Archive for February, 2008
February 22, 2008 at 7:59 am · Categories: Colombo, සිංහල, Democracy | by Vikalpa_R
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
විරුද්ධවාදීන්ගේ වචන නොව අප මතකයේ රැදෙනු ඇත්තේ මිතුරන්ගේ නිශ්ෂබ්දතාවයයි. - මාටින් ලූතර් කිං (කණිෂ්ඨ)
පසුගිය 14දා මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂනික පා ගමන සහ සම්මන්ත්‍රණය මෑත කාලයේ කොළඹ පැවැති පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැති සාර්ථකම අවස්ථාවක් විය.
බොහෝ ජනමාධ්‍ය ආයතනයන්හි සේවය කරන ජනමාධ්‍යවේදීන් සහ වේදිනියන් විශාල පිරිසක් පාගමනට එක් වූහ.
මෙරට ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති ගණනාවක්ම ඊට සම්බන්ධ වූ අතර එවායේ නායකකාරකාදීහු පා ගමනට ද එක් වූහ.
නමුත් කැපී පෙනෙන අඩුවක් ද දක්නට විය. එනම් කොළඹ කේන්ද්‍ර කොටගත් යහ පාලනය සහ සාමය පිළිබඳ විශේෂඥයින් වන රාජ්‍ය නොව සංවිධාන නායක කාරකාදීන් ය. ඒ කිසිවකු අසළකවත් පෙනෙන්නට සිටියේ නැත.
මර්ධනය සහ භීෂනය නිසා හිරි වැටී ඇති …
February 22, 2008 at 7:49 am · Categories: Colombo, සිංහල, Governance, Democracy, Media | by Vikalpa_R
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
ඇමැතිවරයකු අතේ පත්තුවෙන බේගල් ඇද බාන විට ඇමැතිවරයා සිටින ආණ්ඩුව ද පත්වන්නේ පචයින්ගේ හවුලකට ය.
තමා මංත්‍රී ධුරයෙන් සහ ඇමැතිකමින්ද ඉල්ලා අස්වන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් තමා ව්‍යවස්ථා මංඩලයට පත් කරනු ඇති බවත් පසුගිය සති අන්තයේ දී මර්වින් සිල්වා කියා සිටියේ පත්තරවලට පමණක් නොවේ. ස්වකීය මිතුරන්ට ද ඔහු ඒ කතාව කියා සිටියේ ය. මෙම පුවත අන්තර් ජාතික ජනමාධ්‍යයෙන් ද ප්‍රචාරයට පත් විය. ඒ තරමටම උණු කැවුම් පුවතක් නිසා ය.
දෙදිනක් යෑමට කලින් ඇමැතිවරයා ඒ කතාව ඉල්ලා අස්කර ගත්තේ ය. උණු කැවුම පිලුණු විය.
ජනාධිපති ඈදා බේගලයක් අත හැරීම ගැන ද කතාවක් නැත. දී කිරට බළලුන්ද සාක්කි යැයි කීවා සේ උත්තර දුන්නේ හෙළ උරුමයේ වම්පික රණවක …
February 19, 2008 at 1:52 pm · Categories: සිංහල | by Vikalpa_R

‛‛වගකීම’’ යන්න සැබෑ ලෙස ම සන්නිවේදන ක්‍ෂේත්‍රය තුළ නො එසේනම් මාධ්‍ය භූමිකාව තුළ අනන්‍ය වූ වචනයකි. එහි අන්තර්ගතය සොයා යෑම නිශ්ඵල වුවද ‛‛වගකීම’’ යන්න අර්ථ ගැන්වීමේ දී බහු අරුත් දීම සමස්ත මාධ්‍ය පද්ධතිය තුළ ම සිදුවන්නකි. ‛‛මාධ්‍යයේ හැසිරීම’’ එහි අවසන් පණිවුඩය ග්‍රහකයා හෝ පාඨකයා වෙත ග්‍රහණය වීමේ ක්‍රියාවලියෙන් නොනැවති, එහි ‛‛පසු විපරම’’ (ප්‍රති පෝෂණ) දක්වා ම විහිඳී යන්නකි. ‛‛මාධ්‍ය වගකීම’’ ප්‍රශ්නාර්ථයට තුඩු දීම ආරම්භ වන්නේ, පසු විපරමේ තිව්‍රරතාවය ඔස්සේ යැයි මට හැඟේ. එහි දී මාධ්‍ය හිමිකාරිත්වයේ පදනම සමස්ත ප්‍රකාශනයේ වටිනාකම තීරණය කිරීම උදෙසා ඉවහල් වීම නොවැළැක්විය හැක්කකි. මෙහිදී, ‛‛මාධ්‍ය වගකීම’’ පැහැර හැරීම හෝ අනුකූල වීම තීරණය වීම අනිවාර්යෙන් ම සිදු විය යුත්තේම ය.
ලාංකීය මාධ්‍ය කතිකාවතෙහි ‛‛මාධ්‍ය මැඩලීමේ උපාය මාර්ගික ත්‍රස්තවාදය’’ ක්‍රමික වර්ධනයක් සහිතව ක්‍රියාත්මක වනු …
February 19, 2008 at 12:31 pm · Categories: සිංහල | by Vikalpa_R
கொழும்பும் அதன் சுற்றுப்புறங்களிலும் வாழும் தமிழ் மக்களின் பதிவு சம்பந்தமான விடயங்களில் முறையான கொள்கையினை கடைப்பிடிக்கும் வழிமுறைகளை ஆராய்ந்து நடவடிக்கை எடுப்பதற்கு குழு ஒன்றை அமைக்குமாறு உயர் நீதி மன்றத்தினால் அரசாங்கத்திற்கு உத்தரவு இடப்பட்டுள்ளது. பிரதம நீதியரசர் சரத் நந்த சில்வர தலைமையிலான மூன்று நீதிபதிகள் முன்னிலையில் நடந்த விசாரனையிலேயே மேற்படி உத்தரவு பிறப்பிக்கப்பட்டது.
