ලංකාව නම් වූ භූමි භාගයේ සිදු වෙමින් පවතින දේශපාලනික හා සමාජ සංස්කෘතික අවක්‍රියා පිළිබඳව පිටතින් සිට බලන්නෙකු ලෙස සංවේදී කාරණා හා සිදුවීම් ඇතුලත වෙසෙන ප්‍රගතිශීලී කොටස් ලෙස පෙනී සිටින වාම ධාරාවේ ක්‍රියාකාරීන්ට සංජානනය වන ආකාරය හා ක්‍රියාකරන ආකාරය මත විදේශික වාමාංශිකයා හා දේශීය වාමාංශිකයා යන බෙදීම තුලම මාක්ස්වාදය, ලෙනින්වාදය, මාවෝවාදය, ට්‍රොට්ස්කිවාදය ආදී සමාජවාදී වාදයන් අතර ප්‍රතිවිරෝධයක් ඇති වේ. මෙම ගැටලුව වමේ ගැටලුවක් ද නැතිනම් රටේ ගැටලුවක් එසේත් නැති නම් චින්තනමය ගැටලුවක් ද යන්න සංකීර්ණ කාරණයකි.

මේ සඳහා ඇති ආසන්න විදේශිය උදාහරණයකින් පැහැදිලි කර ගත හොත් ඊට ගැලපෙන හා පැහැදිලිව තේරුමි ගත හැකි වන හැසිරීම වන්නේ කියුබාවය. සමාජවාදී රටක් මෙන්ම, ශ්‍රෙෂ්ඨ විප්ලවවාදී ආර්ශයක් වමට පෙන්වා දුන් ඉතිහාසයක, ෆිදෙල් කස්ත්‍රෝ, චේ ගවේරා වැන්නන්ගේ කොමියුනිස්ට් භාවිතයන් ද අධිරාජ්‍ය විරෝදී පෙනීසිටීම් නිසා ලාංකින වමේ කර මත ඇති පංචායුදය වැනි ආදර්ශමය චරිත බවට පත්ව ඇත. එහෙත් කියුබාව ලංකාවේ වමට යම් ආලෝකයක් සපයන අතර, ලංකාව සම්බන්ද කියුබාවේ ප්‍රතිපත්තිය දෙසට හැරීමේ දී එම ආලෝකය ප්‍රතිවිරෝදයක් බවට පත්වන්නේ ඇයි යන්න කියුබාවේ ගැටලුවතක් ද නැතිනම් වමේ ගැටලුවක් ද?

මෙම තත්තවයම රැසියාවට ද චීනයට ද වෙනස්කම් සහිතව වුවද සමානව බලපාන කාරණයකි. එහිදී එන ගැටලුව වන්නේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණා පිලිබඳ හා රාජ්‍යතාන්ත්‍රික ලෙස ක්‍රියා කරන ආකාරය අනුවය. වාර්ගිකත්වය මත පීඩනයට පත් ජන කොටසකගේ අයිතීන් හා ජීවිත් වීමේ හිමිකම අහිමි කරන මර්ධන කාරී පාලනයකට ජාත්‍යන්තර වශයෙන් සිය ස්ථාවරය පැමේ දී මර්ධන කාරී, පීඩකයාගේ පැත්ත ගැනීම යනු මුහුණ සමග තරහ වී නහය කපා ගැනීම වැනි ප්‍රතිපත්තියක් ද නැතිනම් සතුරාගේ සතුරා මිතුරා යන උපක්‍රමය ද යන්න මත ලොව සිදු වන කුමන හෝ අවක්‍රියාවක් වෙනුවෙන් අමෙරිකාව මැදිහත් වන්නේ නම්, කාරණය කුමක් ද යන්නට වඩා ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ අමෙරිකාවට ඇති ප්‍රතිචාරයයි. මෙම සංකීර්ණ හා විරුද්ධාභාෂික හැසීරීම දේශීය වමේ දේශපාලනික හා න්‍යායික බුදිධිමතුන්ට ද එලෙසම පොදු වන බැවින් ලාංකීය වම දිනෙන් දින ජනතාව තුල සංකොචනය වීමට පත්ව ඇත. ඔවුන් රටෙහි ඇති සුළු ජන පීඩනය, මානවහිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය දෙස බලන්නේ ද කියුබාව අමෙරිකාව දෙස බලන දෘශ්ටිකෝණයෙන්ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මාකව හිමිකම් කවුන්සලේ දී ලංකාවට පක්ෂව ගන්නා ස්ථාවරය වාමාංශික අර්ථයෙන් පීඩිතයාට අදේශ කරන විට ඇත්තේ කුමන සාධාරණය ද. එවිට ලංකා සන්දර්භයේ දී හා ලෝක සන්දර්භයේ දී කොමියුනිස්ට්වාදියෙකු වීමේ ප්‍රායෝගික මිමිම කුමක් ද.

