Image : vikalpa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාවේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ සංහිඳියා කි‍්‍රයාවලිය පිළිබඳව ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පවතින කැපවීම ගැනයි. 2009 යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන් අදියරේ දී, ශී‍්‍ර ලංකා ආණ්ඩුවටත් දමිල ඊළාම් විමුක්ති කොටි සංවිධානයටත් අනුගතව සිටි කණ්ඩායම් විසින් කරන ලදැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතුව තිබෙන කරුණු පිළිබඳව, විශ්වාසය තැබිය හැකි පරීක්ෂණයක් පවත්වන්නට ශී‍්‍ර ලංකාවේ තිබෙන කැපවීම කෙතරම් අව්‍යාජ ද යන්න ගැන මෙම යෝජනාවෙහි සැලකිල්ල යොමුවී ඇත. නොබෝදා මේ සම්බන්ධව කරුණු දක්වා තිබුනු ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට තිබුනේ, යුද්ධමය කි‍්‍රයාවලියේ අවසන් අදියරේ දී කරන ලදැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නට අවසර ලබාදීම හැරුනු විට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී සම්මත කර ගන්නා ලද යෝජනාව වෙත අනුග‍්‍රහය දැක්වූවන්ගේ සියළුම ඉල්ලීම් ආණ්ඩුව විසින් දැනට ක‍්‍රියාත්මක කරමින් සිටින බවයි. මේ සම්බන්ධයෙන් සැළකිල්ලට ගත යූතු කරුණු කිහිපයක් ඇත.

එක්සත් ජාතීන්ගේ යෝජනාව

එක්සත් ජාතීන්ගේ යෝජනාවේ වලංගු විවේචන අඩංගුව ඇත්නම්, ඒ විවේචන පිළිබඳව අර්ථාන්විත ලෙස නිර්මාණාත්මක ආකාරයේ පියවර ගන්නවා වෙනුවට, ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව වැඩියෙන් ක‍්‍රියාත්මක වූයේ විදේශීය රටවලින් කෙරෙන බලපෑම් පරාජය කිරීම තම ප‍්‍රකාශිත අරමුණ කොට ගෙන, රටේ බහුතරයක් දෙනා වඩාත් ජාතිකවාදී පදනමකින් බලමුළු ගන්වා ලන්නට කටයුතු කිරීමයි. ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව පවසන අන්දමට, බොහෝ රටවල් එක්සත් ජාතීන්ගේ යෝජනාවට ඡන්දය දී ඇත්තේ, ඇමෙරිකා එක්සත් ජනපදය ඒ රටවල්වලට අයුතු ආකාරයේ බලපෑම් කිරීම හේතුවෙනි. බටහිර රටවල්වලට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රධාන චෝදනාව වී ඇත්තේ, ශී‍්‍ර ලංකාවේ රජය පෙරළා දැමීම අරමුණු කොට ගෙන, එම රටවල්වල අරමුදල් මත රඳා පවතින රාජ්‍ය නොවන සංවිධානත්, සිය මව්බිම පාවාදෙන්නට සූදානම්ව සිටින කණ්ඩායමුත් යොදවා ගන්නා බවයි.

එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශී‍්‍ර ලංකාවේ රජය දැක්වූ එක් ප‍්‍රතිචාරයක් වූයේ, ඇතැම් දමිල ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයන් ත‍්‍රස්තවාදයට පක්‍ෂවාදීව සිටින, ඒ සඳහා ආධාර කරනු ලබන විදේශීය ආයතන සහ සංවිධාන ලෙස නම් කොට, ශී‍්‍ර ලංකාවේ පුරවැසියන්ට එම සංවිධාන සහ පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම තහනම් කර ලීමයි. රටේ පුරවැසියන්, ඩයස්පෝරා සංවිධාන සහ මාධ්‍ය අතර සම්බන්ධකම් පැවැත්වීම අපරාධකාරී ක‍්‍රියාවක් බවට පත්කොට, ඒ පිළිබඳව භීතියක් ඇතිකොට, අනාගතයේ කෙරෙන ජාත්‍යන්තර පරීක්‍ෂණයකට කිසිදු තොරතුරක් සැපයීමෙන් ඔවුන් වළක්වා ලීම, මෙම නම් කිරීමේ ප‍්‍රධාන අරමුණ ලෙස පෙනෙයි. පසුගිය දා හමුවුනු සමූහ මිණීවළවල් පිළිබඳව පැවැත්වුනු දේශීය පරීක්‍ෂණවලදී, ශී‍්‍ර ලංකාවේ රජය ක‍්‍රියාත්මක වූ ආකාරය දෙස බැලූ විට, මීට වඩා වෙනස් දෙයක් එවැනි රජයකින් බලාපොරොත්තු විය හැකිව තිබුනේ නැත. මෙයට ප‍්‍රතික‍්‍රියා දැක්වූ ඇතැම් දමිල ඩයස්පෝරා සංවිධාන කියා සිටියේ, දමිල වැසියන් මහා පරිමාණයෙන් ඝාතනය කළවුන්ගේ, දමිල කාන්තාවන් දූෂණය කළවුන්ගේ, සහ යුධ අපරාධකරුවන්ගේ යයි කියන නම් ලැයිස්තුවක් පළ කරන්නට තමන් කටයුතු කරන බවයි. ප‍්‍රකට සුදුකොඩි සිද්ධියට අදාළව දැන් ප‍්‍රසිද්ධ කොට තිබෙන ඡායාරූප, එහි එක් පියවරක්දැයි යන්න පැහැදිලි නැත.

ශී‍්‍ර ලංකා ආණ්ඩුව විසින් සිවිල් යුද්ධය අවසන් කර දැමීමේ පස්වැනි සංවත්සරය සමරණ ලද්දේ විජයග‍්‍රහණයේ දිනය වශයෙනි. එම සැමරුම දකුණේ පැවැත්වුනු අතර, එම යුද්ධයේදීම මියැදුන ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල පුරවැසියන් සිහිපත් කරන්නට ප‍්‍රසිද්ධියේ පහනක් දල්වන්නට පවා ඉඩ නොදෙන්නට රජය වගබලා ගත්තේය. යුද්ධයේදී මියැදුනවුන් සැමරීමට කිසියම් ආකාරයකින් සහභාගි වූවහොත්, හෝ එසේ කිරීමට තීරණය කළහොත්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඔවුන් අත්අඩංගුවට ගත හැකි බව දමිල ජන කොටස් වෙත දැනුම් දී තිබිණි. මෙයින් පැහැදිලිවම විද්‍යමාන වන්නේ ලංකාවේ සමාජ සංහිඳියාව බිඳ වැටී තිබෙන ආකාරයයි. සමාජයේ බෙදී පැවතීම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට තිබෙන උවමනාවයි. සමාජ හෝ ජාතික සංහිඳියාවකට වඩා, සමාජමය හා ජාතික වශයෙන් රටේ ජන කොටස් වඩ වඩාත් විදූරණය කිරීමේ කි‍්‍රයාවලියක් දිගින් දිගටම සිදුවෙමින් පවතින බවයි. නුදුරු අනාගතයේ දී පවත්වන්නට බලාපොරොත්තු වෙන ජනාධිපතිවරණයක දී පවතින බලය රැක ගැනීමට වලි කන ආණ්ඩුවකට, මෙම විදූරණ ක‍්‍රියාවලිය අතීතයේදී මෙන්ම අනාගතයේදී ද ප‍්‍රයෝජනවත් වනු ඇති බව වටහා ගැනීම මේ මොහොතේදී අවශ්‍ය වන්නේ, ශී‍්‍ර ලංකාවේ රජයට එවැනි සංහිඳියාවක අවශ්‍යතාවයක්, කැපවීමක් හෝ කැමැත්තක් නොමැති මන්දැයි යන්න තේරුම් ගැනීමටයි.

