මේ දිනවල ජීනිවා හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡා වෙමින් පවතින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලින්ට එරෙහිව අදත්(10) කොළඹ පිහිිටි එක්සත් ජාතීන්ගේ, කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය.
3[රණගල පොලිස් අධිකාරිවයා සහ සීලන් නැමැත්තා]

විරෝධතාකරැවන් 100කට ආසන්න පිරිසක් සහභාගී වූ මෙම විරෝධතාවයට එම ස්ථානයට සුපුරැදු පරිදි පැමිණ සිටි පොලීසිය විසින් උපරිම සහයක් ලබා දෙනු දක්නට ලැබූ අතර, ජේ‍ය්ෂ්ඨ පොලීස් අධිකාරි රණගල විසින් එම විරෝධතාවය මෙහෙය වූ ‘සීලන්‘ නැමැත්තාට විරෝධතාවය සහ පෙළපාලිය පැවැත්වීම සදහා උපදෙස් දෙන අයුරැත් දැකගත හැකිවිය.

කෝ කොල්ලුපිටිය OIC, පෙළපාලියට පාර ඉඩ හදලා දෙන්න, එතෙන්ට ගියාම, කිහිපදෙනෙකුට ඇතුලට යන්න අවස්ථාව අරන් දෙන්න‘ යනුවෙන් කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට උපදෙස් ද දුන්නේ රණගල පොලිස් අධිකාරීවරයා ‘සාමකාමී විරෝධයට ජනතාවට ඇති අයිතිය‘ පූර්ණ ලෙස ආරක්ෂා කරමින් ය.

නමුත්, ඒ පොලිස් අධිකාරී රණගලම…

Ranagala-Edit[ගුවන් විදුලි සභාපතිවරයාට එරෙහිව සාමකාමී විරෝධයේ එම පොලිස් අධිකාරීවරයාගේ නීතිය]

මේ පොලිස් අධිකාරී රණගල විසින්ම පසුගිය වසරේ, දෙසැම්බර් 02වනදා, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාගේ වෛරී මාධ්‍ය භාවිතාවට එරෙහිව කාන්තාවන් පිරිසක් ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැත් වූ සාමකාමී විරෝධයේදී මේ, රණගල පොලිස් අධිකාරීවරයා විසින්ම පෝස්ටර් ඉරාදමමින් එම විරෝධතාකරැවන් පළවා හැරියේ තමන්ගේ රාජපාක්ෂික භාවයත්, වර්තමාන ලංකාවේ පොලීසියේ හැසීරීමත්, ලංකාවේ තිබෙනවා යැයි කියන ‘මානව හිමිකම්වල‘ ත්ත්වයත් මැනවින් කියාපාමිනි.(එහි වීඩියෝව සදහා පිවිසෙන්න.)

‘ජිනීවා නිදහස් ශ්‍රී ලංකාවට අත නොතබනු!‘ පුවරැවලින් මුහුණු වසාගත් පිරිසක්

මෙම විරෝධයට පැමිණි සිටි ඇතැම් පිරිසක් විරෝධතාවයේදී එම විරෝධතා පුවරැවලින් සිය මුහුණ ආවරණය කර ගෙන සිටීමද විශේෂත්වයක් විය. පහත පළවන්නේ එහි ඡායාරෑප කිහිපයකි.

1

2

4

5

නැගෙණහිර පළාත නියෝජනය කරමින් පැමිණ සිටි බවට ප්‍රකාශ කළ එම විරෝධකරැවන් ‘බටහිර රෑකඩ රාජ්‍ය පාලන අපට එපා‘, ‘ත්‍රස්ථවාදය තුරන් කල අපට උරැම පෝරකයද?‘ජිනීවා නිදහස් ශ්‍රී ලංකාවට අත නොතබනු!‘ වැනි පුවරැ සහිතව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පෙත්සමක බාර දීමට කටයුතු කලේය. පසුව එම විරෝධතාකරැවන් පොලීසියේ පූර්න අනුග්‍රහය මත ඇමරිකානු තානාපති කාර්යාලය දෙසට ගමන් කළේ ය.

එම විරෝධතාවයේ සම්පූර්ණ ඡායාරෑප සටහන සදහා පිවිසෙන්න.