වාමාංශික ක්‍රියාකාරිකයෙකුට තර්ජනයක් පැහැරගැනීමක් හෝ පීඩනයක් එල්ල වූ විට ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් උදේසා සටන් කරන්නෙක් ඔවුන් වෙනුවෙන් හඬ නගද්දී, එම හඬ නගන්නන්ට ගැටලුවක් වෙද්දී, එය පංතිමය ප්‍රශ්නයක් හෝ ධනේෂවර ප්‍රශ්නයකට ලඝු වෙමින් සටන්කාමීත්වයේ අලස බවක් ගනු ලැබීමේ ගැටලුව කුමක් ද.

මෙම ගැටලුව නිසා මම මාක්ස් වාදියෙකු හෝ ලෙනින්වාදියෙකු කියා කියන්නට මැලි වෙමි.

දයාන් ජයතිලක කස්ත්‍රෝවාදියෙකි- කැස්ත්‍රෝ විප්ලවාදියෙකි
කැස්ත්‍රෝ(කියුබාව, විප්ලවය) – දයාන් මහින්ද වාදීන්ය
මහින්ද බොරු අමෙරිකන් විරෝධී දේශ ප්‍රෙමියෙකි
වීරවංශ ද මේ සියල්ලමය
එවිට වම්මු (සුසිරිසිදු) කස්ත්‍රෝට කැමැතිය- අනිත් ඔක්කෝටම විරුද්ධය
එහෙත් කස්ත්‍රෝ මහින්දගේ මර්ධන රෙජිමයට පක්ෂය
අවසානයේ මේ සියල්ල සමානය.

මෙහි ඇති පොදු සාධකය වන්නේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ දෙක කවුරුවත් ලඟ නැත.

එබැවින් සුපිරිසිදු වාමාංශිකයන්ට ධනවාදය, අධිරාජ්‍යවාදය, නව ලිබරල් ධනවාදය මිසක ජනතාවගේ නිදහසට ඇති අයිතිය උදෙසා සටන් කිරීම යන්න පංන්ති ප්‍රශ්නයකට වඩා එහා ගිය එකක් බව තේරෙන්න කල් යයි ද නැති නම් සදහටම මේ ස්වභාවයම තිබේද යන්න දෙවියන්ට බාරය. ඒ වන විට කෝච්චිය ගොස් හමාර විය හැකිය.

රුසියානු විප්ලයෙත් ප්‍රංශ විප්ලවයේත් සටන් පාඨ අතර ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අන්තර්ගත වන විට සුපිරිසිදු වම්මුන්ට පංති ප්‍රශ්නයක් යැයි කියන විට එය නැවත කල්පනා කළ යුතුය. දෙමළාගේ ප්‍රශ්නයත්, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය මනින මිම්ම පංතිය නම්, මට හිතන්න ඉඩ දෙන්න.

ඒ මම කවුද යන්න හා කරන්නේ මොනවද යන්න ගැන.

මෙල්ස් මාකැස්චේ | Mels Macasche