Democracy, Features, Human Rights, Matara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘‘වෛරයේ දේශනා පවත්වන අය කනාමැදිරියො‘‘ | එකමුතුව සඳහා ජනරැලියේ දී..

එකමුතුව සඳහා ජනරැලිය ස්වෙච්ඡා කණ්ඩායම විසින්, වෛරයට ශ්‍රී ලංකාව තුල ඉඩ නොතබමු, ඇසකට ඇසක් මුලු ලොවම අන්ධ කරයි..වැනි තේමාවන් යටතේ ඊයේ(07) මාතර නගරයේදී රැළියක් පැවැත්වූහ. දේශපාලන පක්ෂ නියෝජිතයින්, ආගමික නායකයින් ඇතුලු පිරිසක් එයට සහභාගී වි සිටි අතර පසුව මාතර නගරය මධ්‍යයෙන් ගමන් කරමින් රැස්වීමක් පැවැත්වීමට ද එකමුතුව සඳහා ජනරැලිය ස්වෙච්ඡා කණ්ඩායම කටයුතු කළේය.

IMG_0012

IMG_0016

IMG_0019

එහිදී එම රැලිය ඇමතූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ප්‍රකාශ කළේ ‘‘මේ රටේ දෙවැනි පුරවැසියන් නෑ. දෙවනි පංතියේ පුරවැසියන් ඇති වන්නෙත් නෑ..“ යනුවෙනි. එසේම වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ‘‘අවුරැදු 30ක යුද්ධයෙන් බැට කාපු අපි කනා මැදිරියටත් බයයි. නමුත් අපි දන්නවා වෛරයේ දේශනා පවත්වන අය කනාමැදිරියො බව. නමුත් අපි ජනතාවට කියනවා. නැවත වතාවක් නම් මේ රටේ වෛරයේ ගිනි සිළුව ඇවිලෙන්න දෙන්න එපා‘‘

එහි සම්පූර්ණ වීඩියොව

එකමුතුව සඳහා ජනරැලිය ස්වෙච්ඡා කණ්ඩායම විසින් මාතර රැළියට පෙර ප්‍රසිද්ධ කර තිබූ පත්‍රිකාවක ඔවුන් එම ක්‍රියාවලිය පිළිබදව ‍මෙසේ සදහන් වී තිබිණි.

‘‘වෛරයට විරැද්ධව මධ්‍යස්ථ මතදාරීන් එකමුතු බව පෙන්වීමටත් විවිධත්වයේ හා එකමුතුබවේ අගය පිළිබඳ හැඟීම් අවදිකිරීමටත් කෙරෙන සාමකාමී ප්‍රයත්නයක තවත් පියවරක්…වර්තමානයේ පැතිරී යමින් පවතින වෛරී අදහස් සහ සුළුතර ප්‍රජාවන් කොන්කිරීමේ ප්‍රවණතාව පිළිබඳ අවධානයට පත් විවිධ ක්ෂේත්‍ර ආයතන හා වෘත්තීන් නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ස්වේච්ඡා ව්‍යාපාරයක් මගින් එම ප්‍රවනතාවයට එරෙහිව අපක්ෂපාතී සාමකාමී දැනුවත් කිරීමේ ව්‍යාපාර හා ජානරැලි මාලාවක් සාංවිධානය කර ඇත. මෙමගින් ලක්වාසී මධ්‍යස්ථ මතදාරී බහුතරයට එකමුතු ලංකාවක් වෙනුවෙන් නැගීසාටීමට ශක්තියක් ලැබේ යැයි අපගේ බලාපොරොත්තුවයි. මෙම රැලිය මෙවන් ක්‍රියාකාරකම් බොහෝමයකට මුලපිරීමක් හැටියටද අප දකින්නෙමු. මෙය නිර්-පාර්ශ්වීය මැදිහත්වීමක් බැවින් වැඩසටහන අතරතුර කිසිදු ආයතනික සාංඥාවක් හෝ සන්නාමයක් භාවිතා කිරීයමන් වළකින ලෙසද අපි ඉල්ලා සිටිමු. මෙම ව්‍යාපාරය ගැන වැඩි විස්තර දැනගැනීමට https://www.facebook.com/RallyForUnity ෆේස්බුක් පේජයට පිවිසෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

එම රැළියේ සම්පූර්ණ ඡායාරෑප සටහන

Created with flickr slideshow.