ශ්‍රී ලංකා ආණ්ඩුව 2009 දී ප්‍රකාශ කලේ එල්ටීටීඊ සංවිධානය සමග ඇති වී තිබූ යුද ගැටුම අවසන් බවයි. එසේ වුවත් පසුගිය සති කිහිපය තුළ කාන්තාවන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත(Prevention of Terrorism Act-PTA) යටතේ, කාන්තාවන් බොහෝ පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව කාන්තා ක්‍රියාකාරී ජාලය පවසයි.

කොටි සංවිධානය යළි සක්‍රිය කරන බවට චෝදනා එල්ලවූ ගෝපි නැමැත්තා සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බවට පවසා ඇතැම් කාන්තාවන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ආරක්ෂක අංශ උපුටා දක්වමින් අතැම් මාධ්‍ය වාර්තා පවසයි. ගෝපි නැමැති කොටි ක්‍රියාකරුවා ලෙස ආරක්ෂක අංශ විසින් හදුන්වා ගත් සහ ඔහුගේ සහයකයන් නෙඩුන්කේනි ප්‍රදේශයේදී සිඳුවූ ගැටුමකදී මියගොස් ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නිළ වශයෙන් ප්‍රකාශ කර තිබේ. නමුත් මරා දමන ලද ගෝපි සමඟ සම්බන්‍ධකම් පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන්ව තවදුරටත් රඳවුම්භාරයේ තබා තිබේ.

කෙසේ නමුත් එම කාන්තා ක්‍රියාකාරි ජාලය තවදුරටත් පවසන්නේ, ත්‍රස්ත මර්දන නීතිය යටතේ කාන්තාවන් සහ ළදැරියන්ව අත්අඩංගුවට ගෙන තිබූ අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් වවුනියාව ත්‍රස්ත මර්දන අංශය, කොළඹ ත්‍රස්ත මර්දන අංශයේ 2වන සහ 4වන මහළ සහ බූස්ස බන්‍ධනාගාරයේ ද රඳවා තබා තිබෙන බවය.

කාන්තා ක්‍රියාකාරී ජාලය පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගත් 10 දෙනෙකු සම්බන්ධව තොරතුරැ ලැබී ඇති බවය. මෙම පිරිසට ‍යෞවන වයසේ පසුවන ගැහුණු ළමුන් ද අයත් බව වැඩිදුරටත් පවසයි.

01.සර්මිලා ගජදීපන්, වයස අවුරැදු 26(ඇය අත්අඩංගුවට පත්වන විට ගැබ්ගෙන සිටි බවටද වාර්තා විය)ත්‍රීකුණාමලය, පලෛයි උට්ටූ(Palaiuttru) ප්‍රදේශයේදී, පසුගිය මාර්තු 11වන දා ඇය අත්අඩංගුවට පත් වී ඇත.

02.සෙල්ව නායකි රාසමලර්, වසය අවුරැදු 62ක් වන වසයක කාන්තාවක් වන ඇය, යුද සමයේ දී ෂෙල් ප්‍රහාරයක් වැදීමෙන් රොගාතුර වී සිටි බවත් අත්අඩංගුවට පත්වන අවස්ථාවේත් අයියකච්චි ප්‍රදේශයෙන් ප්‍රතිකාර ගනිමින් සිටි බවට ද වාර්තා වෙයි.

03.පුවනේස්වරි කුලසිංගම්, වසය අවුරැදු 52ක් වන ඇය, සෙල්ව නායකි රාසමලර්ට උදව් තරමින් සිට ඇත.

04.ජෙයකුමාරි බාලේන්ද්‍රන්, කිලිනොච්චි, ධර්මපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූවේ ඇගේ දියණිය වන විබූෂිකා ද සමග පසුගිය මාර්තු 13වන දාය. (පසුව විබුෂිකා කිලිනොච්චියේ පරිවාස බාරයට පත් කෙරැණි) ජෙයකුමාරි, යුද සමයේදී සිය පුතුන් දෙදෙනෙකු අහිමි වූ මවක් වන අතර ඉන් එක් දරැවෙක් අතුරැදහන් වීම නිසා ඔහුව සොයමින් තැනින් තැනට යමින් සිටි යා ය.

