vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for March, 2008

වාකරේ වෙසෙන සිංහල ධීවරයෝ


පසුගියදා පැවැති මඩකළපුව පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ වාකරේ ප්‍රදේශයේ සංචාරය කළ විකල්ප කණ්ඩායමට එම ප්‍රදේශයේ වාසය කරන සිංහල ධීවර පවුල් රාශියක් මුණගැසුනා.ඉහත දැක්වෙනුයේ එම වැසියන් කිහිප දෙනෙක් විකල්ප සමග කළ සාකච්ඡා ඇතුලත් විඩියෝ පටයයි 

ලංකාවේ වර්ථමාන තත්ත්වය හා ජවිපෙ


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වු ලයනල් බෝපගේ මහතා 1984 දී ජවිපෙ න් ඉවත් වන්නේ පක්ෂය සමග ඇතිවු උග්‍ර මත ගැටුමක ප්‍රථිපලයක් ලෙසිනි. 1989-90 වකවානුවේදී ඔහු ට ජීවිතය රැකගැනීම සඳහා රට අත්හැරයාමට සිදුවුනා. එදා සිට අද දක්වා ඔහු ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේයි. පසුගියදාක නිවාඩුවක් සඳහා මෙරටට පැමිණි ඔහු සමග ලංකාවේ වර්ථමාන තත්ත්වය හා ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය පිළිබඳව විකල්ප සංවාදයක නිරත වුවා. ඉහතින් දැක්වෙන්නේ විකල්ප ඔහු සමග සිදුකළ සංවාදය ඇතුලත් විඩියෝ පටයයි.

අනුර බණ්ඩාරනායක පිළිබඳ පොදු ජන අදහස්



මෙරට පාළනය කල අග්‍රාමාත්‍යවරුන් දෙපලකගේ එකම පුතනුවන් මෙන්ම විධායක ජනාධිපතිවරියකගේ ද මලනුවන් වු අනුර බණ්ඩාරණායක මහතා පසුගිය මාර්තු 15 වෙනිදා අභාවප්‍රාප්ත වුවා. වසර තිහකට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳව අප සාමාන්‍ය ජනතාවගෙන් අදහස් විමසූවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙන්නේ සාමාන්‍ය ජනතාව ඒම හතා පිළිබඳව දැක්වු අදහස් ඇතුළත් විඩියෝ පටයි.

වාකනේරි අනාතයන් - මඩකළපුව


වාකනේරි යනු පසුගිය වසර 20 පුරාවට එල්ටීටීඊ පාලනය යටතේ පැවැති මඩකලපුව දිස්ත්‍රික්යට අයිති ප්‍රදේශයකි. එහි වැසියන් පසුගිය විසිවසර පුරාවටම ජීවත්වූයේ අවම වරප්‍රසාද සහිතවයි. ඔවුන්ට රෝහල් ,පාසැල්, මංමාවත් වැනි මූලික පහසුකම් නොතිබුනි. මාරනාසන්න රෝගියෙකු උව ඔවුන් මඩකළපුවට රැගෙන ආයුතුය. බොහෝ රෝගීන් එන අතර මගදි මරණය වැළඳ ගැනීම සාමාන්‍ය සිදුවීමකි. මේ ප්‍රදේශයේ පාසැල් ක්‍රියාත්මක නොවු නිසා දරුවන් පාසැල් නොගියාය. පසුගිය විසිවසර පුරාවටම කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකොට නොමැති අතර දරුවන් මෙන් ම වැඩිහිටියන් ද මන්ද පොෂණ තත්ත්වයෙන් පසුවේ. පසුගිය කාලයේ සිදුකළ තොප්පිගල මුදාගැනීමේ මෙහෙයුම් වලදී යුධ අනාතයන් ලෙස මෙම ප්‍රදේශයේ ජනයා මඩකළපුවට පැමිණියය. පසුව ඔවුනව පුනානි ප්‍රදේශයේ තාවකාලික කුඩාරම් වල රැදවු අතර මේවන විටත් ඔවුන් රැදිසිටින්නේ එම තාවකාලික කුඩාරම් වලයි.
ඉහත …

யுத்தத்தின் குழந்தைகள்

தம்பி சிகரட் எங்க? பய்ட் கொண்டு வாங்க. தம்பி தண்ணி கொண்டுவாங்க. கொகாகோலர எங்க?

