Ananthy Sasitharan, wife of Sinnaththurai Sasitharan alias Ezhilan | Image by: Dushiyanthini Kanagasabapathipillai
Ananthy Sasitharan, wife of Sinnaththurai Sasitharan alias Ezhilan | Image by: Dushiyanthini Kanagasabapathipillai

යාපනයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් හෙලාදැක්මේ විරෝධතාවයක් යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින් වටහාගෙන සිටිති. එහිදී ද ජනතාව නමින් මෙම විරෝධතාවල පසුපස සිටින්නේ කවුරුන්දැයි අප ජනතාව හොඳින් දන්නා කරුණකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයෙහි ජනතා අයිතිවාසිකම් පාගා දමා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහනම් කර නීතිය තම අතට ගන්නා පිරිස කිසිම අවසරයක් ද ලබානොගෙන ඉතා පහසුවෙන් හෙලාදැක්මේ විරෝධතාවයන් පැවැත්වීමට හැකිය. මෙලෙස වෙනත් දෙමළ පාර්ශවයන් විසින් විරෝධතාවක් පැවැත්වීමට නම් කොපමණ වරක් අධිකරණ අවසර ලබාගත යුතුදැයි ජනතාව දන්නා කරුණකි.

දෙජාස සහ ආනන්දි ට එරෙහිව යාපනයේ පැවති විරෝධයක්
දෙජාස සහ ආනන්දි ට එරෙහිව යාපනයේ පැවති විරෝධයක්

අද දින යාපනයේදී පැවැති විරෝධතාවයේදී  දෙමළ ජාතික සන්ධානය හා එහිදි විශේෂයෙන් මා වෙත මඩ ගැසීමේ අරමුණින් රැගෙන එනලද පිරිසගේ අත්වල බලහත්කාරයෙන් ලබාදුන් සටන් පාඨයන් බලනවිට මෙහි යටි අරමුණු කුමක්දැයි පැහැදිළිව දැකගත හැකි, බව දෙමළ ජාතික සංධනයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන ආනන්දි එලිලන් පවසා සිටියි. ඇය මේ බව පවසා සිටිමට හේතු වී ඇත්තේ, යාපනය බස් බැවතුම්පොල ඉදිරිපිට දී ඊයේ(21) පැවති විරෝධතාවයකට ප්‍රතිචාර ලෙසය. යාපනයෙන් ලැබුනු වාර්තා අනුව එම විරෝධතාවයේ වැඩිපුරම දක්නට ලැබුනේ ආනන්දිට එරෙහිව නැගූ විරෝධතාවයන්ය. එහිදී ඔවුන් අදහස් කරමින් කියා සිටියේ ආනන්දි වැන්නන් තමන්ගේ ස්වාමියන් පාවිච්චිකරමින් දේශපාලන වාසි ගැනීමට උත්සහ කරන බවය. කෙසේ නමුත් 200 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ මෙම විරෝධතාවය ගැන ඊයේ(21) ගුවන් විදුලි නාලිකාවක ප්‍රකාශ වී තිබුණේ, මේ විරෝධතාවයට නැගෙහිර ප්‍රදේශයෙන් ජනතාව, ආණ්ඩුපක්ෂයේ හිතවතුන් විසින් යාපනයට ගෙනත් ඇති බවය.

කෙසේ නමුත් මේ පිළිබදව ආනන්දි එලිලන්ගේ අදහස් ඇතුලත් ලිපියක් ග්ලෝබල් ටැමිල් අඩවිය පළ කර තිබූ අතර එහි මෙසේ සදහන් වෙයි.

යාපනයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් හෙලාදැක්මේ විරෝධතාවයක් යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින් වටහාගෙන සිටිති. එහිදී ද ජනතාව නමින් මෙම විරෝධතාවල පසුපස සිටින්නේ කවුරුන්දැයි අප ජනතාව හොඳින් දන්නා කරුණකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයෙහි ජනතා අයිතිවාසිකම් පාගා දමා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහනම් කර නීතිය තම අතට ගන්නා පිරිස කිසිම අවසරයක් ද ලබානොගෙන ඉතා පහසුවෙන් හෙලාදැක්මේ විරෝධතාවයන් පැවැත්වීමට හැකිය. මෙලෙස වෙනත් දෙමළ පාර්ශවයන් විසින් විරෝධතාවක් පැවැත්වීමට නම් කොපමණ වරක් අධිකරණ අවසර ලබාගත යුතුදැයි ජනතාව දන්නා කරුණකි.

