ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයෙක් වන ස්ටීවන් ජේ රැප් සහ ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් ඊයේ(09) ගන්නා ලද ඡායාරෑප සහ එයට අදාලා විස්තර ට්විටර් හරහා ප්‍රසිද්ධ කළේය. එහි දී එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසා ඇත්තේ ‘ශාන්ත අන්තෝනි පිටිය – යුද හමුදා ෂෙල් ප්‍රහාරයෙන් 2009 ජනවාරියේ පවුල් සිය ගණනක් ඝාතනය කැරුණු ස්ථානය’ යනුවෙනි.

මේ පිළිබදව බීබීසී ය විසින් විමසීමේදී, එක්සත් ජනපද තානාපති කර්යාලය පවසා ඇත්තේ මෙය ඔවුන්ගේ නිළ ස්ථාවරය බවයි. පහත දැක්වෙන්නේ ප්‍රසිද්ධ කරන ලද එම ටිවීටර් පණිවුඩයි.

කෙසේ නමුත් එක්සත් ජනපදය මෙම චෝදනාව එල්ල කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ලබන මාර්තු මස දී ශ්‍රී ලංකාව පිළිබදව නැවත වරක් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන බවට කළ ප්‍රකාශයෙන් පසුවය.

රැප් විරෝධය

ලංකාවේ සංචාරය කරමින්, මෙම ට්විටර් පණිවිඩ ප්‍රසිද්ධ කළ යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් ට සහ එක්සත් ජනපදයට එරෙහිව කොළඹ, එක්සත් ජනපද කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් වුයේ මෙම ට්වීටර් පණිවිඩ ප්‍රසිද්ධ කිරීමට පැය කිහිපයකට පෙර යි. එය සංවිධානය කර තිබුණේ පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව මාරාන්තික උපවාසයක් සිදු කල විමල් වීරවංශ ඇමතිවරයාට සම්බන්ධ පිරිස් ඇතුලු ජාතික සංවිධාන එකමුතුව නම් සංවිධානය යි. එහිදී ඔවුන් බල කර කියා සිටියේ ‘‘අසාධාරණ යුද අපරාධ චෝදනා‘‘ එල්ල කිරි ම වහාම නතර කළ යුතු බවයි. එම විරෝධතාවයේ දර්ශණ පහතින් බලන්න.

මේ එම විරෝධයේ ඡායාරෑප සටහනයි


Created with Admarket’s flickrSLiDR.

යුද අපරාධ චෝදනා

මානුෂික මෙහෙයුම යැයි නම් කරමින් ‘යුද්ධයක්‘ කරමින් දහස් ගණනක් ජීවිත, දේපල විනාශයෙන් වසර 5කට ආසන්න වෙමින් තිබිය දී පවා උතුරේ සහ නැගෙණහිර ජන ජීවිතය කාපට් පාරවල් තරම් සුඛෝපභෝගී නැති බව ‘තමන්ගේම ඇස් දෙකෙන්’ නිරීක්ෂනය කරන ඕනෑම මිනිසෙකුට වැටහෙන සත්‍යයකි. එසේම ඒ පිළිබදවත් යුද්ධයේ අවසාන කාලයේ සිදු වුනා යැයි, දැන් ප්‍රසිද්ධියේම පැවසෙන මානූෂීය නීති උල්ලංගනය කිරීම් පිළිබදව සොයා බැලීමට සහ ඒවාට ප්‍රතිකර්ම යෝජනා කිරීමට පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාවේ නිර්දේශයන් පිළිබදව දනැ් පවතින තත්ත්වය ගැන අමුතුවෙන් ලිවිය යුතු නොවේ. එසේම එම නිර්දේශයන්ගෙන් බෙහොමයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කර තිබෙන්නේ ද යුද අපරාධ චෝදනාවලට සම්බන්ධ යැයි කියන හමුදාවේ නිළධාරීන්ය. තත්ත්වය එසේ වූ විට දෙමළ සමාජයේත්, ජාත්‍යන්තර සමාජයෙත් විශ්වාසය දිනා ගත හැකිවන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නොව්. එය කවුරැත් දන්නා ‘හොරාගේ අම්මාගෙන් පේන අහනවාට‘ වඩා හොරාගෙන්ම පේන අහනවා වැනි නොවේද?

නමුත් මේ සියලු දේට සිදු කළ යුතු වන්නේ පිළිගත හැකි පරීක්ෂණයක් සිදු කිරීමය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, රාජපක්ෂ හිතැති රටවලුත් පසුගිය කාලයේ ඉදිරිපත් කළ මතයයි. නමුත් තවමත් එය නිසි ලෙස සිදු නොවීමෙන් ලංකාවට ඉදිරියේදී ගෙවන්නට වන වන්දිය ඉතා ඉහල වන්නට පුලුවන. නමුත් එය ගැන නොසිතා තානාපති කාර්යාල ඉදිරියේ රෙදි උස්සන් කෑ ගැසුවාට ‘වැඩක්‘ වන්නේ නැත.