[Video Interview]

“දැන් මේ වෙනකොට වැඩකරගෙන යන විදිහ දිහා බැලුවහම මේ සමුලුව කිසිසේත්ස රටට ටහපතක් වෙන්නේ නැහැ කියන කාරණය තුළය අවැදගත් වෙන්නේ. නමුත් මේක වැදගත් වෙනවා නම් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කිසියම් හඩක්, බලපෑමක් නැතිනම් ජාත්‍යන්තරයට උනන්දුවක් ඇති කිරීමට මේය අවස්ථාවක් කර ගන්න පුලුවන් ද කියන කාරණයේදී. අනෙක මෙය දකුණ මූළික කර ගත් සමුලුවක් වන නිසා දකුණේ සමාජය දෙමළ ජනතාවගේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් ඉන්නේ පාරාජිකා තත්ත්වයක. අනෙක තමයි ඔය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන්ගේ සමුලුව කියන එක ඔය සදහන් කරන ලංකාවේ දැවෙන ප්‍රශ්ණවලට කිසිදු පිළිතුරක් නැහැ කියන එක. මගුල් ගෙදරකට යනවා වගේ, නැතිනම් සාම්ප්‍රදායික සම්මන්ත්‍රණයකට යනවා වගේ කටයුත්තක් මිසක මේවාගෙන් කිසිදු බලපෑක් ඇතිවෙයි කියලා විශ්වාස කරන්න බැහැ. මොකද මේ සාමාජික රටවල් අඩුවැඩි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, ප්‍රජාතන්ත්‍රවාදය කටයුතු කරන රාජ්‍යයන් නොවෙයි කියන යථාර්තය තමයි තියෙන්නේ. වැඩි වශයෙන් තිබෙන්නේ දූෂීත රාජ්‍යයන්. ඒ නිසා අපි බලාපොරොත්තු වන ලොකු වැදගත් කමක් වෙන්නේ නැහැ….” යැයි, මෙම සතියේ 15වනදා නිළ වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන CHOGM හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ගේ සමුලුව පිළිබදව, ලේඛකයෙක්, කවියෙක් වන උදය ආර් තෙන්නකෝන් මහතා , ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

සැලකිය යුතුයි | මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 2013 නොවැම්බර් 11 වන සදුදා බව සලකන්න.