vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for December, 2007

මොකද.. එල්.ටී.ටී.ඊ ද?

පසුගිය දෙසැම්බර් 18 වන දින මාත් මගේ බිරිදත් මාගේ මිතුරියකුත් ත්‍රීරෝද රථයකට නැග්ගේ නගරාන්තර දුම්රියේ ආසන වෙන්කරවා ගැනීමට කොටුව දුම්රිය පොළ වෙත යාමටයි. අප ගමන්ගත් ත්‍රීරෝද රථය දුම්රිය පොළ ඉදිරිපිට ඇති වාහන නැවතුම වෙත යාමට ප්‍රවිෂ්ඨ මාර්ගයට ඇතුළු වුනා. බැරියර් එකක් තිබුනට ඒක උස්සලයි තිබුනෙ. ඒ නිසා අප ඉදිරියට ගියා එකවරම හෝව්..හෝව්… කොහිද යන්නේ නවතිනව නවතිනව…. කියා කෙනෙකු කෑගසනව ඇහුන ඒ සැනෙන්ම අපි ගමන් ගත් ත්‍රීරෝද රථයේ තිරිංග තදවුනා.

කොහේද යන්නේ එල්.ටී.ටී.ඊ ද.. එල්.ටී.ටී.ඊ ද.. එල්.ටී.ටී.ඊ ද? බොහෝම සැර කටහඬක්

පොලිස් රාළහාමි කෙනෙක්, ඔහුගේ නිළ අංකය 29925 , බැරියරය අසල කූඩුවක් ඇතුලෙ ඉදගෙනයි ඔහු කෑගහන්නේ.

අප සිටි ත්‍රීරෝද රථයේ රියදුරාට හොදටම තදවුනා. ඔව් එල්.ටී.ටී.ඊ තමයි ඔහු කිව්ව.

‛‛එල්.ටී.ටී.ඊ ද එහෙනම් ගන්නව ත්‍රීවීලරේ …

ලංකාවේ මානුෂවාදී අර්බුදය අතිශයින් බරපතලයි..

-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අලුත්ම වාර්තාව පෙන්වා දෙයි-

2006-2007 වසර තුළදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ මානුෂවාදී අර්බුදය හා බැඳුණු ප්‍රධාන සිදුවීම් සහ තීරණාත්මක කාරණා අවධාරණය කෙරෙන වාර්තාවක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඊයේ (2007 දෙසැම්බර් 19 ) නිකුත් කරනු ලැබුවා. මේ වාර්තාව මේ දිනවල ලංකාවට පැමිණ සිටින, අවතැන් වූවන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, වෝල්ටර් කේලීන් මහතා වෙත බාරදෙනු ලැබුවා.

ප්‍රධාන වශයෙන්ම යුද්ධය හේතුවෙන් අවතැන් වී සිටින උතුරු නැගෙනහිර ජනයා අද මුහුණ පාමින් සිටින මානුෂවාදි අර්බුදය කෙරෙහි අවධාරණය කෙරෙන මේ වාර්තාව මගින් මානව හිමිකම් හා බැඳුණු ප්‍රතිපත්තිමය සහ නෛතික කාරණා පිළිබඳවත් මානුෂවාදී ආධාර සපයන ජාත්‍යන්තර සහ ජාතික ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳවත් විග්‍රහයක යෙදෙයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය …

ජනපතිට ආසන නොදුන් පීටර් හිල් ගෙදර….

ඩූබායි ජාතිකයකු වූ පීටර් හිල් එයාර් ලංකා සමාගමේ ප්‍රාධාන විධායක නිලධාරියා විය. ඔහු ඒ තනතුරට පත්කරනු ලැබූවේ එයාර් ලංකා සමාගමේ කොටස් 51ක් හිමි එමිරේට්ස් ගුවන් සමාගම විසිනි.

නමුත් ශ්‍රී ලංකාවේ සිට මෙම රාජකාරිය කරගෙන යෑමට නම් ඔහුට මෙරට රැකියා අවසර පත්‍රයක් තිබිය යුතු ය.

ආණ්ඩුව ඊයේ එනම් දෙසැ.19දා ඔහුගේ රැකියා අවසර පත්‍රය අහෝසි කළේ ය.

ප්‍රශ්නය වුයේ පිටර් හිල් කාරිය සූරද නැත්ද යන්න නොවේ. පසුගිය දා සිය පුත්‍රයාගේ විසිර යාමේ පෙරෙට්ටුව නැරඹිමට එංගලන්තයට ගිය ජනපති සහ ජනපති බිරිඳ ට ආපසු ඒමට එයාර් ලංකා ගුවන් යානයන්හි ආසන දෙකක් ලබා දීමට අසමත්වීම ය.

