Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Politics and Governance

විදුලිබිලට එරෙහිව දහස් ගණනින් කොළඹට(ඡායාරෑප)

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරල ලද විරෝධතා පාගමන අද(15) පස්වරැවේ බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. එම විරෝධතාවයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ ඇතුලු දහස් ගණනක් ජනතාව එක් වී සිටියේ ය.

බොරැල්ලෙන් ආරම්භ කරන ලද විරෝධතා පාගමන කොළඹ කොටුව දක්වා ගමන් ගත් අතර ටෙක්නිකල් මංසන්දියේදී පොලීසිය විසින් එයට බාධා කළ අතර එය නොතකා විරෝධතාකරැවන් කොටුව දුම්රියපොල අසලට ගමන් ගෙන එහිදී රැස්වීමක් පැවැත්වීය.

කෙසේ නමුත් ඒ වන විට ආණ්ඩු හිතවාදී කුලී විරෝධතාකරැවන් සුපුරැදු ලෙසම එම මහජන විරෝධය මැඩපැවැත්වීම සදහා කොටුව දුම්රියපොල අසල විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර, කැම්බල් පිටියෙන් “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් ඇරඹී විරෝධතාවය කොටුවට ලගාවත්ම ආණ්ඩු හිතවාදී උද්ඝෝෂකයින් විසිර යනු දක්නට ලැබීය.

(“විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් ඇරඹී විරෝධයට
පොලීසිය බාධා කල අයුරැත් විරෝධයේ අනිකුත්‍අවස්ථාවනුත්(Video|Photos) ‘විකල්ප‘ තුළින් ඉක්මනින් බලාපොරොත්තු වන්න.)

පහත පලවන්නේ “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ සංවිධානය කළ විරෝධතාවයේ විශේෂ අවස්ථාවන් කිහිපයක්

IMG_1070

IMG_1071

IMG_1074

DSC_0121

DSC_0134

IMG_1084

DSC_0110

@VIKALPA