සිංහල, Economic issues, Features, Moneragala

පොහොර සහණාධාරයක් දෙන්න.. ඌවේ උක් ගොවීහූ රජයෙන් ඉල්ලති.


කුඹුරු ගොවීන් සඳහා දෙනු ලබන පොහොර සහණාධාරය උක් ගොවීන්ටත් ලබා දිමට පියවර ගත යුතුව ඇතැයි ඌව පළාතේ උක් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති.
රුපියල් දහස් ගණනක් දී පොහොර මිළයට ගෙන උක්ගස් වගා කිරීම ලාභ ලැබිය නොහැකි වගාවක් වන බැවින් කඩිනමින් රජයේ අවධානය මේ සඳහා යොමු විය යුතු යැයි ගොවීහූ අවධාරණය කරති. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථික භෝගය උක්වගාව බවට පත්ව ඇති බවත් විශාල ගොවීන් පිරිසක් මේවන විටත් උක් වගාවට යොමුව ඇති බවත් වාර්තාවේ.
මේ පිළිබඳව ‛විකල්ප’ සමඟ අදහස් දක්වන මොණරාගල ප්‍රදේශයේ ගොවීන් පිරිසක්

‛‛කලකට ඉහත දී මොණරාගල දිස්ත්‍රික්කයේ උක්වගාව සිදුකිරීමට මෙතරම් අපහසුවක් උනේ නෑ. ඊට හේතුව මෙ පොළොව සරුවට තිබුණා. එතරම් පොහොර ප්‍රමාණයක් අවශ්‍ය උනේ නෑ. අද එහෙම නොවෙයි. පොහොර මොනතරම් දැම්මත් උක් ගස් හදන්න බෑ. පොහොර විතරක් නොවෙයි, කෘෂි රසායන ද්‍රව්‍ය, බීජ උක්, කම්කරු කුළිය, උක් කැපීම සහ පැටවුම් කුළිය ඒ සියල්ලටම වඩා වැඩියි. මේ සියල්ල සලකා බලා උක්වගාව තව දුරටත් කරගෙන යන්නට නම් අඩුතරමින් පොහොර සහණාධාරයක් ලැබිය යුතුයි’’

දඹේගොඩ ජිනදාස
වැල්ලවාය
Pic by Internet