[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය]

‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි.

“දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ සත්‍ය නම් වන්නාහ”

දහස් ගණනකගේ ඉරණම දවස් ගණනක් තුළ විසදමින් සිටින මානව ඉතිහාසයේ එක් ඛේදවාචකයක් විඩියෝවක් නැරඹීට ලැබීම ම අතිශය අභාග්‍යසම්පන්න අත්දැකීමකි. එය හුදු සිනමා පටයක් නොව මගේ භූමියේ ජීවත් වූ දහස් ගණනක් ජනයා මුහුණ දුන් ඊනියා මානූෂීය මෙහෙයුමක තිත්ත වූ ඇත්තකි.

සත්‍ය සැගවීමට වැඩිපුරම උත්සහ දරන්නේ එම සත්‍ය නිසාවෙන් හෙළිදරව් වන මිනිසුන්ය. ශ්‍රී ලංකා රජයේ මහා මානුෂීය මෙහෙයුමේ තරම පෙන්වන “නෝ ෆයර් සෝන්” නේපාලය වැනි කුඩා රටක පෙන්වීම සම්බන්ධව පාවා ශ්‍රී ලංකා රජය භීතියට පත්වී සිය රට තුළ පෙන්ව හියික්කාර කම් කලාපය තුළ ​​අනෙක් රටවල් දක්වාද විහිදීමට ගොස් නේපාලයේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පුරවැසියන් පිරිසක් විසින් සිය ර​ටේ අදහස් දැක්වී​මේ නිදහසට එල්ලවන බාධාවට එරෙහිව කොන්දේසි විරහිතව එරෙහි වූහ.

13 වැනි දකුණු ආසියානු සිනමා උළලේ තිරගත කිරීම සදහා තෝරාගෙන තිබූ නෝ ෆයර් සෝන් සහ තවත් වාර්තා චිත්‍රපට දෙකක් එම උළෙලෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගේ විරෝධය හමුවේ නේපාල අන්තර්වාර මැතිවරණ රජය හෙවත් රේග්මිගේ ආණ්ඩුව එයට ප්‍රතිචාර දැක්වූව ද සිනමා උළලේ සංවිධායකයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඉතා යුහුසුලුව ක්‍රියාකරමින් අදාළ තිරගත කිරීම් නියමිතව තිබූ දිනයේම වෙනත් ස්ථානයක තිරගත කිරීම සුදානම් කරමින් නේපාල අන්තර්වාර මැතිවරණ රජයට මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුවට ද සෘජු පණිවුඩයක් ලබා දීමට කටයුතු කළහ.

“අපි දුර්වල රාජ්‍යක් තමයි නමුත්, රාජ්‍ය දුර්වල වූ පමණින් එම රාජ්‍යයේ පුරවැසියන් දුර්වල නෑ. එම නිසා තමයි අපි තීරණය කරනු ලැබුවේ අපේ කලාප​යේම ජාතියක් මුහුණ දුන් ඒ ඛේදවාචකය ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ බලපෑම් නෙතකා, නේපාලයේ පුරවැසියන් ශක්තිමත් කියා පෙන්වීමට සහ එසේම නිර්මාණ වලට එරෙහිව පැණවෙන වාරණයන්ට විරෝධයක් ලෙස ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් වන කැලම් මැක්රේ අධ්‍යක්ෂණය කරන ලද No Fire Zone ප්‍රදර්ශණය කිරීමට අප තීරණය කරනු ලැබුවා.”
යනුවෙන් දකුණු ආසියානු සිනමා උළෙලේ ප්‍රධානියා වූද නේපාලි ටයිම්ස් පුවත් පතේ ප්‍රධාන කතෘ වූද කුණ්දා ඩික්සිත් පවසා සිටියේ ඒ පණිවුඩයයි.

ශ්‍රී ලංකාවේ චන්ඩි පාට් එකට සහ නේපාලයේ අන්තර්වා මැතිවරණ ආණ්ඩුවේ බොළද පාට් එකට විරෝධය පෑමක් වශයෙන් නෝ ෆයර් සෝන් නැරඹීට බොහෝ පිරිසක් පාටන් දර්බා හී යොලෝ මායා කේත්ද්‍රයට රැස්වූහ.

කලාපයේ දේශපාලන, කලාව , සිනමාව ගැන කථාබහකින් ශාලාව වෙත ඇතුලු වූ බොහෝ දෙනෙකු නෝ ෆයර් සෝන් ආරම්භ වී මොහොතවල් කීපයක් ගතවූ පසු ඉතා තදින් හුස්ම ගන්නා හඩ ඇසිණ. චිත්‍රපටයේ මුල භාගයේදී ජනමාධ්‍යවේදිනී ඉසිප්‍රියා පුවත් කියන දර්ශණය නරඹා චිත්‍රපයේ අගභාගයේදී ශ්‍රී ලංකා හමුදා විසින් ඇය දූෂණය කර මරා දමා තිබෙන ආකාරය දර්ශණය දැකීමත් සමග බො​හෝ පිරිසක් එකවර “හික්” ගෑවුනේ සියල්ලන්ගේම හුස්ම ඉහළට ඔසවා විනාඩි කීපයක් එය ඉහළටම ඔසවා තබමිනි.

