයුරු
අගුලු සිය හකු විවරකර
සියලු යදම් බිදලනෙනයුරු

කියනු, මේ කෙටි හෝරාව ඇති තරම් දිගුය
සිරුර මියෑදි සහ හඩ නෑසී යාමට පෙර.
කියනු, තවමත් පනැති ඇත්ත,
කියනු, කියනු කවරක් වුවත් කිය යුතු.

පායිස්

ජනතා විමුක්ති පෙරමුණේ සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොන්දේසි විරහිත සහයෝගය නොසළකා ජෙනරල් මුෂාරප්ට පළමුව සිය යුද හමුදා ඇදුම ගැලවීමට ද දෙවනුව හදිසි නීතිය …

බජිරි කෑම

bajery.jpg
හෙළ උරුමයේ බහුජන අංශයක් වන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය දැන් අපට කියන්නේ දෙවන ලෝක යුද සමයේ දී මෙන් දැන් කෙරෙන යුද්ධයේදීත් බජිරි කන්න කියා ය. කොළඹ එය පොස්ටර් අලවන්නේ දැන් බඩ ගැන සිතන්නේ ඇයි ද කියා ය.

පළමුවෙන් ම කිව යුත්තේ බජිරි දැන් සහල්වලට වඩා මිල බව යි. සහල් කිලෝවක් රුපියල් 50- 60 අතර වන අද බජිරි කිලෝවක මිල රුපියල් 90 -110ත් අතර වේ. එය අතුරු කතාවකි. දැන් කතාවට යමු.

හෙළ උරුමය යනු මෙම ආණ්ඩුවේ ලොකු කකුලකි. ඇත්තටම කියනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එක් ප්‍රධාන පෙලේ උපදේශකවරයකු වන්නේ හෙළ උරුම නායක චම්පික රණවක මහතා ය.

ඒ ටික ලීවේ සමිකරණයේ මුල් කොටස තේරුම් ගැනීම පිණිස ය. එනම් මෙරට ජනතාවට බඩ ගැන නොහිතා ආණ්ඩුවට සහාය දෙන්නැයි …

· Next entries »