05.නිදර්සනා, වයස අවුරැදු 28 වන ඇය අත්අඩංගුවට පත් වී ඇත්තේ විශ්වමඩු හි තොත්තිආඩි(Thottiaddi) ප්‍රදේශයේදී බව වාර්තා වෙයි.

06.කනපතිපිල්ලයි යෝගරානි, වසය අවුරැදු 61 කි.

07.රවීන්ද්‍රන් වදනි, වසය අවුරැදු 22ක් වන ඇය සිය සැමියා ද අහිමිව, යුද්දය නිසා ශාරීරිකවත්, මානසිකවත් සිදු වී ඇති රෝගාතුර තත්ත්වයන් නිසා ප්‍රතිකාර ලබමිනි සිට ඇත.

08.සෙල්වි ලෝගනාදන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අගේ සැමියාත් සමග බව වාර්තා වන අතර ඇය බූස්ස රැදවුම් බාරයේත්, සැමියා ත්‍රස්ථ විමර්ෂණයේත් රදවා ඇතැයි වාර්තා වෙයි.

09.සසිදරන් තවමලර්, වයස අවුරැදු 42ක් වන ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ අගේ දියණිය සමග ඇගේ නිවසේ සිටින විට පසුගිය අප්‍රේල් 09 වනදාය. ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ත්‍රස්ත විමර්ශණ ඒකකය මගින් වන අතර අගේ සැමියා රැකියාව කරනු ලබන්නේ සව්දිඅරාබියාවේ බවද වාර්තා වෙයි.

10.සසිදරන් යදූර්සිනි, වයස අවුරැදු 16ක් වන මෙම යෞවනිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය මව සමගය. පසුව වව්නියාව ත්‍රස්ත විමර්ශණ ඒකකයේ රදවා ඇතැයි පැවසේ. සසිදරන් කෝමරසාන්කුලම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඇය මෙම වසරේ දෙසැම්බර් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම්ව සිටියා ය.

මෙම පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇතැයි කාන්තා ක්‍රියාකාරී ජාලය පවසා තිබේ. කාන්තාවන් සහ ළදැරියන්ව අත්අඩංගුවට ගැනීමේදී නිසි නීතිමය පිළිවෙත් අනුගමනය කර නොමැති බවද චෝදනා කරන ඔවුන් ත්‍රස්ත මර්දන නීතිය යටතේ අත්අඩංගුවට ගත් නමුත් කාන්තාවන් වශයෙන් ඔවුන්ගේ අයිතිය තහවුරු කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කර තිබේ. එසේම අත්අඩංගුවට පත්වූවන්ට චෝදනා තිබේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවැරිය යුතු ය, නැතිනම් ඔවුන්ව නිදහස් කළ යුතු බවද කාන්තා ක්‍රියාකාරී ජාලය පවසයි.

**මෙයින් වසය අවුරැදු 60 සහ 18 වියැති දෙදෙනෙක් අප්‍රේල් 14 වනදා නිදහස් කර ඇති අතර ගැබ්ගැනීමෙන් පසු ගබ්සා වී ඇතැයි වාර්තා වන සර්මිලා ගජදීපන් නිදහස් කර නැති අතර වසය අවුරැදු 16ක දැරිවියක් පරිවාස භාරයට පත් කර අැතැයි පැවසේ. මේත් සමගම බීබීසී ය වාර්තා කර සිටියේ ‘උතුරේදී ආරක්ෂක හමුදාව සමඟ ගැටුමකින් මියගියා යැයි ආණ්ඩුව පවසන ගෝපි හෙවත් සෙල්වනායගම් පොන්නයියා ගජීපන් ගේ මව වන සෙල්වනායගී රාසමලර් රැඳවුම් භාරයෙන් නිදහස් කළ බව පොලිසිය පවසයි.‘ යනුවෙනි.

ග්‍රව්න්ඩ්වීව්ස් හි පළ වූ සටහනක් ඇසුරිනි