ஹோட்டல் ஒன்றில் வேலைசெய்யும் சிறுவன் ஒருவனிடமே இவ்வாறு கேட்கப்படுகிறது. மட்டக்களப்பு மாவட்ட உள்ளுராட்சி மன்றத் தேர்தல்களில் இடம்பெறும் வன்முறைகளைக் கண்காணிப்பதற்காக எமது அலுவகத்திலிருந்து குழுவொன்று அங்கு சென்றிருந்தது. அந்தக் குழுவில் நானும் மட்டக்களப்பிற்குள் புதிய முகமாக நுழைய அனுமதிக்கப்பட்டேன்.

அங்கு நாங்கள் தங்கி வேலைசெய்ய வேண்டியிருந்ததால் ஹோட்டல் ஒன்றில் தங்கவேண்டிய நிலை ஏற்பட்டது. நாங்கள் சென்ற நாளன்று இரவு சக நண்பர்கள் (அதிகாரிகள்) மது அருந்துவதற்குத் தயாரானார்கள். அப்போதுதான் அந்த சிறுவனைக் கண்டேன். பார்ப்பதற்கு 8‚ 9 வயதுபோல் இருக்கும்.

அந்தச் சிறுவனைப் பற்றி தெரிந்துகொள்ள வேண்டும் என்ற ஆர்வம் எனக்கு ஏற்பட்டது. இது தொடர்பாக எனது சக நண்பர்கள் இருவரும் ஆர்வம் காட்டினர்.

தம்பி உங்கட பெயர் என்ன? ஜனாத் என்றான் சிரித்த முகத்துடன். நாங்கள் சொல்லும் ஒவ்வொரு வேலையையும் சுறுசுறுப்புடனும் சந்தோஷத்துடனும் செய்தான். அந்தச் சிறுவனை எனது அருகில் உட்கார வைத்தோம். அவன் எங்களிடம் சொன்னவை‚

நான் 1993ஆம் ஆண்டு அன்னமலையில்தான் நான் பிறந்தேன். …

අපේ උන් ….!

‛‛නේවාසික පහසුකම් ලබා දියව්’
‛පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම නවතව්’
‛මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරව් ’
‛ප්‍රතිපාදන කප්පාදුව නවතව්’
‛පන්ති තහනම ඉවත් කරව්’’

ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පුරා නිරන්තර ව ඇසෙන්නේ මේ සටන් පාඨයන් ය. වසරින් වසර අඩුවකින් තොරව ම මෙවන් වූ සටන් පාඨ සෑම සරසවියක ම ඇසෙන්නේ ලංකාවේ ‛‛වාසිටි ජීවිතය’’ ඛේදවාචකයක් බව කියාපාන්නට මෙනි.

‛‛සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 03 වන මහා සම්මේලනය’’

මෙවන් පසුබිමක් තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය තමන්ගේ 03 වන සංවත්සරය උත්සවශ්‍රීයෙන් සමරනවා. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ බහුතර ශිෂ්‍ය සාමාජිකත්වය දරණ සංවිධානය වන්නේ එයයි. සරසවි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛයා තමන් යැයි කියා ගන්නා සංවිධානය වන්නේ ද ඔවුන්ම ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, නැතිනම් අපේ භාෂාවෙන් ‛‛අන්තරය’’ යන්න, එහි අභ්‍යන්තරයේ පවතින අවතැන් වූ ක්‍රියාකාරී සංවිධානය යි. තවත් ආකාරයකින් විග්‍රහ …

ජේමිස්ට අත්වූ ඉරණම

ජේමිස්ට කිසිඳු නඩු විභාගයකට මුහුණ නොදී වසර 50ක් සිරබත් කෑමට සිදුවිය. අවසානයේදී ඔහු සියලු චෝදනා වලින් නිදහස් විය. 1958 අගෝසතු 31 වන දින සිය පියාට පිහියකින් ඇණ තුවාල සිදුකිරීම සම්බන්‍ධයෙන් කුරුණෑගල අධිකරණයේදී ඔහුට විරුද්ධව නඩු පවරන ලදි.