මා අසල සිටි විදේශී ජාතික යුවල වරින් වර තම අත තිබූ පත්‍රිකාවෙන් මුහුණ වසා ගනිමින් සිටියෙ ​උතුරේ දෙමල ජනයා මුහුණ දුන් මිලේච්ඡත්වයේ තරම කෙතරම් ද කියා පාමිනි.

එම චිත්‍රපට​ෙය් සමහර කොටස් වල ඇති රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විකටමය කථා සම්බන්ධව ගම්ගොඩැල්ලෙ භාෂාවෙන් කියතොත් නක්කල් සිහින් සිනහවකින් ප්‍රතිචාර දැක්වීමටද අමතක නොකලහ.

සිනමා පටය නිමාවුනි. සියල්ලෝම මුහුණට මුහුණ බලාගෙන සිටිනවා විනා කිසිවක් කථා කිරීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති විය. සිනමා පටයේ දැක්වෙන් දර්ශණ එතම් බිහිසුනු විය.

“ඇත්තටම මම දන්නවානම් ලංකාව කියන්නේ ​මේ වගේ අහිංසක ජනයාගේ රැධිරයෙන් තෙත් වෙච්ච රටක් කියලා මම කවදාවත් ඒ රටට යන්නේ නෑ. මේ දර්ශණ නැරඹුවාට පස්සේ මට ලැජ්ජයි වගේම කම්පාවට පත්වෙනවා ඇයි මම මේ වාගේ රටකට මගේ නිවාඩුව ගත කරන්න ගියේ. මම නිවාඩුව ගත කගේ දහස් ගණනනකගේ ලේ මත නේද කියලා.” මා සමග පවසා සිටි ජර්මානු ජාතිකයාගේ මුහුණ ඉතා කණස්සලු සභාවයක් විය.

නේපාල සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඔවුන් සියල්ලන්ටම ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දුන්හ.

“මේ දර්ශණ හරහා ලැබෙන පණිවුඩය ඔබලාගේ රටවලට ගෙනියන්න. සමාජ කථිකාවක් බවට පත්කරන්න. ඔබලාගේ ආණ්ඩුවලට බලපෑම් කරන්න. අපේ කළාපයේම තවත් ජාතියකට සිදුවූ මේ අපරාධයට එරෙහිව යුක්තිය ඉටුකර ගන්න.මෙය එක් යුධ අපාරධ ක්‍රියාවකට එහා ගිය වර්ග සංහාරික ක්‍රියාවලියක්”

දෙමළ වර්ග සංහාරය

සත්‍යනම් එයයි. යුද්ධයේ අවසාන කාල සමයේදී දෙමළ ජනයාට එරෙහිව මුදාහල මිලේච්ඡත්වය හුදු මානව වර්ගයට එරෙහිව අපරාධයක් හෝ යුධ අපරාධ චෝදනාවකට එහා ගිය වර්ග සංහාරික ක්‍රියාවලියකි.

අන්තර්ජාතික ප්‍රජාව තවමත් වර්ග සංහාරක ක්‍රියාලවලියක් ලෙස පිලිගැනීමට මැලි වුවද දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රාජ්‍ය ක්‍රියාකර ඇති ඉතිහාසය පිරික්සීමේදී එය මනාව ඔප්පු වෙයි.

ඩාෆූර් වර්ග සංහාරය මෙන් වර්ග සංහාරයක් ලෙස නම් කිරීමට මිලියන ගණනක් ජනයා ඝාතනය වි යුතුම නැත. නමුත් දෙමල ජනයාට එරෙහිව වාර්ග සංහාරය සම්බන්ධව ජාත්‍යයන්තර ප්‍රජාව තවමත් දක්වන්නේ දියාරු ප්‍රතිපත්තියකි. එසේ වීමට ප්‍රධානම හේතුව නවදිල්ලි දේශපාලනයයි. ඔවුන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය තමිල්නාඩුව තුළ සාර්ථකර කර ගැනීමට දෙමළ ජනයා භාවිත කරනවා විනා එතැනින් එහා ගිය දෙමළ ජාතියට සාධාරණය, යුක්තිය පසිදලීමේ සැබෑ පුලුල් උවමානවක් නවදිල්ලි පාලනයට නැත.

