[Image Credit:HRW]

රෑ වුණ අහස තරු නිහඬව ඔහෙ බලාගෙන

සොබමන් සුනිල් මිණි නිල් සඳ බැස ගොසින

නපුරින් අඳුර බර වුණු රැය පෙර සේ කරබාන

විලිකුන් සුරත් පල සේ ඇය සුනිලාන

අගක් මුලක් නැති යුග පැටලුන රටක

හඬක් නඟපු හඬ නපුරක් වුණ රටක

මලක් සුවඳ මිනිසත් බව මුසු කලෙක

මැණික් ගලක් එලියක් දුනි ඝණ රැයක

රජුන් රුපුන් දඩ කෙලියේ කැලෑවේ

මුවන් දිවිය රැක හැංගුන වෙලාවේ

මවුන් දුකින් වැළපුන මිහි තලාවේ

ඔවුන් ඉතින් රැකගත් මව ගියා වේ

සොඳුරු හඬක යට මොර දෙන අරගලය

අඳුරු කලෙක විය මොහොතක උරගලය

නිසරු බිමක කගපත ගෑ කරගලය

ගැඹුරු හදක හඬ පඨිතය මනහරය

සුනිලා සුනිල ගඟ යුක්තිය වෙත ගැලුව

මහිලා කමට වැඩියෙන් ළය මිනිසත්ව

මෙහිලා තබන සටහන් වේ ද්‍රෝහින්ව

සුනිලා ඔබට සුභ ගමනක් එක්සත්ව

udayaඋදය ආර්. තෙන්නකෝන් | Udaya R Tennakooon

2013 සැප්තැම්බර් මස 11 වැනිදා