පවතින භූමිකාව

ශී‍්‍ර ලංකා ආණ්ඩුව පවසන්නේ රටේ උතුරු නැගෙනහිර පළාත්වල ආයෝජනය, ආර්ථික වර්ධනය සහ දමිල ජනයා යළි පදිංචි කරවීම, සංහිඳියා පියවරවල් වශයෙන් දැනටමත් කරගෙන යන බවයි. 2009 දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සමඟ නිකුත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශණයේ ශී‍්‍ර ලංකාවේ විධායක ජනාධිපතිවරයා එකඟ වී තිබුනේ, කල් පවත්නා දේශපාලන විසඳුමක් කරා පහත සඳහන් පියවර ගනිමින් වැඩ කටයුතු කරන බවයි. එනම්: ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කරමින් වඩා පුළුල් සංවාදයක් ආරම්භ කිරීම; අවශ්‍ය කරන මූලික සිවිල් යටිතල ව්‍යුහය ගොඩනැංවීම කඩිනම් කිරීම; රට තුළ විස්ථාපිතව සිටින පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිත ගත කළ හැකි අන්දමින් අවශ්‍ය ජීවන මාර්ග ගොඩනැංවීම කඩිනම් කිරීම; ඔවුන්ගෙන් බහුතරයක් යළි පදිංචි කරවා ලීම; ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර වගකීම් සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මතයන් අනුව යමින් මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම; සහ මානවවාදී සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් ආමන්ත‍්‍රණය කළ හැකි වෙන ලෙස වගකීම් බාරගන්නා ක‍්‍රියාවලියක් සකස් කර ලීම.
එහෙත් 2009න් පසුව අපට දක්නට ලැබෙන්නේ, 13 වැනි සංශෝධනය අවලංගු කර දමන්නට, හෝ 19 වැනි සංශෝධනයක් මගින් එම 13 වැනි සංශෝධනය බොඳ කර දමන්නට දරන ලද උත්සාහයන් ය. 13 වැනි සංශෝධනය ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත කොට වසර 25ක් ඉකුත් වීීමෙන් පසුව පවා, තවමත් එම සංශෝධනය මුළුමණින් ක‍්‍රියාත්මක කොට නැත. 2009 වාර්ගික සිවිල් ගැටුමේ යුද්ධමය අදියර අවසන් කර දැමීමට පෙර කථාබහට ලක් වූ, පොරොන්දු වූ මෙන්ම, සහතික වූද බලය බෙදා හැරීමේ පියවරයන් අඩු තරමින් දැන් සාකච්ඡාවට, කල්පනාවට, හෝ ක‍්‍රියාවට නැංවීමට ලක්වන්නේ නැත. උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණ පවත්වනු ලැබූවද, ඒ පළාත්වල ආණ්ඩුකාරවරු වශයෙන් පත්කොට ඇත්තේ දැනට ආරක්‍ෂක හමුදාවල සිටින පුද්ගලයන් ය. අති විශාල වශයෙන් එම පළාත්වල විද්‍යමානව සිටින නිළ ඇඳුම් පැළඳි සහ නිළ ඇඳුම් නොමැතිව සිටින ආරක්‍ෂක හමුදාවන් ද, ඊට අනුබද්ධ කොටස් සහ විශේෂ හමුදාවන් ද විසින් එම පළාත් ආණ්ඩු කරනු ලබනු බව පෙනෙයි. ඉතා දැඩි සමාලෝචන ක‍්‍රියාවලිියකින් පසුව පුනරුත්ථාපනය කොට නිදහස් කර යවන ලද අය පවා, අඩන්තේට්ටම්වලට සහ තර්ජනය කිරීම්වලට ලක්කොට තිබෙන බව වාර්තා වී තිබේ.