අද දින යාපනයේදී පැවැති විරෝධතාවයේදී දෙමළ ජාතික සන්ධානය හා එහිදි විශේෂයෙන් මා වෙත මඩ ගැසීමේ අරමුණින් රැගෙන එන ලද පිරිසගේ අත්වල බලහත්කාරයෙන් ලබාදුන් සටන් පාඨයන් බලනවිට මෙහි යටි අරමුණු කුමක්දැයි පැහැදිළිව දැකගත හැකිය.

එහිදීද දෙමළ භාෂාව විකෘතිකර ලියන ලද සටන් පාඨ, පෝස්ටර් බලන විට එය කවුරුන් විසින් ලියන ලද්දක් දැයි වටහා ගත හැකිය. මෙය හැර විරෝධතාවය සඳහා නැගෙනහිර පළාතෙන් බලහත්කාරයෙන් රැගෙන එනලද හිටපු සටන්කරුවන් ගැනද තොරතුරු හෙලිවී තිබේ.

තර්ජනය කිරීමතුලින් මාව මෙල්ලකිරීමට නොහැකි බව පාලකයන් වටහාගත යුතු බව යළිත්වරක් පවසා සිටින්නෙමි. තවද අපේ ජනතාව වෙනුවෙන් කථා කිරීමට මම පසුබට නොවන බව ද පවසා සිටින්නෙමි. මුල්ලිවායිකාල් සිටි මාගේ සැමියා ද අහිමිව, ගැහැණු ළමුන් තිදෙනෙකු සමඟ අනාතව පැමිණි මාව අප දේශයේ ඥාතීන් රැකවරණය ලබා දී මුදවාගත්තේය. එමෙන් මම මාගේ දේශයට හා ජනතාවට මිය යන තෙක් විශ්වාසවන්තව සිටිය යුතුය. අතුරුදහන්වූ මාගේ සැමියා ඇතුළු අතුරුදහන්වූ සියළු දෙනා වෙනුවෙන් මම කථා කරන්නෙමි. බන්‍ධනාගාරවල චෝදනාවන් කිසිවක් නොමැතිව සිරගතකර සිටින දෙමළ දේශපාලනික සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් මම කථා කරන්නෙමි.

කාන්තාවන් මූලිකව සිටින පවුල්වල ප්‍රවර්ධනය සඳහා ද හිටපු කොටි සාමාජිකයන්ගේ නිදහස් ජීවිතය සඳහා මම සටන් කරන්නෙමි. කිසියම් තර්ජනයක් හෝ විරෝධතාවකින් මාව මැඩ පැවැත්විය නොහැක. මෙය සියල්ල මම මැතිවරණයට පැමිණීමට පෙරාතුවම කර තිබෙන්නෙමි.

‘තර්ජනයක් නොමැති ජීවිතය‘ දිගු කලකට පෙරාතුවම මගෙන් අහිමි වී තිබේ. මම දැනට ජීවත්වන නිවස හය වැනි නිවස යැයි සිතන්නෙමි. මාගේ දරුවන්ගේ නිදහස් ජීවිතය සඳහා තර්ජන මැද දිගටම අවතැන් ජීවිතයක් ගතකිරීමට සිඳුවී තිබේ. නමුත් තවදුරටත් මාගේ ජනතාව මෙන් මා ළඟ ද අහිමිවීමට කිසිවක් නොමැති බව පවසා සිටින අතර ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටින බව පවසා සිටින්නෙමි.

ආනන්දි එලිලන්
දෙමළ ජාතික සන්ධානය
@ප්‍රධාන ඡායාරෑපය – දෙමළ දේශපාලන සිරකරැවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹදී පැවති විරෝධතාවයක්