vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

Archive for April, 2008

මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ

මගියා - කිරිබත්ගොඩට ටිකට් එකක් දෙන්න

(ඔහු රුපියල් 100 නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දිගුකරයි.)

කොන්දොස්තර - රුපියල් 16 ක් දෙනවද?

මගියා - අනේ මා ගාව නෑනෙ

කොන්දොස්තර - එහෙනං මොකටද ඕයි ලංගම බස්වල යන්නෙ? ප්‍රයිවට් බස්වල යන්නෙ නැතුව. අපිටම වද දෙනවා.

මගියා - එහෙම කියන්න එපා

කොන්දොස්තර -එහෙනං කොහොමද කියන්නෙ? ඉතුරු සල්ලි ගන්න ඩිපෝවට එන්න කියන්නද?

මේ සිදුවීම සිදුවුනේ 07.04.2008 කොල්ලුපිටියේ සිට කඩවතට
ධාවනය වූ 154 ල.ං.ග.ම බස්රථයක මගියෙක් සහ කොන්දොස්තර මහතා අතරයි.

සුරේන් ජුලියන්

ලාබයි…. උපකුලපතිවරු විකිණීමට තිබේ…

විනාශය රැගෙන කෙටි දුර දුවන
චණ්ඩ සැඩ සුළඟට අපි මඳ පවන වෙමු
රිඩ් මාවත පුරන බොල් දුවිල්ලට අපි මල් කිණිති වෙමු
අතු ඉති දොඩන හඩ පවනය
මල් කතා කරන හඩ සුවඳය . . . .

කොළඹ විශ්ව විද්‍යාලයට අපි ආදරයට කිව්වේ පුරවර සරසවිය කියලා. ඒ කාලේ මේ කවියට අපි ආදරේ වගේම රිඩ් මාවත දිගේ ඇවිදගෙන යද්දි ඇගේ වැදිච්ච හැම වැලි කැටයකටම අපි ආදරය කළා. හැමදාම රෑ 7- 8 වෙනකම් නව කලාගාරයේ පෙන්නපු චිත්‍රපටියක් බලලා හරි, එහෙමත් නැතිනම් faculty යේ ජෑම් ගහ වටේට බංකුවල ඉඳගෙන සින්දු කියමින් කාලය ගෙවපු මතකය තාමත් හිතට ඇති කරන්නේ පුදුමාකාර මිහිරි බවක්. අපි රීඩ් මාවතට පය ගහන්න කලින් තව ගොඩක් අය එහේ ඇවිත් ගිහිල්ලා තිබුණා. අපෙන් පස්සෙත් තවත් අය දැන් එහේ ඇවිල්ලා. නමුත් එදා …

Scheduled downtime for Vikalpa

Vikalpa will be down tomorrow, 10th April, for a scheduled upgrade. The site should be up and running as normal by 11th April the latest, but we don’t really expect it to be inaccessible for anything more than a few hours at most.

For the geeks out there, we are upgrading our back-end content management system to the latest version of Wordpress (2.5), which strengthens security and adds some neat features to help authors publish their content more easily.

ජවිපෙ දෙකට කැඩෙයි…..??


තමාව පක්ෂයේ සියළු තනතුරුවලින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කොට ඇති බවට ඊයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. කාලයක් තිස්සේ, එළියට නොපෙනෙන්නට ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ ඇවිලෙමින් තිබූ සීිතල යුද්ධය, විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කළ මේ දීර්ඝ හැඟීම්බර කතාවෙන් පසු ඊයේ පුපුරා ගියේය.

වීරවංශ මහතාගේ එම ප්‍රකාශයෙන් පසුව ජවිපෙහි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 11 දෙනෙකු තමන් වීරවංශ මහතාට සහාය පළ කරන බවට ප්‍රසිද්ධියේ කියා සිටියහ. මේ පිරිස විසින් තමන්ගේ ස්ථාවරය රටට හෙළිදරවු කිරීමේ අරමුණින් …

බදුල්ල කුණු ප්‍රශ්නයට සරල විසඳුමක්

බදුල්ලේ සිට නෙත්
b-nayana-kunu-2-rz.jpg

‛‛බදුල්ලේ කුණු කසල බැහැර කිරීමට විසඳුමක් මා හොයා ගත්තා ඒත් එය පිලිගන්න බලධාරීන් සූදානම් නෑ’’

මෙසේ පවසන්නේ බදුල්ල කාර්මික විද්‍යාලයේ ඡේ්‍යෂ්ඨ උපදේශකවරයෙකු වු සරත්චන්ද්‍ර මහතායි.

සරත්චන්ද්‍ර මහතාගේ වසර 33 ක සේවා කාලය තුළ දී විවිධ පර්යේෂණයන් මගින් ඔහු විසින් දේශයට දායාද කලදේ බොහෝයි.
කැඩී ගිය ටියුබ් බල්බ් උපයෝගී කොට ගනිමින් නිපදවු ක්‍ග ත්‍ග ඛ බල්බය හා අහක දමන කුනු පිලිස්සීමෙන් එක්වන තාප ශක්තිය මගින් ක්‍රියාකරන බහු ඉන්ධන දැලි නොබැදෙන උදුන ඒ අතර ප්‍රමුඛ තැනත් ගනී.

ඔහුගේ නවතම පර්යේෂණය මගින් කසල ප්‍රතිචක්‍රීයකරනය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියක් හඳුන්වාදී ඇත. මෙම ක්‍රියාවලිය මගින් බදුල්ල නගරයේ කසල ගැටළුවට විකල්පයක් ලබාදීමට ඔහු බලාපොරොත්තු වෙයි.
බදුල්ල නගරයෙන් දෛනිකව බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය …

ඉර හද යට අද අපි…..

එකම ඉර යට
එකම හඳ යට
එකම පොළවක ඉපදිලා
මහපොළව අපෙ අපෙ යැයි කියා
දෙකට බෙදිලා යුධකළා
උතුරුකරයේ තරුණයින්
මහවිරු සොහොන්වල සැතපිලා
දකුණුකරයේ තරුණයින්
දැයෙන් සමුගෙන සැතපිලා
යුද්දෙ මැද්දෙම ඉපදිචීච
කිරිසප්පයෝ
අද
තරුණයො වෙලා
ඉමක් නොපෙනෙන
නිමක් නොදකින
පිටරැටියන්ව පෝසත් කරන
අපේ උන්ව දුප්පත් කරන
අනුන්ගේ අවි අතදරා
අපේ උන්ගෙ දිවි තොරකරන
යුද්ධයක වල්මත් වෙලා?

හර්ෂණ බණ්ඩාර
2008/03/30


එළවළු වතුරේ ගොවීන් පාරේ




පසුගිය කාලයේ අස්වැන්න නෙලිමට පටන් ගැනිමත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ ගනන් පහත වැටුනා. මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු විකුණාගත නොහැකිවු අතර ඒවා සතුන්ට කෑමට දැමීමට පවා සිදුවුනා. විකල්ප මේ පිළිබඳව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අස්වැන්න රැගෙන පැමිණි ගොවීන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. ඉහත විඩියෝ පටයෙන් දැක්වෙනුයේ එම විඩියෝ පටයි.

« Previous entries ·