සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

අප කොතරම් ආගමිකද? කොතරම් ශිෂ්ටාචාරද?

දේශපාලන මති මතාන්තර, නීතිරීති, ව්‍යවස්ථා, සාකච්ඡා, එකඟතා ආදී දහසක් ක්‍රමවේද වලින් අපට කිසි අඩුවක් නැත. එහෙත් අප කොතරම් ශිෂ්ට සම්පන්නද යන කරුණ ගැන බරපතල ප්‍රශ්නයක් ඇත. එය විසඳා ගන්නා තුරු කිසිම ගැටලුවක් විසඳා ගත නොහැකිය. නීතියටත්, අවනීතියටත් කැලෑ නීතියටත් සැකය පදනම් කර ගත හැකිය.
සියලුම ජාතීන්ට ගැටලු ඇති. එහෙත් ඔවුන් අතර කොටසක් සරණාගතයන් වීම ඔවුන්ට පමණක් නොව කාටත් විශේෂ ප්‍රශ්නයකි.
සරණාගතයෝ හිඟන්නෝ නොවෙති. ඔවුහු සරනාගතයන් බවට පත් කරනු ලැබුවෝ වෙති. ඔවුහු අපගේ සැකයේ ගොදුරු බවට පත් වූවෝ ය. සැක කළ යුත්තන් මෙන්ම අප සැක කරන අයගේ වර්ගයට අයත් වුවන්ද සැක කිරීම අපගේ දේශපාලන ධරම්ය වන්නේ ය. එම සැක කිරීම සියලු කුරිරුකම්. අමනකම් කිරීමට බල පත්‍රයක් කර ගැනීම සංස්කෘතිය ලෙස සලකන තැනට අපි පත්ව සිටිමු. මළවුන් වෙනුවෙන් කිරිබත් කන මිනිසුන් වී සිටිමු.
සරණාගතයන් සිය දුක් වේදනා මඟින් නිහඬව අප මේ යුගයේ බරපතල ප්‍රශ්න කිරීමකට යොමු කර ඇත. එනම් ඔබ තුළ මනුස්සකම තිබේද? ඔබ පිටට පෙන්වන තරම් ආගම දහමට ළැදිද? මිනිසුන්ගේ විපතේ දී හෙලීමට ඔබේ ඇස් වල කඳුළක් ඉතිරිව තිබේද? මනුෂ්‍ය වර්ගයාට වගකීමට තරම් ඔබට හැදිච්ච කමක් තිබේද?

මේ ප්‍රශ්න වලට දිය හැකි සාධාරණ පිළිතුර මනුස්සකමය.