Colombo, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

කිරීම සහ කරගැනීම


“අපි සමහරක් දෙනා විශ්වාස කරනවා වෙනස් කරන්න පුළුවන් කියා, ඉන්පසු සමහර වෙලාවට අපි ඇහැරෙනවා ඉන් පස්සේ අපට තේරෙනවා අපි පරාජිතයි කියා”
(හෙන්ට්‍රි බාතෙස් – ඩිටෑච්මන්ට්)

Photo Credit: AFP
Photo Credit: AFP

මහින්ද රාජපක්ෂ තම ජෝතිර්වෙදියා දිනන වෙලාවක් දෙනතෙක් උතුරු පළාතේ මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කිරීමට සැදී පැහැදී සිටින බව සඳහන් කළ බව ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරතිබුණි. පුවත්පත වැඩිදුරටත් වාර්තා කළ පරිදි දුම්වැටි සහ මත් ද්‍රව්‍ය වල මිල ඉහල දමන විට කිසිම පැමිණිල්ලක් නොකරන අය විදුලි ගාස්තුව වැඩිවන විට කන් කෙඳිරි ගාන බව හෙතම ප්‍රකාශ කොට ඇත. එය ඔහු කියා ඇත්තේ වැලිඔයදී තෝරාගත් පිරිසකට ඉඩම් ඔප්පු ලබාදීමේ උළෙලකදීය.

රාජපක්ෂ මේ ආකාරයෙන් ප්‍රකාශ කිරීම ගැන පුදුම විය යුතු නැත. එය ඔහුට ඇති එකම විලක්පයද වේ. රටේ නායකයාගේ තත්ත්වය මෙය ය. ඔහු වගකීම් ගන්නා ආකාරය මෙයය. හුලං ගසා පුම්බනු ලැබූ බැලුනයක් සිදුරු කළවිට හුළං යන්නාක් මෙන් ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ ප්‍රතිරූපය දිනෙන් දින පිරිහෙමින් තිබේ. ඒ කිසිවෙක් හෝ කිසිවක් නිසා නොව ඔහු නිසාමය. මහින්ද මහින්ද නොවීමට හැකි උපරිම උත්සාහය ගත්තේය, ඒ සඳහා ඔහු හැකි පමණ වියදම් කළේය. නමුත් ඔහුට එය කළ නොහැකි විය. ඉන් පසු මහින්ද මහින්ද වීමට උත්සහ කළේය. මහින්ද මහින්දම වී රට උලාකමින් සිටින්නේ මේ නිසාය. මෙය හැරෙන්නට වෙනත් දෙයක් ඔහුගෙන් බලාපොරොත්තු වීම ඌ කලී කිරි යැයි සිතා ගොම බීමය.

විදුලි බිල වැඩි වීම; තමාගේ ප්‍රෝඩාකාරී මතට තිත වැඩපිළිවෙල යටතේ මත්ද්‍රව්‍ය වල මිල වැඩිකිරීම හා ගැලපීමට යාමෙන්ම රටේ නායකයාගේ මානසික ස්වභාවය තේරුම් ගැනීම අපහසු නොවේ. මොහුට මොහුගේ පවුලේ උදවිය හැරෙන්නට අනෙක් කිසිවෙකුට වටිනාකමක් ලබාදීමේ ගුණයක් නැත. එවැන්නක් ලබා දෙන්නේනම් එය තමාගේ අපලය මඟ හරවාගැනීමට හෝ තමන්ගේ ආවතේවකම් කරගැනීමට මිස වෙන කිසිවෙකට නොවේ. මීට කලකට පෙර සර්වඥ ධාතු රට වටේ වන්දනා කිරීමට අවස්ථාව සලසා දෙන බව කියමින් රටේ ලක්ෂ ගණන් මිනිසුන් මහපාරවල් වලට ඇද දමා මහජනතාවගේ කාලය නාස්ති කරනු ලැබුවේ රටට පිනක් කරදීමට නොව තමන්ගේ අපල මඟ හරවා ගැනීමට බව ඔහු පමණක් නොව ඔහු ගැන දන්නා සියල්ලෝම දනිති. රාජපක්ෂට ඇසට ගැටෙන හැමදේම තමන්ගේ බලය වැඩිකරගැනීම වෙනුවෙන් භාවිතයට ගත යුතු විෂයන් පමණි.

