සිංහල, Democracy, Features, Governance, Hambantota

ජයත්, පැරදුමත් විඳදරාගත නොහැකිව සංධානයේම ගැටුම්, කාන්තාවකට වෙඩි තබයි.

SRILANKA/

පසුගිය 10දා පැවති දකුණු පළාත් සභා ජන්දයෙන් පසුව ඊයේ(11)මනාප ජන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සංන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමකදී එක් කාන්තාවකට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ.

මෙසේ වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ සමෘද්ධි නියාමකවරියක වන ‛චන්ද්‍රා පද්මා’ නැමති අය බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු සංධානයේ කපිල දිසානායක මහතාගේ ජයග්‍රහණය සමරමින් සිටි අවස්ථාවේ එතනට පැමිණි සංධානයේම පරාජිත අපේක්ෂකයකුවන යුසූෆ් හෙවත් ‛රාජා මහත්තයා’ සමඟ ඇති වූ බහින් බස් වීමකිදී මෙම වෙඩි තැබිම සිදුවූ බව ‛විකල්ප’ වෙබ් අඩවියට වාර්තාවේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ හම්බන්තොට ඉඳිචින්න ප්‍රදේශයේ දී ය.

Pic by Internet