Image credit: jdsrilanka

මියගිය ළහිරැ සදරැවන් විජේරත්න
මියගිය ළහිරැ සදරැවන් විජේරත්න

විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන නවක සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර හමුදාව විසින් ලබා දෙනවා යැයි පවසන ඊනියා නායකත්ව පුහුණුවේදී මිය ගිය ළහිරැ සදරැවන් විජේරත්න ශිෂ්‍යා පිළිබදවත්, විශේෂයෙන් නායකත්ව පුහුණුව යැයි නම්කරමින් දෙනු ලබන හමුදා පුහුණුවත් පිළිබදව ඊයේ(05) විකල්ප වෙබ් අඩවිය තුළ දීර්ඝ විස්තරයක් ප්‍රසිද්ධ කරනු ලැබූවා. ඒ, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැදවුම්කරැ සංජීව බණ්ඩාරගේ ප්‍රකාශයන් ඇතුලත් කරමිනි. කෙසේ නමුත් මේ සිසුවා මිය ගියේ සත්‍ය ලෙසම කුමන හේතුවකින් ද යන්න රාජපක්ෂ ආණ්ඩුව විසින් කෙදිනකවත් හෙලිදරවු නොකරන බව සිහිබුද්ධියෙන් සිටින ඕනෑම අයෙක් දන්නා කරැණකි. එයට ප්‍රධානම හේතුවක් ලෙස මෙයට පෙර මිය ගිය සිසුන් මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල ඝාතනයට ලක්වූ කිසිවෙක් පිළිබදව රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම පැවති බොහෝ ආණ්ඩු ද අනුගමනය කර ඇත්තේ සත්‍ය සිදුවීම වසන් කර තැබීමයි. නැතහොත් කල් මැරීමයි. එයට ආසන්නම උදාහරණය ලෙස වැලිකඩ සිර කදවුරේ සදු කළ ඝාතනය පිළීබදව ප්‍රසිද්ධ කලා යැයි කියන කමිටු වාර්තාවෙහි ප්‍රකාශයන් හොදටම සෑහෙන්නේය. ඒ එක් අවස්ථාවක් පමණකි. අවශ්‍ය නම් එවැනි සිදුවීම් බොහෝ ප්‍රමාණයක් නිදහස් වූනා යැයි කියන මේ භුමියේ තිබේ.

සමන් රත්නප්‍රිය
සමන් රත්නප්‍රිය

කෙසේ නමුත් පසුගිය 28වනදා රෝහල් ගත කළ පසු ,පෙබරවාරි 01දා අලුයම දැඩිසත්කාර ඒකකයේදී මිය ගිය ළහිරු සඳරුවන් විජේරත්න නැමැති ශිෂ්‍යයාගේ මිය යෑමත්, ඔහුට වැළදී තිබූ රෝගී තත්ත්වයත්, විශේෂයෙන් එම ශිෂ්‍යා රෝහල් ගත කළ අවස්ථාවේ ඇති වූ තත්ත්වයත් පිළිබදව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ, සමන් රත්නප්‍රිය මහතා විසින් වැදගත් හෙළිදරවු කිරීම් බොහෝමයක් සපයමින් පවසා සිටියේ, ‘‘දැන් ප්‍රශ්ණය තියෙන්නේ මිය ගියේ ඔහු සිදුකල ව්‍යායාම හිංදද? ඔව්!.. ඒ කාරනය අනිවාර්්‍යෙයන්ම මේ කාරණයට බලපාන්න පුලුවන්. ඒක ඉතාම පැහැදිලිවම අපි කියනවා. හර්නියා එක උඩට ගිහිල්ලා, තදවෙලා මිය යන්න හේතු වෙන්නේ වැඩිපුර මහන්සි වීම නිසා. ඒක ඉතා පැහැදිලිවම කියනවා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය විදිහට.මහන්සි වෙන්න මොකද්ද හේතුව…..‘‘ සමන් රත්නප්‍රිය මහතා විසින් ඉදිරිපත් කරන ඉතා වැදගත්, අවධානයට ගතයුතු අදහස් සහ විද්‍යාත්මක කරුණු සදහා පහත හඩපටයට සවන් දෙන්න(මිනිත්තු 07.03)