Image Credit: @DushiYanthini

දැරියට රැකවරණය දීමට ඥාතීන් පැමිණියේ නම් අධිකරණ නියෝගය මත ඔවුන් සමඟ යෑමට අනුමැතිය ලබා දෙන බවත්, අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් අනතුරුව ළමා නිවාසයකට යවා ඇති විබූෂිකා දැරිවිය භාර ගැනීමට කිසිවකු ඉදිරිපත්වී නොමැති හෙයින් අධිකරණ නියෝගයට අනුව ඇයව ළමා නිවාසයකට යැවූ බවට යාපනය දිස්ත්‍රික්ක ජේ්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසා තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය 28වන දින යාපනය පොලිස් මූලස්ථානයේදී පැවති සතිඅන්ත මාධ්‍ය හමුවකට සහභාගිවු හෙතෙම මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මේ බව පවසා ඇති බව ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය සදහන් කරයි.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ධර්මපුරම් ප්‍රදේශයෙහි විජයකුමාරි සහ ඇයගේ දියණිය විබූසිකාව ටී.අයි.ඩි ය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මව බූස්ස බන්‍ධනාගාරයටද දියණිය ළමා නිවාසයකට යවා තිබේ. කලිනොච්චිය සිද්ධිය සම්බන්‍ධයෙන් මාධ්‍යවල පලවූ තොරතුරුවල කිසිම සත්‍යතාවයක් නොමැත. දෙදෙනාම ජීවත්වුයේ එකම නිවසේදීය, නමුත් එදා සිද්ධියෙන් පසු මව අත්අඩංගුවට ගැනීමෙන් 13 හැවිරිදි දැරිය පමණක් අතහැර යෑමට නොහැකි හෙයින් විබූසිකා දැරිය රැගෙන ගොස් අධිකරණ නියෝගයට අනුව ළමා නිවාසකට භාරදී තිබේ.

නමුත් එවිට විබූසිකාව භාරගන්නා ලෙස අසල සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටියෙමු. නමුත් කිසිවකු එයට ඉදිරිපත්වුයේ නැහැ. එම නිසා දැරියව ද රැගෙන ඒමට සිඳුවුණි. මෙය අත්අඩංගුවක් නොවේ. එමෙන් දැරියට රැකවරණය ලබාදෙන බවට ඔවුන්ගේ ඥාතීන් පැමිණියේ නම් අධිකරණ නියෝගයට අනුව ඔවුන් සමඟ යෑමට අනුමැතිය ලබාදෙන බව පොලිස් අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙම ප්‍රකාශය පිළිබදව කල්පනා කරන විට ඊසෝප්ගේ අපූරැ උපමා කතාවක් සිහිවිය. එය නම්,

”බැටළු පැටවකු ගඟකින් දිය බොනු දැක වෘකයෙක් ඌ ගිල දැමීමට හොද හේතුවක් සොයනු රිසි විය. මෙසේ ඌ ගඟ ඉහළ සිටිමින් ම තමාට දිය බොන්නට බැරි වන පරදි ගඟ මඩ කළේ යැයි, බැටළු පැටවාට චෝදනා කළේ ය. බැටළු පැටවා පිළිතුරැ දෙමින් ‘තමා දිය බීවේ දිවගින් බවත් කොයිහැටිත් තමා ඉන්නේ ගඟ පහළ බැවින් ඉහළ දිය කැළතීමත් තමාගෙන් විය නොහැකි බවත් කීවේය.‘‘ මෙසේ ඒ කරැණ හේතුවක් කර ගැනීම වැරදී ගිය කල ‘තා පසුගිය අවුරැද්දේ මගේ තාත්තාට නින්දා කළා නොවේ දැයි‘ වෘකයා කීවේය. තමා ඒ කාලේදී ඉපදීවත් නැතැයි බැටළු පැටවා කියත්ම ‘කට උත්තරවලින් නම් හිඟයක් නෑ‘, ඒ කොහොම උනත් මා, තා කනවා.. කනවාමයි‘ කියා වෘකයා ගොරවමින් පැවසීය.”(@Aesop’s Fables)

©Watchdog