Image Credit : lankadeepa

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවක් සදහා අද (17) සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකට සහ මාධ්‍යවේදීන්ට එහි සිටි මැරයන් විසින් බිත්තර වලින් සහ ගල් මුල් වලින් පහර දී ඇතැයි වාර්තා වෙයි.

එහිදී හම්බන්තොට එජනිස නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක් රැගෙන, සරම උස්සාගත් තවත් අයෙක් සමග දුව එන අයුරැ මාධ්‍යවේදීන්ගේ කැමරා වල සටහන්ව තිබූ අතර ලංකාදීප වෙබ් අඩවිය එය සටහන් කර තිබූණේ මෙසේ යි.

‘‘හම්බන්තොට වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට හා මාධ්‍යවේදීනට එහි පරිපාලන ගොඩනැගිල්ල අසළ සිටි පිරිසක් අතින් පයින් හා බිත්තරවලින් පහර දුන්හ. වරාය අසළ සිටි පොලිස් නිලධාරීහු මන්ත්‍රීන් බේරීමට කිසිත් නොකළ නිසා වරාය නැරඹීම පසෙක දමා මන්ත්‍රීවරු නැවත කොළඹ බලා පිටත් වූහ. පොලිස්පති හමුවී සිද්ධිය ගැන දැනුම් දෙන බවත්, අද රාත්‍රී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බවත් මන්ත්‍රීහු කීහ. හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු පිස්තෝලයක් අතැතිව සිටියේය. ‘‘

රාජපක්ෂ හිතවාදීන්, හම්බන්තොටදී වැඩ ඇල්ලුවේ එසේය. දැන් හෙට වන විට මාධ්‍ය ප්‍රකාශකලා මාධ්‍ය ඉදිරියේ වර්ණවත් නාටකයක් දිග හරිනු ඇත. එසේම පොලීසිය බලා සිටියදී පිස්තෝල රැගෙන සිදු කළ මෙයට අධිරාජ්‍යවාදීන් සම්බන්ධ යැයි කීමටද බැරි නැත. කෙසේ නමුත් මහදවල්, ජාත්‍යන්තර ගුවන්තොටුපලකදී, පොලීසිය බලා සිටියදී පිස්තෝල, ගල් මුගුරැ රැගෙන පාර්ලිමේන්තු මංත්‍රිවරැන්ට පහර දීමට තරම් රාජපක්ෂ පාලනය උමතු වී ඇති බව මෙයින් මනාවට පෙන්නුම් කරයි. එසේම නීතිය ආරක්ෂා කිරීමට සිටිනවා යැයි කියන පොලීසිය, පිස්තෝල ගත් මැරයන් ඉදිරියේ උඩබලං සිටීමෙන් ද තව දුරටත් සනාථ වන්නේ වත්මන් ලංකාව මැරයන්ගේ රජදහනක් බවට පත් වී ඇති ආකාරය නොවේද?

33(114)

22(214)