වගේ වගක් නැති
අනේ කමක් නැති
මතකය අමතක රට වැසියෝ වෙති
බිහිරි අලින් ඇති
පෙරහරවල යති
පාවඩ එලනා දායකයෝ වෙති

හරිම රටක් මේ ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි

වනේ පලක් නැති
මල් සුවඳක් නැති
ඉවක් බවක් නැති රට වැසියෝ වෙති
හිස් කබලක් ඇති
මොළ කළඳක් නැති
බමන මතට සරි නටන දනෝ වෙති

හරිම රටක් මේ ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි

දවස ඔහේ යති
දිව්වත් හති නැති
අනේ අනිච්ඡං රටවැසියෝ වෙති
ලබා උපන් හැටි
එහෙම තමයි අපි
වෙනසක් නොදන්න රටවැසියෝ වෙති

හරිම රටක් මේ ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි

ලෝකෙට ණය වෙති
කාටත් බය නැති
රජෙක් ඉන්න මරු රට වැසියෝ වෙති
සාගරයකි ඇති
ආදරයක් නැති
ජාතික කොඩියක රට වැසියෝ වෙති

හරිම රටක් මේ ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි

මෙල්ස් මාකැස්චේ | Mels Macasche