නුදුරු අනාගතයේ දී පවත්වන ජනාධිපතිවරණයක දී, පවතින බලය රැක ගැනීම සඳහා, සමාජ විදූරණ ක‍්‍රියාවලිය අතීතයේදී මෙන්ම යොදා ගැනීමට ඇති බලාපොරොත්තුව පැහැදිලි කෙරෙන තවත් සිදුවීම් ඇත. එක් අතකින් රජයේ අනුග‍්‍රහය ලබන දේශපාලකයන්ගේ සහ බොදු බල සේනාවේ ප‍්‍රහාර තුළින්ද, අනෙක් අතින් ආරක්‍ෂක හමුදා සහ අධිකරණ ක‍්‍රියාවලිය හුදෙක් බලා සිටින්නන්ගේ තත්වයට පත්කර තබා ගැනීම තුළින්ද මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ආගමික අන්තවාදය කරා තල්ලූ කර දමන්නට කරන උත්සාහයෙන් මඟ පාදනු ලබන්නේ, සිංහළ සහ දමිල ජනයා භේද භින්න කොට භාෂා, ආගම් සහ ජාතිවාදය අතීතයේ දී යොදා ගත් ආකාරයටම, පාලක පංතියේ බලය සහ වරප‍්‍රසාද රුක ගන්නට බව වටහා ගැනීම දුෂ්කර නොවේ. මේ සම්බන්ධයෙන් කදිම උදාහරණය වන්නේ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ආගමික අන්තවාදය කරා තල්ලූ කොට දැමීමට දරන උත්සාහයත් සමඟම එම බහුතරය ආණ්ඩුවේ කොටසක් ලෙසම සිටින තවත් පක්‍ෂයක් වෙත ගොනු කර ගනිමින් සිටීමය.

2005 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික චින්තනය විසින් සිංහළ ජාතිකවාදය සහ ජාතිවාදය එක්මුළුගන්වා ධනේශ්වර පවුල් වාදී පාලක කල්ලියක් අතට යළිත් ආණ්ඩු බලය ලබා දීමට ක‍්‍රියා කළ අයුරෙන්ම, ඉදිරියේ දී පවත්වන ජනාධිපතිවරණයක දී, දැනට ආණ්ඩුව සමඟ සිටින ජාතිකවාදී සහ ජාතිවාදී කොටස් වෙන් වෙන්ව හෝ එක්ව ගමන් කොට සිංහළ බහුතරය තුළ යලිත් ජාතිකවාදය සහ ජාතිවාදය මුළුගන්වා, නැවත වරක් ආණ්ඩු බලය දැනට බලයේ සිටින පාලක කල්ලිය අතටම ලබා දීමට ක‍්‍රියා කළහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. යළිත් වරක් ශී‍්‍ර ලාංකික ජනතාව අතර ඉස්මතුවෙමින් පවතින බව පෙනෙන ජනතා විමුක්ති පෙරමුණේ බලය දුබල කර දැමීම සඳහා, දැනට ආණ්ඩුව සමඟ සිටින ජාතිකවාදී සහ ජාතිවාදී කොටස් යොදවා ගතහොත් ඒ ගැනද පුදුම විය යුතුව නැත.

රටේ සංහිඳියා කි‍්‍රයාවලිය පෙරට ගෙන යාමට නම්, ඊට බාධක ලෙස දැනට පවතින ගැටළු විසදාලන්නට කටයුතු කළ යුතුව තිඛේ. ත‍්‍රිකුණාමළයේ දී පාසැල් සිසුන් පස් දෙනෙකු ඝාතනය කරනු ලැඛීම සහ ‘සාගින්නට එරෙහි ක‍්‍රියාන්විතය’ Action against Hunger සංවිධානයේ කි‍්‍රයාකාරිකයන් 17 දෙනෙකු ඝාතනය කරනු ලැඛීම ගැන කෙරුණු පරීක්‍ෂණවල ප‍්‍රගතියක් නොපෙන්වීම, උදාහරණ වශයෙන් ගත හැකිය. ආරක්‍ෂක හමුදා විසින් සන්නද්ධ ගැටුම පැවතුන කාලයේ දී අත්කර ගන්නා ලද පුද්ගලික ඉඩම්, ඒවායේ නිත්‍යානුකූල අයිතිකරුවන්ට ආපසු පවරා දෙන්නට කටයුතු කරන බවක් ද පෙනෙන්නට නැත. ආරක්‍ෂක හමුදාවල වෙළඳ ව්‍යාපාර සඳහා ඇතැම් ඉඩකඩම් යොදාගන්නා බවටත්, සිංහළ පවුල් ඇතැම් තැන්වල පදිංචි කරවන බවටත් වාර්තා තිඛේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ තවමත් සිය ගණනක් පුද්ගලයන් රඳවා තබාගෙන ඇත. හදිසි නීතියේ බොහෝ වගන්ති ඇතුළත් කරනු ලැබ තිබෙන මහජන ආරක්‍ෂක පණත යටතේ, සිවිල් ප‍්‍රශ්ණ හැසිරවීම සඳහා රට පුරාම යුද හමුදාව යොදවා ගැනීම දිගින් දිගටම කෙරී ගෙන යයි. දමිල ජනයා විසින් ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කිරීම ද, 2009 සිට ශී‍්‍ර ලංකා රජය විසින් නතර කර දමා තිබේ. මේ අතින් ගත් විට, ඉන්දීය ජාතික ගීය හස්ත මුද්‍රාවෙන් පවා ගායනය කරන්නට ඉඩ හැර තිබීම කෙතරම් සතුට ගෙන දෙන්නක් දැයි ඇසිය යුතුය.