රාජපක්ෂ මේ ඔප්පු කරමින් සිටින්නේ කුමක්ද? ඒ වූකලී අප බොහෝ දෙනෙකුට මෙන්; සංකීර්ණත්වයෙන් සහ යථාර්තයෙන් අපිව ඈත් වීමට නම් උමතුබවකට තල්ලු වීම සඳහා යමක් අවශ්‍ය වේ. එය අපගේ මැවීමේ ලෝකය තුළ උපදින සංකීර්ණත්වයක යථාර්ථයකි. එය උමතුවක් ලෙස නොව ප්‍රතිකාරයක් හෙවත් ඖෂධයක් ලෙස තේරුම් ගන්නා අප යථාර්තය අතර පරතරයක් නිර්මාණය කිරීමට වාහකයක් ලෙස යොදා ගෙන එම උමතුව සතුටු කිරීම සඳහා හැකි උපරිම වෙහෙස දරයි. එය තමා තුළ පමණක් නොව තමා අවට සිටින අයවලුන් සමඟද සාදාරනීකරණය කිරීමට වෙහෙස දරයි. මෙය එදිනෙදා ජීවිතයේදී අපට නිරන්තරයෙන් හමුවෙන යථක් වේ. රාජපක්ෂ යථාර්ථයෙන් සහ පැටලී සිටින අතිශය සංකීරණ ජාලයෙන් විනාශවීම වැලැක්වීම සඳහා භාවිතාකරන උමතු දේශපාලනයද මෙහිම ප්‍රවණතාවයකි. මෙය කිරීමට නම් ඔහු ජාතික වශයෙන් තමා යථාර්තයට දක්වන භිය වීරත්වයකට තල්ලු කළ යුතුය. සංකීරණවූ පැටලීම දේශප්‍රේමීයත්වය ආරූඪ කළ යුතුය.

තම ජෝතිර්වෙදියා දිනන වෙලාවක් ලබාදෙන තෙක් මැතිවරණයේ දිනය ප්‍රකාශ කළ නොහැකි බව කියන්නෙත් ඉන් පසු තම හූනියම් යන්ත්‍රය ජනතාව ඉදිරියේ පෙන්නමින් ඊට රටේ මිනිසුන් වශී වෙතැයි සිතන්නෙත් පෙර විස්තර කළ මනෝභාවික ස්වභාවයේම සංකීර්ණයකි. සැබවින්ම රටේ සැබෑ නායකයා අදාළ ජෝර්තිවෙදියා ද නොඑසේනම් රාජපක්ෂ ද යන්න තේරුම් ගැනීම ඉන් අපහසු නැත. බොහොමයක් අප අප දෙමසම බැලුවිට පෙනී යන ඇත්ත වන්නේද මෙයයි. එනම් ඔබට වඩා ඔබ වන කෙනෙක් සෙවීමට ඔබ උත්සහ ගනී. එහිදී ඔබ බලාපොරොත්තුවෙන් සිටි දෙයත් ඔබත් ඔබට අහිමි වේ. එය අනන්‍යතා අර්බුධයක් (අයිඩෙන්ටිටි ක්‍රයිසිස්) වෙත තල්ලු කරනු ලබයි. එය අතිශය සංකීර්ණ මානසික ව්‍යාකූල ස්වභාවයක් වන අතර අතිශය පරෙස්සමින් ලිහාගත යුතු අවුල් වී ගිය ජාලයකි.

රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු මෙම අනන්‍යතා අර්බුධයෙන් පෙලෙන අයවලුන් වේ. ඒ නිසා ඔවුන්ට ඇත්තට වඩා මැවීමට සිදු වී තිබේ. වැඩකිරීමට වඩා වැඩකරගැනීමට සහ ඒවා විශාල කොට පෙන්වීමට සිදු වී තිබේ. රටේ නායකත්වය එවැනි මානසික ස්වභාවක් විසින් මෙහෙයවන විට ඉන් ලැබෙන අස්වැන්න ගැන පැහැදිලි කළ යුතු නොවේ. ඔබට මුං වපුරා වී බලාපොරොත්තු විය නොහැකි යයි කියන්නේ මේ නිසාය. නමුත් රාජපක්ෂ මුං වපුරා වී බලාපොරත්තු වෙන අයෙකි. උතුරේ ජනතාවට තවත් ප්‍රභාකරන් කෙනක් වූ ඔහු මැතිවරණයෙන් ජයගැනීමට සිහින දැකීම කදිම ඛේදයකි. රටේ දේශපාලඥයින් සියල්ලටම පාහේ බොරු කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ඇත්ත කැමැත්ත බලෙන් විකෘති කිරීමට සිදු වී තිබෙන්නේ මේ නිසාය. සරත් ෆොන්සේකාට පක්ෂව ලැබුණු ඡන්ද මඩවලවල් වලට විසිකර දැමීමට සිදු වූයේ මේ නිසාය. වෙනත් ආකාරයකට කිවහොත් මෙය වූ කලී කිරීම සහ කරගැනීම අතර ඇති වෙනසයි.

ලංකාවේ සමස්ත දේශපාලනය ගෙන බැලුවහොත් පැහැදිලිවම දැකගත හැක්කේ, දේශපාලනඥයින්ගේ භිය, අපි වීරත්වයක් ලෙස හඳුනාගෙන කාලාන්තරයක් තිස්සේ රැවටීමේ, මංමුලා වීමේ කටුක වේදනාව මිස වෙන කිසිවක් නොවේ. මෙය ප්‍රධාන පක්ෂ අරම්භයා පමණක් නොවේ; විමුක්තිය ලබා දීමට යයි කියමින් දකුණේත් , උතුරේත් රැගෙන ගිය කුහක අරගල වලින්ද සනාථ වූයේ මෙයම වේ. මොවුන් සියල්ලම තීරණ ගෙන ඇත්තේ පුර්ව නිගමන වල සිට මිස රටේ පෘතුල අවශ්‍යතාවයක් සලකා නොවේ. එක අතකින් විලිලජ්ජාවත් අනෙක් අතින් තමාගේ වරද අඩුම තරමින් තාමටවත් පිළිගැනීමට දක්වන මැලිකමත් හේතුවෙන් ඔවුහු සෑම විටම එය ප්‍රශ්න කරන්නා විනාශ කිරීමට කුරුමානම් ඇල්ලුවා මිස තමාගේ අවුල ලිහා ගැනීමට පෙළඹුනේ නැත. ඊට බලපෑ මුලික හේතුව වන්නේ; තමාගේ විමුක්තිය සුරක්ෂිත වන්නේ අසල්වැසියාගේ විමුක්තිය රැකගැනීමට උදව් කිරීමෙන් බව අප හිතා මතාම අමතක කොට අප වටා ඇති විශ්වාසයන් කරපින්නාගෙන කූඩු ගත වීමයි.

තවත් කාලයක් රාජපක්ෂ නටන නාඩගම නැටුව හොත් රාජපක්ෂගේ දිනන වෙලාව එන තෙක් රටේ මිනිසුන් නොකා නොබී සිටිය යුතු බවට ඔහු අණ කරනු ඇත. එය තවත් සංකීරණ වුවහොත් රාජපක්ෂගේ දිනන වෙලාව එන තෙක් රටේ මිනිසුන්ට මළපහ කිරීමටත් රාජපක්ෂගේ අණ ලැබෙන තෙක් සිටීමට සිදු වනු ඇත. ගෞතම බුදුන් සුනු විසුනු කොට දමන තෙක් හින්දු බමුණන් තම ආධිපත්‍ය පවත්වා ගැනීම සඳහා වසර දහස් ගණනක් තිස්සේ පුරාන ඉන්දියාවේ සිදු කළ රංගනයද මෙයයි.

[Photo: www.livemint.com]

Nilanthailangamuvaනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa