Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

කෝවිල් විනාශකර බුදු පිළිම හදන හමුදාව

[Editor Note – මානූෂීය මෙහෙයුම නමින් කරල ලද මහාපරිමාන මිනිස් ඝාතක යුද්ධය අවසන් වී වසර 3ක් ගෙවුනා පමණී. එපමණක්ද නොවේ එම යුද්ධයට හේතු වුනු කරැනු, යුද්ධයේ අවසන් කාලයේ දී සිදුවුනු මානුෂීය අයිතීන් උල්ලංඝණය වීම් මෙන්ම යලි එවන් තත්ත්වයක් ඇති නොවීමට කරැණු සොයා බලා තමන්ට වාර්තා කරන ලෙස රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කල උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාව මේ වන විට අවසන් වී ඇත. මාස ගණනක් ගතවී තිබියදීත් එහි නිර්දේශයන් වලින් සැලකිය යුතු කිසිවක් සිදුනොකර තිබෙන අවධියක, එය අදියර 4කින් ක්‍රියාත්මක කරන බවට රජයේ ඇතැම් ඇමතිවැරැන් මේ වන විට පවසයි. තත්ත්වය මෙසේ තිබියදී ප්‍රතිසංධානය ගැන විශාල වාර්තාවත් සමග ‘දැන් අපි එකම ජාතියක් ලෙස ඉදිරියට යනවා‘ යැයි ජනාධිපතිවරයා විදේශවල දී පවසන අතර තුර උතුරැ නැගෙණහිර අපූරැ ලෙස ප්‍රතිසංධානය ගැන අලුත් පාඩම් එහි ජනයාට කියා දෙමින් තිබේ. එම පාඩම් අතර මිලිටරි බලය පාවිච්චි කරමින් ප්‍රචණ්ඩ ලෙස බෙෘද්ධ කොඩි ඔසවාගෙන එම ප්‍රදේශවල සිදුකරන ආගමික සංහාරය පිළිබද කෙටියෙන් පහත උදාහරණ ඉදිරිපත් කරන්නේ බොහෝ සිංහල මාධ්‍යකරැවන් තම වර්ගවාදී මඩ වගුරේ තවමත් ගිලෙමින් සිටින අවස්ථාතාවකය.]

හමුදාව විසින් හින්දු ආගමිකයන්ගේ පූජා භූමි විනාශ කරමින් බෞද්ධ විහාර තැනීම කටයුතු පිළිබඳව සිදුවීම් බොහොමයක් උතුරු-නැගෙනහිර ප්‍රදේශ වලින් වාර්තා වේ. පහත දැක්වෙන්නේ තිනක්කුරල් (2012 ජුනි 05) පුවත් පතෙහි වාර්තා වූ එවැනි සිදු වීමකි.

කිලිනොච්චි, කිරුෂ්ණපුරම් ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අත්පත් කරගත් හමුදාව විසින් එහි තිබෙන හින්දු කෝවිලක් විනාශ කර බුදු පිළිමයක් තනන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරයි. පවුල් 15කට අයිති වන අක්කර 20ක පමණ භූමියක, හමුදාව විසින් බලහත්කාරයෙන් මෙම ක්‍රියාවේ යෙදෙන බවට ජනතාව පවසති. හමුදාවේ මෙම ක්‍රියාව නිසා තම ප්‍රදේශ අහිමි වූ ජනතාව දුෂ්කරතා මැද ඥාතීන්ගේ නිවෙස්වල ජීවත් වන බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ධරන් මහතා ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග මෙසේ පැවසීය.

“කිලිනොච්චි, කිරුෂ්ණපුරම් ප්‍රදේශයේ තිබූ ඝණපති කෝවිල ඉවත් කර එම ස්ථානයේම හමුදාව විසින් බුදු පිළිමයක් තැනීමේ ආරංචිය සත්‍යක්. මෙය අවුරුදු 30ක් පැරණි කෝවිලක්. 83 ජූලි කලබල අවස්ථාවේ ජීවිත, දේපළ අහිමි වුණු වතුකරයේ දෙමළ ජනතාව කිරුෂ්ණිපුරම් ප්‍රදේශයට ගිහිල්ලා පදිංචි වුණා. ඒ අය විසින් තමයි මෙම කෝවිල ගොඩනගලා තිබුණෙ. පසුගිය මාසයේ මෙම කෝවිලේ තිබුණ ඝණපති පිළිමය අතුරුදහන් වුණා කියලා ඒ ප්‍රදේශයේ ජනතාව මට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.”

මීට අමතරව මඩකලපුව, තාන්දාමලෛ, මුරුගන් කෝවිල අසල තිබෙන කන්දවේල් මුරුගන් කෝවිලට පසුගිය සිකුරාදා (01) හමුදා නිල ඇඳුමෙන් සැරසුණ පිරිසක් ඇතුළු වී, එහි තිබුණු ගල් කණු, කුඩා ගොඩනැගිල්ලක්, පූජා භාණ්ඩ විනාශ කර තිබුණු බව සුඩර්ඔලි (2012 ජුනි 04) පුවත් පතෙහි සඳහන් විය. එම සිදුවීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී අරියනේත්තිරන්, සුඩර්ඔලි පුවත් පතට දැක් වූ අදහස් මෙසේය,

“තාන්දාමලෛ, මුරුගන් කෝවිල සහ එහි අවට ප්‍රදේශය හින්දු ආගමිකයන්ගේ ඓෙතිහාසික පූජාභූමියක්. මෑත කාලයක සිට මේ ප්‍රදේශයේ සිංහල ජනතාව සහ හමුදාව එකතු වී හින්දු ආගමික ස්ථාන විනාශ කර බෞද්ධ විහාර තැනීමට උත්සාහ කරමින් සිටිනවා.”

“මෙම කටයුත්තේම තවත් අදියරක් ලෙස කච්චයිකොඩි, ස්වාමිමලෛ හින්දු ආගමිකයන්ගේ ඓෙතිහාසික පූජා භූමියේ බෞද්ධ භික්ෂූන්, හමුදාව සහ පොලීසිය එකතු වෙලා බෞද්ධ විහාරයක් තැනීමේ කටයුත්තක් සිදුකරමින් සිටිනවා. මේ කටයුත්ත වහාම නවත්වන්න ක්‍රියාකරන්න කියලා මම ජනාධිපතිගෙන් ඉල්ලා සිටියා.”

“හින්දු ආගමිකයන්ගෙ පූජා භූමි විනාශ කරමින්, රජයේ අනුග්‍රහයෙන් බෞද්ධ භික්ෂූන් එම හින්දු පූජා භූමි වල විහාර තනමින් සිටිනවා. මෙම ක්‍රියාවට හමුදාව සහ පොලීසය ආරක්ෂාවද සපයනවා.”

පහත පළවන්නේ නැගෙණහිර පලාතේ සිදුකරල ලද විනාශයේ ඡායාරෑපය(එම කෝවිල් බිමේ වනා ඇති හමුදා ඇදුම්වලට සමාන ඇදුම් ද දිස්වේ.


Photo by – www.tamilwin.com