ජේමිස් ගේ සිද්ධිය මගින් වත් බන්ධනාගාර පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත යුතුය.

ශ්‍රී ලංකාවේ සිරගෙවල් වල තන්‍වය සතුටු දායක නැත. යටිතල පහසුකම් වල තන්‍වය ඉතාම ශෝචණීය වේ. සිරකරුවන්ට ඇඳීමට ප්‍රමාණවත් ඇඳුම් නොමැති අතර, ඇතැම් අවස්ථාවලදී ඔවුන් නිරුවත්වද සිටී. වර්තමානය වන විට සිරකරුවන් අතර සිදුවන්නාවූ මත්ද්‍රව්‍ය භාවිතය බරපතල සමාජ ගැටලුවක් බවට පත්වී ඇත.

ජේමිස් වැනි සිරකරුවන් තවත් සිරමැදිරි වල සිටිනු ඇත. ජේමිස්ලා අප වැනිම මනුෂ්‍යයන්ය. වැරදිකරුවකු සිරගත කරනු ලැබීමේ පරමාර්ථය ඔහුව පුනුරුත්ථාපනය කිරීමයි. නමුත් ශ්‍රී ලංකාවේ බන්‍ධනාගාර වලින් මෙම අපේක්‍ෂිත අරමුණ …

மக்கள் விடுதலை முன்னணியும் மாகாண சபை அதிகாரங்களும்

சமீபத்தில்‚ தேசிய பிரச்சினைக்கான தீர்வுக்கு யோசனைகளை முன்வைக்க என்று அமைக்கப்பட்ட சர்வகட்சி பிரதிநிதித்துவக் குழுவினரால் முன்வைக்கப்பட்ட யோசனைகள் 13வது திருத்தச்சட்டத்தை அடிப்படையாக கொண்டதாக அமைந்திருந்தது தெரிந்ததே. 13வது திருத்தச்சட்டம் 1987ம் ஆண்டு இந்திய இலங்கை ஒப்பந்தத்தின் அடிப்படையின் கொண்டு வரப்பட்டது. கிட்டத்தட்ட 30 வருட பிரச்சினைக்கு 20 வருடங்களுக்கு முன்னர் பாராளுமன்றத்தில் நிறைவேற்றப்பட்டு நடைமுறைப்படுத்தப்படாமல் கிடந்த திருத்தச்சட்டமாகும். இதனையே முழுமையாக நடைமுறைப்படுத்தப் போவதாக அரச தரப்பு தெரிவிக்கிறது. இச்சட்டத்தின் அடிப்படையில் அமையும் சர்வகட்சி பிரதிநிதித்துவ குழுவின் விரிவான கருத்தொருமிப்பு ஆவணம் விரைவில் ஜனாதிபதியிடம் கையளிக்கப்பட உள்ளதாக தெரிவித்திருந்தது.

அரசாங்கத்தின் பங்காளிகளான ஜாதிக ஹெல உருமய மற்றும் மக்கள் ஐக்கிய முன்னணி ஆகிய கட்சிகள் இரண்டும் தமிழ் மக்கள் விடுதலைப் புலிகளையும் (வுஆஏீ) சர்வகட்சி பிரதிநிதித்துவ குழுவில் இணைத்துக்கொள்ள வேண்டும் என்று வலியுறுத்தியுள்ளன.

அண்மையில் ஜனாதிபதி மஹிந்த இராஜபக்ஷ‚ எதிர்க்கட்சித் தலைவர் ரணில் விக்கிரமசிங்க இருவரும் நேருக்கு நேர் சந்தித்து கலந்துரையாடிய போது 13வது திருத்தச்சட்டத்தை செயற்படுத்துவதற்கு முழுமையான ஆதரவை தாம் வழங்குவதாக தெரிவித்திருந்தார். சர்வகட்சி பிரதிநிதித்துவ குழுவில் எதிர்கட்சியான ஐக்கிய தேசியக் கட்சி இடம் பெறவில்லை என்பது …

« Previous entries · Next entries »