vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for January, 2008

மகேஸ்வரன் கொலை தொடர்பாக முரணான தகவல்கள்

ஐ.தே.கட்சி பாராளுமன்ற உறுப்பினர் ரி. மகேஸ்வரன் கொலை தொடர்பாக வைத்தியசாலையில் சிகிச்சை பெற்றுவரும் சந்தேகநபர் தொடர்பாக அரச தரப்பு முன்னுக்குப் பின் முரணான தகவல்களை வெளியிட்டுவருகின்றது.
அமரர் மகேஸ்வரன் கொலைசெய்யப்பட்ட மறுநாளே பாதுகாப்பு தொடர்பான பேச்சாளர் அமைச்சர் கெஹெலிய ரம்புக்வெல்ல வைத்தியசாலையில் சிகிச்சை பெற்று வரும் சந்தேகநபர் ஆரம்பத்தில் அமைச்சர் டக்ளஸ் தேவானந்தவின் மெய்ப்பாதுகாவலராக இருந்ததுள்ளார் எனவும்‚ அதன் பின்னர் கடந்த ஐந்து வருட காலமாக சந்தேகநபர் புலனாய்வுப் பிரிவில் கடமையாற்றியுள்ளார் எனவும் தெரிவித்துள்ளார்.
இதேவேளை‚ சந்தேகநபர் தங்கியிருந்தார் எனக் கூறப்படும் வத்தளையிலுள்ள அவரது அறையிலிருந்து கொலைக்குப் பயன்படுத்தப்பட்ட ரைபிளுக்கான தோட்டாக்கள் கைப்பற்றப்பட்டன எனவும் பொலிஸார் தெரிவிக்கின்றனர்.
அமைச்சர் டக்ளஸ் தேவானந்தா‚ சந்தேகநபர் ஒருபோதும் தமது பாதுகாப்புப் பிரிவில் இருக்கவில்லையென்றும்‚ அவரது வயதைக் கணக்கிடும்போது இது ஒரு போதும் சாத்தியமில்லையென்றும் அவர் தெரிவித்துள்ளார். இந்த நிலையில்‚ சந்தேகநபர் குறித்து முன்னுக்குப் பின் முரணான தகவல்களே தெரிவிக்கப்படுகின்றன.
அமரர் மகேஸ்வரனுக்கு பாதுகாப்புக்கென 17 பொலிஸார் வழங்கப்பட்டிருந்தனர். இருந்தும் வரவு-செலவுத்திட்ட வாக்கெடுப்புக்குப் பின்னர் இந்த எண்ணிக்கை இரண்டாகக் குறைக்கப்பட்டது. வரவு-செலவுத் திட்டத்துக்கு ஆதரவாக வாக்களிக்காத தமிழ் எம்.பிக்களின் பாதுகாப்பு எதுவித முன்னறித்தலுமின்றி அதிரடியாக …

දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව

ද්‍රවිඩ ජාතික දේශපාලන ව්‍යාපාරයතුළ ප්‍රභාකරන්ගේ භූමිකාව මැයෙන් විකල්ප පවත්වන සංවාද මාලාවේ දෙවැන්නයි මේ. මෙවර විකල්ප හා අදහස් දක්වන්නේ ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන මහතායි. මෙරට සිවිල් සමාජ ක්ෂේත්‍රයේ මෙන්ම සංස්කෘතික කලා ක්ෂේත්‍රයේද නව මත සම්පාදකයෙකු ලෙස කටයුතු කරන ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාළි මණ්ඩපයේ කතිකාචාර්‍යවරයෙකු ලෙසද කටයුතු කරනවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙන්නේ ඔහු දෙමළ දේශපාලන ව්‍යාපාරයතුළ ප්‍රභාකරන්ගේ භූමිකාව පිළිබඳව දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයයි.


බුත්තල බෝම්බය හා සාමාන්‍ය වැසියන්

අද උදෑසන 7.30 පමණ බුත්තල ප්‍රදේශයේදී මගී බස් රථයක් ඉලක්ක කරමින් ක්ලේමෝ බෝම්බයක් පුපුරායාමෙන් එහි ගමන් ගත් සාමාන්‍ය වැසියන් 27 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලැබුවා. මේ වසර ආරම්භ වීමෙන් පසු එල්.ටී.ටී.ඊ ය විසින් සාමාන්‍ය ජනයා ඉලක්ක කරමින් ප්‍රහාර කිහිපයක්ම එල්ල කළ අතර එයින් සාමාන්‍ය වැසියන් 50 ආසන්න පිරිසක් මියගියා. එසේම රජයේ හමුදා පාර්ශවයෙන් එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හා අනෙකුත් ප්‍රහාර හේතුවෙන්ද අවස්තා කිහිපයකදීම සාමාන්‍ය වැසියන් ඝාතනයට ලක්වුවා(ඒවායින් මියගිය ප්‍රමාණය වාර්ථා නෙවන නිසා නොදනී). යුදවැදී සිටින පාර්ශවයන් දෙකම එකිනෙකාගේ ජයග්‍රහණ පිළිබඳව මිස සාමාන්‍ය වැසියන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. එසේම දෙපාර්ශවයම සාමානය වැසියන්ගේ මලමිනී සිය වාසිය පිණිස යොදාගන්නා බවද නොකියාම බැරිය. මෙයින් පෙනීයන්නේ අනෙකක් නොව යුද්ධයට කිසිසේත්ම අදාල නොවන අහිංසකයින් මේ විනාශකාරී යුද්ධයේ නියත ගොඳුරුබවට …

