රාවණා බලයට කියන රහස | [ඡායාරෑපය ගැන…පාඨක අදහස්]

Updates: August 27, 2013 | 02.56pm

‘‘අපේ ලොක්කා මොනවා හිතයි ද දන්නේ නෑ, අනික මගේ ඊළග ප්‍රමෝෂන් එක. ඒකයි මම වැන්දෙ, නැතිනම් සර් ජෝන් කියපු දේ තමයි මතක් වෙන්නේ. ඒ මොකද්ද? ඔය වගේ අයගේ කහ රෙද්ද ගලවලා පිටේ තාර ඉරි 3ක් ගහල, කික් කරන්න..‘‘

ලියා එව්වේ – අබේ

###

අද(26) උදෑසන රාවණා බලය සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය ලංකාවේ සිදුකරන නිළ සංචාරයට විරෝධය දැක්වීමක් කොළඹ, එක්සත් ජාතීන්ගේ මූළස්ථානය ඉදිරිපිට පැවැත්වීය. ඒ වන විට පොලීසියේ විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ රදවා තිබූ අතර විරෝධතාවය පැවැත්වෙන අතරතුර රාවණා බලකායේ ප්‍රධාන හිමිනමට, පොලීසියේ උසස් නිළධාරියෙක් විසින් කිසියම් දෙයක් රහසින් පවසන අයුරැ ‘විකල්ප‘ කැමරාවේ සටහන් විය.

පහත පළවන්නේ එම ඡායාරෑපය වන අතර, එම ඡායාරෑපය පිළිබදව පාඨක ඔබේ අදහස මෙම ඊමේලයට [email protected] හෝ ඔබට හැකි ඕනෑම ක්‍රමයකින්(SINHALA/TAMIL or ENGLISH භාෂාවෙන්) අපට එවන්නේ නම් එය පළකිරීමට අප සූදානම්( සැලකිය යුතුයි, ඔබ එවනු ලබන අදහස උපරිම වචන 100ත් 125කටත් සීමා කරන මෙන් සහ විකල්ප වෙබ් අඩවියේ ප්‍රකාශණ මග පෙන්වීම් ද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමු/ එසේම එවනු ලබන සටහන් සහ ඒවායේ අනන්‍යතාය සුරැකීමට අප බැදී සිටින බව ද මතක් කරමු)

මෙන්න එම ඡායාරෑපය….

IMG_0505

එම විරෝධතාවයේ සම්පූර්ණ ඡායාරෑප සටහන් සදහා පිවිසෙන්න..

Vikalpa Social Media link

fb 60facebook.com/Vikalpanews

social_twitter_button_blue 60xtwitter.com/vikalpavoices