සිංහල, Economic issues, Moneragala

ඌවට අහිමි වූ ගුවන් තොටුපල යළි ඉල්ලති.

එක්සත් ජාතික පක්ෂ රජය මඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ ඌව කුඩා ඔය ප්‍රදේශයේ පිහිටුවන්නට සියලු වැඩකටයුතු සූදානම් කරනලද තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල හම්බන්තොට ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව සිය නොසතුට පළ කර සිටියි.
වත්මන් රජය බලයට ඒමත් සමඟම වැල්ලවාය ගුවන් තොටුපල ඉදිකිරීමේ තීන්දුව වෙනස් කරමින් එය වෙනත් ප්‍රදේශයක පිහිටුවන්නට තීරණය කරන ලදි.
වැල්ලවායේ මෙම ගුවන් තොටුපළ පිහිටු වී නම් මෙම ප්‍රදේශය තුළ අංග සම්පූර්ණ නගර හා පුඑල් මාර්ග පද්ධතියක් ඉදිවන අතර යටිතල පහසුකම් සම්පූර්ණ වන්නට තිබුණි. ඒ නිසා මේ සියල්ලම මේ වනවිට ඌව පළාතට අහිමි වී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
මේ දිනවල පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ වේදිකාවලින් වැල්ලවායට අහිමු වූ ගුවන්තොටුපළ පිළිබඳව අසන්නට ලැබෙන අතර එය කඩිනමින් ඌව පළාතට ලබා දීමට රජය තීරණයක් ගත යුතුව ඇතැයි දේශපානඥයින් අවධාරණය කර සිටිති.

දඹේගොඩ ජිනදාස
වැල්ලවාය