අද තෛපොංගල් දිනයයි


දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රභාකරන්ගේ භූමිකාව

සටන් විරාම ගිවිසුමෙන් ආණ්ඩුව ඉවත්වීම, එතෙක් මානුෂිය මෙහෙයුම් ලෙස පවත්වාගෙන ගිය හතරවන ඊළාම් යුද්ධය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කිරීමක් ලෙස විචාරකයින් පවසනවා. ආණ්ඩුව හා එහි සහායක බලවේග දැඩි ලෙස කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ ය සම්පූර්ණයෙන්ම යුද්ධයෙන් පරාජය කර ඉන්පසුව දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බවයි. එල්.ටී.ටී.ඊ ය මේ වන විට යුධමය වශයෙන් දුර්වල වී සිටින අතර එහි නායක ප්‍රභාකරන්ද තුවාල ලබා සිටින බවට ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. දකුණේ බහුතර ජනයාද මෙම අදහස පිළිගන්නා බවකුයි පෙනෙන්නට තිබෙන්නෙ. ප්‍රභාකරන් විනාශ කිරීම තුළින් එල්.ටී.ටී.ඊ ව්‍යාපාරය විනාශකල හැකිය යන මතය බෝහෝ දෙනා පිළිගන්න මතයක්. මේ නිසා එල්.ටී.ටී.ඊ යේ නායකයා හා එල්.ටී.ටී.ඊ ය විනාශ කිරීම තුළින් දෙමළ ජාතික ව්‍යාපාරය යටපත් කළ හැකිද යන්න පිළිබඳවත්, …

පෙට්‍රල් මිල ඉහළ යාම පිළිබඳව ජනතා අදහස්



ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය නැවත වරක් ප්‍රෙට්රල් සහා ඩීසල් මිල රුපියල් 10 හා 5 කින් ඉහල දමනු ලැබුවා. බඩු මිල ඉහලයාම දිගින් දිගටම සිදුවන තත්ත්වයක් තුළ මෙම මිල වැඩිවීම ජනතාවට කෙසේ බලපාන්නේද? යන්න පිළිබඳව විකල්ප ජනතා අදහස් විමසනු ලැබුවා. ඉහතින් දැක්වෙන්නේ ජනතාව ඒ පිළිබඳව දැක්වු අදහස් ඇතුලත් විඩියෝ පටයි.


කොමිසමේ විමර්ශන කටයුතු ගැන විශ්වාසයක් තියන්න බැහැ…


පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් ට අදාළ සිදුවීම් 16 ක් පිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති විසින් පත් කරන ලද 8 දෙනෙකුගෙත් සමන්විත කොමිසම ඒ අදාළ සිදුවිම් සම්බන්ධයෙන් සාක්ෂි විමසන විවෘත විභාගයක් මේ දිනවලදී කොළඹදී පැවැත්වෙයි.

කොමිසම විසින් විභාගයට ගත යුතු සිදුවීම් අතර, 2006 ජනවාරියේදී ත්‍රිකුණාමලයේදී තරුණයින් 5 දෙනෙකු ඝාතනය කිරීම, Action Contra La Faim ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතනයේ සේවකයින් 17 ක් මුත්තූර්හිදී මරා දැමීම, රවිරාජ් ඝාතනය, ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය, 2006 ජුනි මාසයේදී කැබිතිගොල්ලෑවේ සාමාන්‍ය වැසියන් 68 දෙනෙකු ඝාතනය වීම, 2005 නත්තලේදී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට ලක් විම, 2006 ජුනි මසදී පේසාලෙයි වෙරළේදී සහ පේසාලෙයි පල්ලියේදී ධීවරයින් 5 දෙකනකු මරා දැමීම, ආදියද ඇතුළත්ය.

මේ කොමිසමේ විමර්ශන ක්‍රියාවලියේ …

ලංකාවේ නීති ක්‍රමය සහ 2008 වසර

ජාති කුල අාගම්, භාෂා, ලිංග, බලපුළුවන්කාරකම් වල බේදයකින් තොරව අප සියලු දෙනාට ඉහළින් ඇත්තේ මේ රටේ නීතියයි. අප දැන් සිටින්නේ 2008 වසර මුලයි.

අපේ නීති ක්‍රමය තුළ සාධාරණත්වය, අපක්‍ෂපාතීන්‍වය හා කාර්යක්‍ෂමභාවය අතුරුදහන්වී ඇත.

2007 වසර තුලද වගකිවයුත්තෝ රටේ උත්තරීතර නීතිය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකළහ. තවදුරටත් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොසලකා හැරිණි.

ආණ්ඩුවේ ප්‍රධාන නීතිය ක්‍රියාත්මක කරන්නා පොලිසියයි. පොලිසයට වධහිංසා පැමිණවීම, අධිකරණ ක්‍රියාදාමයකින් තොරව සිදුකරණ මරා දැමීම්, දූෂණය, අකාර්යක්‍ෂමතාව පිළිබඳ බරපතල චෝදනා එල්ල වේ. ඉතාම මෑතක සිදුවූ අධිකරණ ක්‍රියාදාමයකින් තොරව සිදුකල මරාදැමීම සන්බබා ඝාතනයයි.

අධිකරණ ක්‍රමය තුළ ජනතා විශ්වාසයේ බිඳවැටීමක් මිස පැහැදීමක් දක්නට නොලැබිණි. නඩු පමාව බරපතල අර්බුදයක් නිර්මාණය කර ඇත. හොඳම නිදර්ශනය නාලන්ද එල්ලාවල නඩුවයි. එම නඩුවේ මූලික සාක්‍ෂි විභාගය පැවැත්වීමට වසර 10ක කාලයක් ගතවිය. බරපතල …

« Previous entries · Next entries »