”යුද්ධය අවසන් කලා යැයි කියලා කිව්වට පස්සේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කලේ අනිකුත් ක්ෂේත්‍ර හමුදාකරණයට යටත් කිරීමයි. ආණ්ඩුව දිගටම පාලනය කළේ යුද්දය කියලා. දැන් යුද්ධය ඉවර උනාට පස්සේ හමුදාකරනයෙන් පාලනය කරගෙන යන්නේ. මේ වෙනකොට සෑම ක්ෂ්‍රෙත්‍රයක්ම හමුදාකරණයට ලක්වෙලා තියෙන්නේ. කොම්පඤඤවීදියේ, ඇපල්වත්තේ, වනාතමුල්ලේ, ජනතාව එළියට දාන්නත් යන්නේ හමුදාව. ඒ වගේම උතුරෙ අවතැන් ජනතාව තමන්ගේ ඉඩම්වලට යනකොට ඒ යන ජනතාව එළවන්න පාවිච්චි කරන්නෙත් හමුදාව.” යැයි, ලංකා ගුරැ සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසා සිටියේ ය.

ජෝෂප් ස්ටාලින්
ජෝෂප් ස්ටාලින්

ඔහු මේ බව සදහන් කර සිටියේ පසුගියදා(පෙබරවාරි 03දා) කොළඹ, නිපෝන් හෝටලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දීය. එම මාධ්‍ය සාකච්ඡාව කැදවා තිබුනේ, රාජපක්ෂ ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලවලට නවකයින් ලෙස ඇතුල්වන සිසුන් සඳහා ලබාදෙන ‘බලහත්කාරී හමුදා පුහුණුව‘ අතරතුර නොච්චියාගම විද්‍යාර්ශී විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා, යාපනය විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිටි, මහනුවර, ගන්නෝරුව හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටි ළහිරු සඳරුවන් විජේරත්න ශිෂ්‍යයා මිය යාම පිළිබදව ඇති වී තිබු තත්ත්වය පැහැදිලි කිරීම සදහා ය.

පහත හඩපටයෙන් දැක්වෙන්නේ ජෝෂප් ස්ටාලින් මහතා දක්වන ලද සම්පූර්ණ අදහස යි.