අද(20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස පහර දී ඇත. එම පහරදීමෙන් කිහිප දෙනකුටම බරපතල ලෙස තුවාල සිදුව තිබූ අතර තවත් කිහිප දෙනකුට පොලුවලින් පහර දීම නිසා බරපතල තත්ත්වයක පසුවෙයි. එම සිදුවීම සැලවී එතැනට පැමිණී පැෆරල් සංවිධානයේ සංවිධායකයෙක් වන නීතිඥ සුභාෂ් යන අයට ද එම ප්‍රහාරයට පැමිණී හමුදා පිරිස පහර දී තිබේ. එසේම එම සන්නද්ධ හමුදා පිරිස එම නිවසේ තිබූ වාහනවල ටයර් කපා ඒවාට ද හානි කර පළා ගොස් ඇත.

එම ප්‍රහාරයට සීයයකට අසන්න සන්නද්ධ භට පිරිසක් පැමිණි බවත්, නිවසට ඇතුලු වූ ඔවුන් ‘ආනන්දි කොහෙද?, ආනන්දි කොහෙද? කියා අසමින් පහර දූන් බවත් පහර කෑමට ලක් වූ ආනන්දිගේ අධාරකරැවන් පැවසීය.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ අය පැවසූවේ,

රාත්‍රී 09.30ට පමණ හමුදා භට පිරිසක් නිවස අසල රැදී සිටින බව අපි දැක්කා. පසුව දෙවන වතාවටත් 11.30ට පමණ තවත් භට පිරිසක් අප සිටි නිවස අසල සැරිසරන බව ට අපිට තොරැතුරැ ලැබුනා. ඉන්පසු එයින් දෙදෙනෙක් නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුලු උනා. ඊට පස්සේ අපි ඔක්කොම නිවසෙන් එළියට ආපුවහාම ඒ භට පිරිස දුවන්න ගත්තා. පසුව 12.30ට පමණ වාහන කිහිපයක් නිවසේ ඉදිරපිට වාහන නවත්වන ශබ්දයක් අපිට ඇසුනා. ටික වේලාවකින් අපි රැදී සිටි නිවස හමුදා භටයින් විසින් වටලා ඇති බව අපිට තේරැනා. එම වටලා සිටි භටයන්ගෙන් පිරිසක් නිවසේ තාප්ප මත රැදීසිටි අතර තවත් පිරිසක් නිවස තුළට ඇතැලු උනා. ඊට පස්සේ අපි බයවෙලා අපෙන් කිහිප දෙනෙක් නිවසේ සිවිලිමේ හැංගුනා. නිවස තුල සිටි අනෙක් අපේ පිරිසට ‘ආනන්දි කොහෙද?, ආනන්දි කොහෙද? කියා පොලුවලින් අපට පහර දුන්නා. සිවිලීමේ හැංගිලා හිටපු අපේ කිහිප දෙනා හමුදාව විසින් බස්සලා පොලු කැඩෙනකන් පහර දුන්නා. ඒ ආපු හමුදාවේ අය ලග කඩු පවා තිබුණා. අපිට නිවස ඇතුලේ පහර දීලා පස්සේ එළියට ඇදගෙන ඇවිල්ලා පෝලීමට තියලා පොලුවලින්, කකුල් වලින් අපිට පහර දුන්නා. ඒ වගේම අපිට ඔවුන්ගේ තුවක්කු ඔලුවට තියලා පයින් හිටන් පහර දුනා. ‘වැල්ලවත්තේ කිරැළපනේ උඹලට ඉන්න පුලුවන් නම් ඇයි අපිට මෙහේ ඉන්න බැරි, උඹලට උතුරැ පළාත් සභාව ඕනද? තමිල් ඊලම් ඕනද? එහෙම කියලා තමයි ඒ අය අපිට ගැහුවේ.

යනුවෙන් පහර කෑමට ලක්වූ ආනන්දී සශීදරන්ගේ ආධාරකරැවන් අප වෙත පැවසීය.

එසේම පහර කෑමට ලක් වූ තවත් අයෙක් පැවසූවේ ඔහුගේ යතුරැ පැදියේ ටයරය කපා, ඔහු සිය යතුරැ පැදිය ලගට ගෙන්වා කෝ යකෝ මේකේ හුලං යන්නේ නෑනේ කියලා අසමින් බරපතල ලෙස පහර දුන් බවය. තවත් අයෙක් සදහන් කළේ මගේ කොන්ඩෙන් අල්ලගෙන ගේ වටේ ඇදගෙන යමින් පහර දුන් බවය. එසේම එම පහර දීමට පැමැණී භට පිරිස නිවසේ රැදී සිටි අයගේ ජංගම දුරකථන 07ක් ද රැගෙන ගොස් ඇති බව පහර කෑමට ලක් වූවන් පැවසීය.

පහරදීමට කිසියම් පිරිසක් පැමිණෙතැයි සැක සිතු නිසා ආන්නදි සශිධරන්ගේ අධාරකරැවන් පහරදීමට ප්‍රථම ආනන්දි සශීදරන් ව ආරක්ෂක ස්ථානයකට පිටත් කර හැරීම නිසා ආනන්දිගේ ජීවිතය බේරී අති බවද ඔවුන් පැවසීය.

ආනන්දි ශෂිධරන් මහත්මිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු එල්ටීටීඊ දේශපාලන අංශයේ නායක එලීලන් ගේ බිරිද ය. නාමයෝජනා ලබාදුන් දිනයේ සිට බුද්ධි අංශයේ යැයි පවසමින් නාදුනන පිරිස් විසින් නිරන්තරයෙන් ප්‍රශ්ණ කිරීමට ලක් වූ බවත් පසුගිය දා විකල්ප සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසීය. පසුගිය 17වනදා ද ඇය ගමන් ගත් වාහනයට ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් බේරීමට ඇයට හැකිවිය. විශේෂයෙන් උගත් පාඩම් හා සංහිදියා කොමිෂන් සභාව හමුවේ සාක්ෂී දුන් අතර පසුගිය දා ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරිය ද හමු වී ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබදව සාකච්ඡා කල බද වාර්තා විය.

පහරකෑමට ලක්වූ පිරිස යාපනය රෝහලේ දී,

Newsmaker Names

Newsmaker Names

එම නිවසේ තීබූ වාහන වල ටයර් පිහිවලින් කපා තිබූ අයුරැ

DSC_0002

DSC_0003

DSC_0004

DSC_0005

#NPE | උතුරේ මැතිවරණය පිළිබද විශේෂ සටහන්

විකල්ප වෙබ් අඩවියේ මාධ්‍ය කණ්ඩායම යාපනයේ සිට…