එකී නොකී

ඔහු මිහිහෙකි

රුකී

ධවල රැයක

නිහඬ හඬක්

රැකී

කළු සුදු මැද

මිනිසත් බව

රැකී

විලංගුවත් තර්ජනයත්

පුදුමයක් ද

සකී

උතුරු දකුණු

මං තීරුවේ

රැකවලෙකිය

රුකී

ආණ්ඩුවට හිසරදයකි

හිමිකම් ගැන

කිපී

නිහඬ තියරියේ ගොදුරක්

නොවේවාය

රුකී

උදය ආර්. තෙන්නකෝන්