தமிழர்கள் காரணமின்றி கைது செய்யப்படுகின்றமையை எதிர்த்து இலங்கை தொழிலாளர் காங்கிரஸ் தாக்கல் செய்திருந்த அடிப்படை உரிமை மீறல் மனு மீதான விசாரனைகளின் போதே மேற்படி உத்தரவு இடப்பட்டது. கொழும்பிலும் அதன் சுற்றுப்புறங்களிலும் வாழும் தமிழ் மக்கள் தாம் வசிக்கும் பிரதேசத்திற்குறிய பொலிஸ் நிலையத்தில் தம்மைப் பதிவு செய்து கொள்ள வேண்டிய செயல்முறை நடைமுறையில் உள்ளது. ஒவ்வொரு பொலிஸ் பிரிவிலும் வேறுபட்ட நடைமுறைகள் பின்பற்றப்பட்டு வரும் நிலைமை மேற்படி வழக்கு விசாரனையின் போது நிதிமன்றத்தின் கவனத்திற்கும் கொண்டுவரப்பட்டது.
இதில் முகத்துவாரம் மற்றும் மருதானை பொலிஸாரால் மேற்கொள்ளப்பட்ட பதிவு நடவடிக்கைகள் மிக மோசமானதாக அமைந்திருந்தது. முகத்துவார பொலிஸ் பிரிவில் விநியோகிக்கப்பட்ட பதிவு செய்யும் படிவத்தில் வங்கிக்கணக்கு விபரங்கள் கோரப்பட்டிருந்தன. மருதானை பொலிஸ் பிரிவில் …
February 16, 2008 at 11:19 pm · Categories: Peace and reconciliation, සිංහල, Kurunegala, Badulla, Life quips | by Vikalpa_R
කුරුණෑගලින් බදුල්ල ගෝනකැලේ වතු යායට නෑ ගමනක්

වතුකරයේ ජනතාවගෙන් සියයට එකක් විතරයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබෙන්නේ එයිනුත් කිසිම කෙනෙක් වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයට ගිහින් නෑ.
ගෝනකැලේ තිබෙන ඇටැම්පිටිය කෝවිලේ තිබෙන්නේ 1931 දී සුද්දගේ ආණ්ඩුව කාලේ වහපු ටකරන් ඊට පස්සෙ කවුරුවත් මේවා අළුත්වැඩියා කරන්න කටයුතු කරල නෑ. ඒක තමයි මේ ජීවිතේ හැටි. ඔබ ගියොත් පුදුම වෙයි මේ ප්‍රදේශයේ පොලීසි වල දෙමළෙන් පැමිණිල්ලක් ලියා ගන්න කෙනෙක් නෑ, තැපැල් කන්තෝරුවක දෙමළෙන් ටෙලිග්‍රූම් එකක් ලියා ගන්න කෙනෙක් නෑ, උසාවියේ ඔක්කොම වැඩ කෙරෙන්නේ සිංහලෙන්. ලංකාවේ ජාතික ප්‍රශ්නයක් නැතැයි කියන අයට පෙන්වන්න මීට වඩා හොද උදාහරනයක් තවත් තියේද? මෙරට වතුදෙමළ ජනයා දෙවන ගනයේ අඩු වරප්‍රසාද ලබන පුරවැසියන් ලෙෂ තවමත් ජීවත්වන බව නොවේද …
February 16, 2008 at 8:57 pm · Categories: Colombo, සිංහල, Democracy, Media, Human Rights | by Vikalpa_R
February 15, 2008 at 12:56 pm · Categories: Peace and reconciliation, Colombo, සිංහල, Gender, Human Rights | by Vikalpa_R
ඇගේ දෙමාපියන් ඇයට තබපු නම මාරිමුත්තු කමලාන්පිහෙල්. එහෙත් කවුරුත් දැන් ඇයව හඳුනන්නෙ ලියනගේ වජිරා කියායි. වැන්දඹුවක් වු ලියනගේ වජිරා තරුණ දූවරු දෙදෙනෙකු සිටින තරුණ මවක්. ඇගේ ලොකු දුවගෙ වයස අවුරුදු 16 කි දෙවැනි දුවගෙ වයස අවුරුදු 14කි ඇයගේ වයස අවුරුදු 34 කි. ඇයට ස්තීර රැකියාවක් හො ආදායම් මාර්ගයක් ඇත්තේ නැත. දැනට ඇය ඉන්නේ මඩකළපුව මංගලාරාමයේ. එහි එළවළු කොටුව වැවිම,වතුර දැමීම,පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම, ඉවුම් පහුම් ආදී බොහෝ වැඩ සිද්ධකරන්නෙ කමලාන් පිහෙල් නැතිනම් වජිරා අතිනි. මෙයින් තමයි ඇයත් ඇගේ දූවරු දෙදෙනාත් ජීවත් වන්නේ.
අක්ක කොහෙමද මෙච්චර හොදට සිංහල කතා කරන්නෙ? මම කතාවට මුල පිරුව ‛‛ මම හිටියේ අවිස්සාවේල්ලෙ.’’
ඒතකොට මෙහෙට ආවෙ කෙහොමද? ‛‛ මගේ ගම මඩකළපුවෙ කල්ලඩියේ මම දෙමළ.මම පොඩි කාලෙදීම මගේ තාත්තා නැතිවෙලා අපිව හැදුවෙ අම්ම. …
« Previous entries ·
Next entries »