අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය[IMA] සහ එහි නිළ වෙබ් අඩවිය වන www.imalanka.org හදුන්වාදීමේ උත්සවය පසුගිය 15 දා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේදී අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සාකච්ඡා සහ සංවාද පැවති අතර, මූළික අදහස් දැක්වීම සිදු කරන ලද්දේ ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සංස්කාරක සංජන හත්තොටුව මහතා විසිනි. එහිදී සුනිල් ජයසේකර, ටෙහානි ආරියරත්න, දිනිදු අල්විස් සහ අබ්දුල් හලීක් යන මහත්ම මහත්මීන් සංවාද මණ්ඩපය සදහා සහභාගී වී සිටි අතර එය මෙහෙය වන ලද්දේ අනෝමා රාජකරැණා මහත්මිය විසිනි.

Lasa-and-Sampath-IMA[www.imalanka.org වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමට එක් වු ජනමාධ්‍යෙව්දී ලසන්ත රැහුණගේ මහතා සමග සම්පත් සමරකෝන්]

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය[IMA], විකල්ප වෙබ් අඩවිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එක්ව සංවිධානය කරන ලද එම උත්සවය සදහා විශාල පිරිසක් එක් වී සිටි අතර එහිදී අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ නිළ වෙබ් අඩවිය වන www.imalanka.org අන්තර්ජාලයට මුදා හරින ලද්දේ ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යෙව්දියෙකු වන, රාවය පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රැහුණගේ මහතා විසිනි.

පහතින් දැක්වෙන්නේ එම උත්සවයේ අවස්ථා කිහිපයකි.

Created with Admarket’s flickrSLiDR.