සිංහල, Colombo, Corruption, Democracy

එස්.බී. පනී

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා මධ්‍යම පලාත් සභාවේ වපක්ෂ නායක එස්.බී. දිසානායක මහතා රජයට එක්වන බව අද ප්‍රකාශ කලේය. අද කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කලේ තමා එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු අතහැර ජනාධිපතිතුමාගේ ජයග්‍රහනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකවන බවයි. ඔයේ ගලහ ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හඟුරන්කෙත පිහිටි එස්.බී. දිසානායක මහතාගේ නිවසේදී ඔහුව මුණ ගැසි සාකච්ඡා පැවැත්වා තිබිණි.
පසුගිය චන්ද්‍රකා කුමාණතුංග ජනාධිපතිනියගේ කාලයේ එම රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වූ එස්.බී.දිසානායක මහතා. එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වරයා ලෙසද කටයුතු කරනු ලැබුවේය. පසුව 2002 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී එම වසරේ පැවති පාර්ලිමෙන්තු මැතිවරණයෙන් ජය ලබා එක්සත් ජාතික පෙරමුණු රජයේ යෞවන කටයුතු, ක්‍රිඩා හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
2005 වසරේ ජනාධිපති කුමාරණතුංග මහත්මිය විසින් පැවති එක්සත් ජාතික පෙරමුණු රජය විසුරුවාහැරිය අතර ඔහු විපක්ෂයේ මංත්‍රිවරයෙකු වශයෙන් සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණයට අපහස කිරීමේ චෝදනාව මත ශ්‍රේශ්ඨාධිකරණය ඔහුව මන්ත්‍රී ධූරයෙන් නෙරපා වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද නියමකරනු ලැබුවේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි පසු ඔහු වෙත ජනාධිපති සමාව ප්‍රධානය කරනු ලැබිණි.