එසේ අසමත් වූයේ ගුවන් යානයන්හි ආසන සියල්ල පිරී තිබූ නිසා ය. ජනපතිට සහ ජනපති බිරිඳට ආසන ලබා දිමට නම් කලින් සිය ආසන වෙන්කරවා …

වතුකරයේ බැංකු අසල පෝරම පුරවන තැරැව්කාරයෝ

උඩරට තේ වතුකරයේ ජනතාවට රාජ්‍ය ආයතන සහ බැංකු සමග ගනුදෙනු කිරීමට පුහුණුවක් නොමැති කමින් තමන්ගේ අවශ්‍යතා වලදි අතරමැදියන් සොයා යෑමට සිදුව තිබේ. මෙහිදී මේ අතරමැදියන්ට සැලකිය යුතු ගාස්තුවක්ද ගෙවීමට ඔවුන්ට සිදුවේ.

හැදුනුම්පත් ලබාගැනීම, උප්පැන්න සහතික ලබාගැනීම, බැංකුවට බඩු උකස් කිරීම, බැංකුවේ මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, ඒ අදාළ ආකෘති පත්‍ර පිරවීම වැනි කටයුතුවලදී තැරැව්කරැවෝවිශාල මිල ගණන් අය කරති.

තේ වතු කම්කරුවන් වෙනුවෙන් වාණිජ බැංකු අසල ආකෘති පිරවීමට ඇතැම් පුද්ගලයෝ කාර්යාල පවා ආරම්භ කර තිබේ.

සිරිල් සෙනෙවිරත්න
බදුල්ල

பல்வேறு தொழிற்சங்கத்தினரும் பங்கேற்பு

உலக மீனவர் தினத்தையிட்டு தேசிய மீனவ ஒத்துழைப்புப் பேரவையும் உலக மீனவ மக்கள் சம்மேளனமும் ஏற்பாடு செய்திருந்த மாபெரும் எதிர்ப்புப் பேரணியும்‚ எதிர்ப்புக் கூட்டமும் 28-11-2007 அன்று நீர்கொழும்பில் நடைபெற்றது. இதில்‚ ஐயாயிரத்துக்கும் மேற்பட்டோர் கலந்துகொண்டனர்.

உலக மீனவ தின வைபவத்தை நடத்தி விவசாய‚ மீனவ‚ தொழிலாளர்‚ தோட்டத் தொழிலாளர்களின் போராட்டத்தைப் பலப்படுத்துவோம் எனும் தொனிப்பொருளின் கீழ் எதிர்ப்புப் பேரணியும் கூட்டமும் நடைபெற்றது.

வடக்கு தவிர்த்து நாட்டின் ஏனைய பிரதேசங்களைச் சேர்ந்த பல்வேறு அமைப்புகளும் இந்தப் பேரணியில் கலந்துகொண்டமை குறிப்பிடத்தக்கது.

ஊடக அடக்குமுறைக்கான இயக்கம் கலந்துகொண்டு ஊடக அடக்குமுறைக்கு எதிராக எதிர்ப்புக் கோஷம் எழுப்பியவாறு சென்றமை குறிப்பிடத்தக்கது. இதில் நாட்டின் அனைத்து பாகங்களிலும் இருந்து வந்த ஊடகவியலாளர்களும் பிரதேச ஊடகவியலாளர்களும் கலந்துகொண்டனர்.

எதிர்ப்புப் பேரணியிலும் கூட்டத்திலும் நீர்கொழும்பு ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் அமைப்பு (கடோல்கலே)‚ ஸ்ரீ லங்கர மீனவ பெண்கள் அமைப்பு (பிடிப்பனை)‚ நன்னீர் மீனவ கூட்டுறவுச் சங்கம் (அங்கமுவ)‚ பிரஜர சக்தி அபிவிருத்தி மன்றம் (கருவலகஸ்வேவ)‚ சூரியகாந்தி சங்கம் (திருகோணமலை)‚ தென் மாகாண மீனவர் சங்கம் (மாத்தறை)‚ லூர்மாதர மீனவர் சங்கம் …

ஊடகப் போர் (Media War)

- நாரதர்-

“அய்யேர பாவம் பாருங்கள் இந்தப் பாடசாலை பிள்ளை நுகேகொடையில் புலிகள் வைத்த குண்டு வெடித்ததில் பரிதாபகரமாக உயிரிழந்துள்ளார்.இவளின் தாய் தந்தையின் உள்ளம் எவ்வளவு வேதனைப்படும்” என என்னுடன் பணிபுரியும் பெரும்பான்மை யுவதியொருவர் புலம்பியதை கேட்ட எனக்கும் மிகுந்த வேதனை அளித்தது.ஆனால் (28.11.2007) ஆம் திகதியன்று கிளிநொச்சி ஐயங்கேனியில் வைத்து இராணுவத்தினரின் ஆழ ஊடுறுவித் தாக்கும் படையினரின் தாக்குதலில் பலியான ஒன்பது பாடசாலை மாணவர்களினதும் பெற்றோர்களின் மனமும் இவ்வாறு தானே வேதனையுற்றிருக்கும் என நான் அளித்த பதிலிற்கு அவள் அப்படியொரு சம்பவம் இடம்பெற்றதர என என்னிடம் மீண்டும் ஒரு கேள்வியை என்னிடம் கேட்டபோது நான் திகைத்துப் போனேன்‚மிகவும் ஆச்சர்யமடைந்தேன்.

நான் இங்கு அன்மையில் கிளிநொச்சியிலும் நுகேகொடையிலும் இடம்பெற்ற இரு குண்டு வெடிப்புச் சம்பவங்களையும் ஒப்பிட்டு அவ்விரண்டு சம்பவங்கள் தொடர்பாகவும் சிங்கள ஆங்கில நாளிதழ்கள் எந்தளவு முக்கியத்துவத்தினை வழங்கியிருந்தன என்பதனையே அங்கு சுட்டிக்காட்ட முயன்றுள்ளேன் ஆகையால் கொலைகளை நியாயாப்படுத்துவதாக இது அர்த்தப்படுத்திக்கொள்ளக்கூடாது வாசகர்கள் என்பதனையும் தெரிவித்துக்கொள்கின்றேன்.

அதாவது வடகிழக்கில் பயங்கரவாதத்திற்கெதிரான போர் என்ற போர்வையில் அப்பாவி தமிழ் மக்கள் வகைதொகையின்றி படுகொலை செய்யப்படுவதனை தென் சமூகத்தினர் …

ක්‍රිෂ්නාට වු හදිය සහ තැපෑල ….

දිනය 2007.10.21 වෙනිදා ක්‍රිෂ්ණා මට මුණගැසුනේ සවස දෙකට විතර කුරුණෑගලදි. මට සල්ලි ටිකක් ගන්න අනිවාර්යයෙන්ම බැංකුවට යන්ඩ සිද්ධවෙලා තියනවා. ක්‍රිෂ්ණ එහෙම කියපුවහම මම ඇහුවා ඇයි හදිසි කාරණයක් ද කියලා. ඊට පස්සෙ තමයි ක්‍රිෂ්ණ මට විස්තරේ කිවුවේ.

ක්‍රිෂ්ණ හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා එයාගේ රත්තරන් මාලය බැංකුවට උකස්කෙරුවේ ගිය වසරේ. නොදැනීම වසරක් ගෙවිල ගිහින් නියමිත දිනට මාලය බේරා ගත්තෙ නැත්නම් ප්‍රසිද්ධ වෙන්දේසියෙ දානවා කියලා බැංකුවෙන් ලිපියක් එවල තිබුනෙ මාසෙකට විතර කලින්.

හැබැයි ක්‍රිෂ්ණට මේ ලිපිය ලැබුනේ ඊයෙ. බැංකුවෙන් දන්වලා තියන විදිහට මේ සදුදා තමයි අවසාන දිනය. දැන් හදිසියේම මුදල් සොයන්නත් සිද්ධ වෙලා. මේ ලිපි ප්‍රමාදවීම පිළිබදව මම තව තොරතුරු ටිකක් සොයා බැලුවා.

ක්‍රිෂ්ණ ජීවත් වෙන්නේ මොරතැන්න කියන ගම්මානයේ. මේ ගමේ බහුතරයක් ද්‍රවිඩ අය. මේ අයට යවන ලිපි ලැබෙන්නේ මුවන්කන්ද …

සුඵජාතීන් හා මානව හිමිකම්


බ්‍රිතානයේ ක්‍රියාත්මකවන Minority Right Group නැමැති සංවිධානය 2007 වසර පාදක කරගෙන නිකුත් කරනු ලැබූ සිය නවතම වාර්ථාව මගින් ශ්‍රි ලංකාව සුළු ජාතීන්ට විෂම ලෙස සලකන ප්‍රධානම රටක් ලෙෂ නම්කර තිබෙනවා. මෙම වාර්ථාවත් පොදුවේ මෙරට මානව හිමිකම් හිමිකම් සම්බන්දයෙන් පසුගිය කාලයේ සිදුවු සිදුවීම් පිළබඳවත් අදහස් දැක්වීමට විකල්ප මෙරට ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකාවක් මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක්ද වන භවානී ෆොන්සෙකා එක්කර ගත්තා. ඉහතින් දැක්වෙන්නේ ඇයගේ අදහස් ඇතුළත් විඩියෝ පටයයි

« Previous entries · Next entries »