[Video Interview]

“දැන් රටේ යුද්දයක් නැති බව රජය කියනවා. නමුත් රටතුල යුද්දයක් සිදුවන බව ජනතාව සිතනවා. මානව හිමිකම් කඩකිරීම් චෝදනා සහ යුද අපරාද චෝදනා ශ්‍රි ලංකා රජය වෙත එල්ල වී තිබෙනවා. මේ පිලිබදව එක්සත් ජාතීන්ගේ සංවිඩානයේ තීරණත් ගෙන තිබෙනවා. එහෙම තිබියදි පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුලුව ලංකාවේ සිදුවෙනව නම් එය ලංකාවට වරප්‍රසාදයක් වෙනවා. ඒ කියන්නේ, මේ චෝදනාවලින් තාවකාලිකව ශ්‍රි ලංකාවට නිදහස් වෙන්න පුලුවන් කියා බොහෝ පිරිස් සිතනවා. ඒ නිසා තමයි බොහෝ රටවල් ලංකාවේ සමුලුව පවත්වන්න විරෝධය පළ කරන්නේ. විශේෂයෙන් කැනඩාව. ඉන්දියාවට අවශ්‍යතාවයක් තිබෙනවා, පොදුරාජ්‍ය මණ්ඩල සමුලුවට සහභාගි වෙන්න. ඇයි කිවහොත්, ඉන්දියාව තමයි ලංකාවට සියලු උදව්වක්ම කරන්නේ. පහුගිය කාලේ, විශේෂයෙන් යුද්දයට. මානව හිමිකම් කඩකිරීම් සහ යුද අපරාද චෝදනා පරීක්ෂණ නවතා දැමීමට ඉන්දියාව ද කැමැත්තෙන් සිටිනවා.”යැයි, මෙම සතියේ 15වනදා නිළ වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන CHOGM හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ගේ සමුලුව පිළිබදව, දෙමළ මාධ්‍ය සංසදයේ සභාපති මෙන්ම, ජනමාධ්‍යවේදියෙක් ද වන අමිර්තලිංගම් නික්ෂන් මහතා, ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

සැලකිය යුතුයි | මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 2013 නොවැම්බර් 08වන සිකුරාදා බව සලකන්න.