ඉන්දියාවේ මේ දියාරු ප්‍රතිපත්තිය නිසාම ජාත්‍යයන්තර ප්‍රජාවද ඉන්දියාව නොමැතිව දෙමළ වර්ග සාංහාරය සම්බන්ධ ගැටලුවට අත නොතැබීමට ප්‍රවේසම් වී සිටිති. ශ්‍රී ලංකාව තමන්ට උවමනා ආකාරයට අත්ත​නෝමිතක ලෙස දෙමළ වර්ග සංහාය තවදුරටත් ක්‍රියාත්මක ​කරමින් සිටින්නේ එම පසුබිම තුළය.

වර්ග සංහාරය යනු කුමක්ද යන්න සළකා බැලීමේදී වර්ග සංහාරය යන අපරාධය වැළැක්වීමේ හා දඬුවම් පැමිණවීම පිළිබඳ සම්මුතියේ දෙවන ව්‍යවස්ථාව දක්වන ලෙසට යම් ජන වර්ගයක් ,ජාතියක් ,ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් මරා දැමීම, බරපතළ ලෙස ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම,ශාරීරික වශයෙන් දුබලතාවයට පත් කිරීම,උපත් පාලනය කිරීම, බලහත්කාරයෙන් ළමුන් එක් ජන කොට්ඨාශයකින් තවත් ජන කොට්ඨාශයකට මාරු කිරීමයි. මෙහිදි එක් ජන කොට්ඨාශයක් යන්නෙහිදි මුළුමනින්ම ජන කොටස හෝ එහි කොටසක්ද සංහාරයට ලක් කිරිම අදහස් වේ.

අන්තර් ජාතික අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියෙහි 06 වන ව්‍යවස්ථාව මඟින්ද මේ හා සමාන අර්ථ නිරූපණයක් ඉදිරිපත් කර තිබේ.

Helen Fein අර්ථ දක්වන ආකාරයට ජන සංහාරය යන්න තුළ ජීව විද්‍යාත්මක වශයෙන් මෙන්ම සමාජමය වශයෙන්ද අදාළ පුද්ගල කොට්ඨාශය නැවත බිහි කිරිම වළක්වාලනු ලබයි. Raphael Lemkin නම් නීති විශාරදයා දක්වන පරිදි වර්ග සංහාරයේදි ක්ෂණිකව යම් ජාතියක් විනාශ වීම අදහස් වන්නේ නැත. එය අදාළ පුද්ගල කොට්ඨාශයේ පදනම විනාශ කිරිම අරමුණු කර ගත් යම් සැකැස්මක් සේම ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය විනාශ කර දැමීමක් ද සිදු විය හැකිය.

වර්ග සංහාරය තුළ දේශපාලන, සමාජීය ආයතන තුළ සංස්කෘතිය, භාෂාව, ජාතික හැඟීම්,ආගම, ආර්ථික තත්ත්වයන් බිඳී යාමද පුද්ගල ආරක්ෂාව, නිදහස, ගෞරවය මෙන්ම තනි පුද්ගල ජීවිත විනාශ වී යාමද එම සැළැස්ම තුළ අන්තර්ගත විය හැකිය. ජන කොටසක් යන්න පිළිබඳව සළකා බැලීමේදී International Tribunal for the Former Yugoslovia මඟින් තීරණය කරන ලද prosecuter v Radislav Kristic හිදී “කොටස”(part)යන්න අර්ථ නිරූපණය කරයි. ඒ අනුව “කොටසක්” යන්න අදාළ ජන කොට්ඨාශවයන් සැළකිය යුතු කොටසක් විය යුතු බව තීරණය කරන ලදි.”- උපුටා ගැනීම විකිපීඩියා.

Raphael Lemkin(1900- 1959) නම් පෝලන්ත – යුදෙව් ජාතික නීති විශාරද විසින් “Genicide” යන පදය මුල් වරට ප්‍රකාශ කරන ලද අතර යුදෙව් වර්ග සංහාරය සමයේ නිර්මාණය කරන ලද්දක් බැවින් ඔහුගේ අර්ථ නිරූපණයෙහි තිබූ පටු තැන් පසුකාලීනව වඩාත් පුලුල් ලෙස අර්ථ ගන්වනු ලැබීය.

මේ අර්ථයෙන් ගත් කළ දෙමළ ජනයා ඝාතනය යනු සෑම විග්‍රහයකට අනුවම වර්ග සංහාරයක් බවට ඉතා පැහැදිලිය. දෙමළ වර්ග සාංහාරය විෂයෙහි අන්තර්ජාතික ප්‍රජාව දක්වන උදාසීනත්වය අනාගතයයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකළ ලෙස ශ්‍රී ලංකා​වේදී අසමත් වැනි වාර්තාවක් නිකුත් කිරීමේ කිසිදු පලක් නොවනු ඇත.

මේ සියලු අලසකම් මැද ශ්‍රී ලංකා රජය නැවත උක්ත බුදුන්ගේ පාඨය පුනරුච්චාරනය කරන්නෙමු.

“සත්‍ය සැගවිය නොහැක.”

මාලන් රාමසාමි | Malan Ramasami