Featured Articles, Features, Puttalam

ඇයි මේ සිංහයො සත්තු මරනවට විරුද්ධ


පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක් කරල අධිකරණ නියෝග අරගෙන මෙම පුජාව නතර කරල තිබුනා. සත්ත්ව ඝාතනයට එරෙහිවිම හොද ක‍්‍රියාවකි. මෙතෙන තියෙන ප‍්‍රශ්නෙ මේ බීලි පුජාවට එරෙහි වෙන්නෙ පසුගිය යුධ සමයේ දස දහස් ගණන් මිනිස්සු අමු අමුවේ උතුරේ මැරෙද්දි ඒ මරණ වලට ආශිර්වාද කරමින් පිරිත් කියු පිරිසක් ඔවුන් උතුරේ මිනිස්සු මැරෙද්දි විරුද්ධ නොවුනේ ඇයි ?

අදටත් මිනිසුන් අතුරුදහන් වෙද්දි ඒවාට විරුද්ද නොවුනේ ඇයි ? උතුරේ මැරුණ මිනිස්සු දෙමළ නිසාද එසේ නොවුනේ ? ඒත් යුද්ධයෙන් පස්සෙ සිංහල ජාතිවාදින්ට දැන් රිසිසේ තම බලය පෙන්වන්න පුලූවන් වෙලා තියෙනව. ඒකයි මෙහෙම කරන්නෙ. තම අයිතීන් ඉල්ලා කටුනායකදී රොෂේන් ලා පාරට බහිද්දි හලාවතින් ඇන්ටනී ලා පාරට එද්දි රොෂේන්ලව, ඇන්ටනීලව මරලදාද්දි ඔය මිනිස්සු කොහෙද හිටියේ. නඩු, චෝදනා නැතුව දෙමළ තරුණ තරුණියෝ බන්ධනාගාර වල හිර කරන් ඉන්නවා ඒ බන්ධනාගාර වලට කඩා පැනලා අමානුෂිකව ඒ අයට ගහල වධ දීලා මරලා දාද්දි ඔය අවිහිංසාවාදයට මොකද වෙලා තිබුනේ ?

ගිය වසරේ මෙම බීලි පුජාව සුදානම් කරල තියෙද්දි තම අනිසි බලය පෙන්නල අපේ රටේ මහජන සම්බන්ධතා ඇමති ඒ සත්තු අරන් ආවා. අදටත් ඒ සත්තුන්ට මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නම් නැතුව ඇති. යුද්ධයේ අවසන් කාලේ උතුරේත් මේ වගේම සිද්ධියක් වුනා. හැබැයි ඒ සත්තුන්ට නෙමේ මිනිස්සුන්ට. යුද්දේ අවසන් කාලේදි යුධ මුක්ත කලාපේ ඉදලා රජයේ හමුදා ඉන්න පැත්තට දෙමළ මිනිස්සු ආවා. ඒ එක්ක කොටි සාමාජිකයිනුත් ආවා කියලා වාර්තා උනා. එහෙම ආපු කොටි සාමාජිකයින් භාර වෙන්න කියලා හමුදාව අණ කරා. හමුදාවේ මානුෂිය ගුණය දන්න නිසා කිසි කෙනෙක් භාර වුනේ නම් නැහැ. නමුත් එතන හිටපු කතෝලික පුජාකතුමෙක් ඉදිරිපත් වෙලා ඒ අයට භාර වෙන්න කිවුවා. සෑහෙන පිරිසක් භාර වුනා. ඒ අයව අර පුජකතුමත් සමග බස් වල දාගෙන කොහෙටද අරන් ගියා. අද වෙනකම් කිසි කෙනෙක් දන්නේ නැහැ ඒ පුජක තුමාටයි භාර වුන අයටයි මොකද වුනේ කියලා. ඒ අය කොහෙද ඉන්නේ කියලා. අපේ රටේ මහජන සම්බන්ධතා ඇමති මේ සිද්ධිය දන්නේ නැතුව ඇති. නැත්නම් එතුමා තාම ඒ අයව හොයනව ඇති. සිංහල බෞද්ධ ජාතිවාදි පිරිස් නම් කියන්නේ අපි දෙමළ අයට හොදට සළකනවා, රට බෙදන්නවත් බලය බෙදන්නවත් ඕනේ නැහැ. අපිට එකට ඉන්න පුලුවන් කියලා. මෙහෙම වෙන්න ඇති දෙමළ මිනිස්සුන්ට හොදට සළකන්නෙ. ආගම අදහන්වත් දෙන්නෙ නැතුව. ඉතින් ඒ මිනිස්සුන්ට මෙහෙම සළකද්දි ඒ මිනිස්සු යුද්ධ නොකර වෙනම රටක් ඉල්ලන්නෙ නැත්නම් තමා පුදුම.

යුද්දේ තිබුන කාලෙත් අදත් මිනිස්සු දහස් ගණනින් අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන්වීම් වලට එරෙහි නොවුන අය ඒවට කථා නොකරපු අය තමන් ගෙදර ඇති කරන සතාව දෙවියන්ට පුජා කරලා ආශිර්වාද ලබා ගන්න හදද්දි ඒකට විරුද්ධව මහා සද්ද දානව. පුජා භූමී වලින් මුස්ලිම් පල්ලි අයින් කරන්න කියනව. ඇයි මුස්ලිම් පල්ලි පුජා ස්ථාන නෙමේද? සිංහල බෞද්ධ ජාතිවාදින් අද හැසිරෙන්නේ මේ වල් බුරු නිදහස අතට අරගෙන, අනිත් ජාතීන්, ආගම් තාලාපෙලා දාමින්. ඇත්තටම මේ ජාතිවාදින් මේකට විරුද්ධ වෙන්න ඕනේ නැහැ. මේක සිංහයින්ගේ රටනේ සිංහයො කන්නේ සත්තු මරා ගෙනනෙ ඉතින් ඇයි මේ සිංහයො සත්තු මරනවට විරුද්ධ සමහරවිට මේ සිංහයො ආස දෙමළ මිනිස්සුගෙ මස් කන්න විතරක් වෙන්න ඇති.

රොහාන් චතුරංග[Rohan Chathuranga]

[Photo Credit:www.sinhalabuddhist.com]