[Video Interview]

“මූලික වශයෙන් මගේ අදහස තමයි මේ වගේ සමුලුවක් ලංකාවේ තිබීම මේ අවස්ථාවේදී සුදුසු නැහැයි කියන එක. ඒකට හේතුව තමයි ලංකාවේ රජය පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම්, මූළධර්මයන්ට සම්පූර්ණයෙන්ම විරැද්ධව තමයි කටයුතු කරලා තිබෙන්නේ. එක උදාහරණයක් තමයි අධිකරණයේ නිදහස. ඒ වගේම අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය තුළ තියෙන්නෙ ඕන ස්වාධිනත්වය අද ලංකාවේ නැති වෙලා තිබෙනවා. එතකොට මේක පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබෙන මූලිකම වටිනාකමක්. මේ වගේ වටිනාකම් එළිපිටම උල්ලංඝනය කරද්දි පොදු රාජ්‍ය මණ්ඩලයේ රැස්වීමක් කුමන රටක උනත් තිබීම සුදුසු නැහැ. මේකේ තිබෙන භයානකකම තමයි මේ වගේ පොදුරාජ්‍ය මණ්ඩලයේ තිබෙන වටිනාකම් උල්ලංඝනය කරන රටකට තමයි ඊලග නායකත්වය හිමිවෙන්නේ. එතකොට මෙය ලංකාවේ මිනිසුන්ට නරකක් විතරක් නෙවෙයි සම්පූර්ණ පොදු රාජ්‍ය මණ්ඩලයටම නරක දෙයක්.” යැයි, මෙම සතියේ 15වනදා නිළ වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන CHOGM හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ගේ සමුලුව පිළිබදව, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් වන රැකී ප්‍රනාන්දු , ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

සැලකිය යුතුයි | මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 2013 නොවැම්බර් 04වන සදුදා බව සලකන්න.