සිංහල, Democracy, Governance, Human Rights, Human Security, International Relations, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපන සිසුන්ට “නඩු නැතිනම් නිදහස” මානව හිමිකම් සංවිධානයක් රජයෙන් ඉල්ලයි

120126021258_human_rights_watch_304x171_hrw_nocredit

අත්අඩංගුවේ පසුවන යාපන විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව නඩු පවරන ලෙස හෝ එසේ නැතිනම් ඔවුන් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

“පැමිණිලි ඉදිරිපත් නොකොට, මේ ආකාරයෙන් සිසුන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් පුනරුත්ථාපනය සඳහා පටවා යැවීම මගින්, ඕනෑම දෙමළ ජාතිකයෙක් කිසිදු හේතුවකින් තොරව අත් අඩංගුවට ගෙන, ඕනෑම කාලයක් රඳවා ගත හැකි තත්වයක් ඇති බව හැඟවෙන භයානක පණිවුඩයක් නිකුත් වනවා.” යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කළාප අධ්‍යක්‍ෂ බ්‍රැඩ් ඇඩම්ස් ප්‍රකාශ කරයි.

පුනරුත්ථාපන මධ්‍යස්ථාන

යුද්ධයෙන් මියගිය එල් ටී ටී ඊ සටන් කරුවන් සමරමින් පහන් දැල්වීමේ සිද්ධියකින් පසු ඇතිවූ ගැටුමකින් පසුව නොවැම්බර 27දා අත්අඩංගුවට ගනු ලැබූ මෙම සිසුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා ගෙනගොස් ඇති බවයි රජය ප්‍රකාශ කරන්නේ.

“රජයේ මතයට පටහැණි මතදරන්නන් හට සාමකාමී ක්‍රියාකාරකම් තුලින් තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති මුලික මානව අයිතිය, නීති විරෝධී නොවන බව පිළිගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් විය යුතුයි.” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කළාප අධ්‍යක්‍ෂ බ්‍රැඩ් ඇඩම්ස් තවදුරටත් කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ

උප කුලපතිනි වසන්ති අර්සරත්නම්ගේ ප්‍රධානත්වයෙන් යුත් යාපන විශ්ව විද්‍යාල දූත පිරිසක් පසුගිය සිකුරාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී වැලිකන්ද පුනරුත්ථාපන කඳවුරේ රඳවාගෙන සිටින යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනා නිදහස් කරන මෙන් තමන් කළ ඉල්ලීම ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව විශ්ව විද්‍යාල බලධාරීන් බී බී සී දෙමළ සේවය සමග පැවති සාකච්ඡාවකදී හෙළිදරව් කරනු ලැබීය.

@BBC