Anuradhapura, සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වීරයන්ගේ මාසය


නොවැම්බර් මාසය ලෝකයේ සෑම කතෝලිකයෙක්ටම සුවිශේෂි මාසයකි. ඒ ඔවුන් මෙම මාසය මළවුවන් වෙනුවෙන් වෙන් කර ඇති නිසාය. ඒ වගේම මේ මාසය ලංකාවේ දේශපානයටද සුවිශේෂි මාසයකි. ඒ රෝහණ විජේවීර ප‍්‍රමුඛ ඉල් මහ විරුවන් සමරන නිසාත්. කොටි සංවිධානය තම මහ විරුවන් සමරන නිසාත්ය. ඉල් මහ වරුවන් මෙන්ම මහ විරුවන්ද සටන් කළේ තම පුද්ගලික අවශ්‍යතා මත නොව මිනිසුන් වෙනුවෙන්ය. සටන් කෙරු ආකාරය පිළිබ`දව ගැට`ඵ පැවතුනද ඔවුන් සටන් කළේ තමන්ගේ ජනතාව වෙනුවෙන්ය. මෙය හුද පුද්ගලික සටනක් නොව මෙය තම අයිතීන් වෙනුවෙන් වු දේශපාලන සටනකි. ප‍්‍රශ්නය නම් ඉල් මහ විරුවන් සමරනුන්ට කොටි සංවිධානය ත‍්‍රස්ත සංවිධානයකි. ප‍්‍රභාකරන් ත‍්‍රස්තවාදියෙක්නම් විජේවීරද ත‍්‍රස්තවාදියෙකි. ඔවුන් දෙදෙනාම ආයුධ සන්නද්ධ අරගලයකින් තම අයිතින් වෙනුවෙන් සටන් කරන ලදී. සිදුවුයේ ප‍්‍රභාකරන් දෙමළ ජාතිය වෙනුවෙන් හා විජේවීර සිංහල ජාතිය වෙනුවෙන් සටන් කිරිම හා ප‍්‍රභාකරන්ගේ සටන දරුණුවීම පමණයි. සිංහල හමුදාව රණවිරුවන් නම් දෙමළ කොටි හමුදාවද දෙමළ ජනයාට රණවිරුවන්ය.

ඔවුන් සටන් කළේ තම ජාතිය වෙනුවෙන්ය. කොටි සංවිධානය හැදින්වුයේ ලොව දරුණුතම ත‍්‍රස්ත සංවිධානය ලෙසය. එවැනි දරුණු ත‍්‍රස්ත සංවිධානයක් යුධමය වශයෙන් පරාජය කිරිමට නම් ඔවුන් සම`ග සටන් කරන්නවුන් ඊටත් වැඩියෙන් මිලේච්ඡු විය යුතුය. කෙසේ වෙතත් අප අමතක නොකළ යුත්තේ හරි හෝ වැරදි හෝ වේවා ඔවුන් සටන් කළේ වඩා යහපත් හෙට දිනයක් ස`දහාය. නමුත් මිනිසුන් මරා ආයුධ සන්නද්ද අරගලයකින් මිනිසුන්නට යුක්තිිය ඉටු කර දිය නොහැකි බව ඔවුන්ට වැටහෙන්නට නැතිව ඇති. යුධමය වශයෙන් දැන් කොටි සංවිධානය පරාජ වී හමාරය. දැන් මේ ජාතිවාදින් සුදනම් වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයද අහෝසි කරමින් දෙමළ ජාතිය දේශපාලන වශයෙන්ද පරාජය කිරිමටය. දෙමළ ජාතිය වෙත මෙලෙස වෛරය වපුරාව නැවත මේ රටේ යුද්ධයක් ඇති කිරිමට ඔවුන් වෙර දරයි.

මැණික්ෆාම් කදවුර වසා ඔවුන්ව කැලයකට කොටු කර දමා ඔවුන්ගේ ඉඩම් උදුරාගෙන සංහිදියාව ඇති කළ නොහැක. බන්ධනාගාර වලට කඩා වැ`දි එහි සිටින වැරදිකරුවන්, සැකකරුවන් මරා දමා වඩා යහපත් සමාජයක් ඇති කර නොහැකිය. හමුදාව දමා මර්දනය කර ජනතා නැ`ගිටිම් පාලනය කළ නොහැකිය. පලකයෝ තේරුම් ගත යුත්තේ එයයි.

මෙය මළවුවන්ගේ මාසය නොව ජනතාවට වඩා යහපත් හෙටක් උදා කිරිමට දිවි පුදුවන්ගේ මාසයයි. එයට සිංහල දෙමළ භේදයක් නැත. ජනතාව වෙනුවෙන් සටන් කළ සියල්ලෝම වීරයන්ය. වඩා වැදගත්ම දේ මේ මාසයේ එවුන් සිහිකර අනෙක් දිනවල ඔවුන් අමතක කිරිම නොව ඔවුන් දිවිපුදු වඩා යහපත් ලෝකයක් උදා කිරිමට සටන් කිරිමයි.

රොෂාන් චතුරංග