2009 දී ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් යුද්ධය මෙහෙයවූ ජෙනරල්වරයා දේශපාලන කටයුතුවල නිරත වූයේ යයි සැලසුම් සහගත ලෙස චෝදනා කොට සිරගත කළ අතර, ඔහුගේ පදවි නාමයද ඉවත් කර දමන ලදී. මෙසේ කරන ලද්දේ රජයේ ඉහළම පෙළේ නිලධාරීන් විවෘත ලෙසම පාලක පක්‍ෂයේ දේශපාලනයේ දිගින් දිගටම නිරතව සිටියදීය. ව්‍යවස්ථාවට එකතු කරන ලද 17 වැනි සංශෝධනය තුළින් එවකට පැවති සහ ඉදිරියට සැළසුම් කොට තිබුනු ස්වාධීන කොමිෂන් සභා නිෂේධ කර දමන ලදි. 18 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ විධායක ජනාධිපති පදවිය නොකඩවා සිය ග‍්‍රහණයේ රඳවා තබා ගැනීම තහවුරු කර ගැනීම සඳහා ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුගත වන ආකාරයේ අධිකරණමය හෝ පාර්ලිමේන්තු රීති සහ පරිපාටි පිළිපැදීමෙන් තොරව ශී‍්‍ර ලංකාවේ 43 වැනි අග‍්‍ර විනිශ්චයකාරවරියට සිය ධුරයද අහිමි කර දමන ලදී. ආණ්ඩුවට එරෙහි වෙන හෝ උද්ඝෝෂණය කරන හැම කෙනෙකුම පාහේ අඩන්තේට්ටම්, තර්ජන සහ වධ බන්ධනයට ලක් කිරීම හෝ ඝාතනයට ලක් කිරීම තවමත් යථාර්තයව පවතින්නේය.

පුවත්පත් නිදහස විවෘත මෙන්ම ආවෘත බලපෑම්වලට, වාරණයන්ට සහ මර්දනයන්ට ලක් කිරීම මඟින් තවදුරටත් සීමා කොට තිබේ. පුවත්පත් කලාවේදීන් රජය විවේචනය කිරීමෙන් වළකාලීම සඳහා කරනු ලබන මෙම බලපෑම්, ස්වාධීන ජන මාධ්‍ය මිලට ගැනීමේ සිට පුවත්පත් කලාවේදීන්ට පාරිතෝෂික ලබා දීම හෝ නොදීම දක්වා වූ ආකාරයෙන් නොයෙක් ස්වරූප ගෙන ඇත. ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ අධිකාරිවාදී ප‍්‍රවණතා සහ ආරක්‍ෂක හමුදා විවේචනය කරමින් නොකඩවා අවදානමට ලක් වෙමින් සිටින පුවත්පත් කලාවේදීන් සහ මාධ්‍ය ආයතන, ඒ සඳහා මහත් මිලක් ගෙවමින් කටයුතු කරනු ලබන්නේ කායික, ප‍්‍රචණ්ඩ සහ සන්නද්ධ ප‍්‍රහාරවලට ලක්වීමේ බියජනක වාතාවරණයක් තුළ ය. ඔවුහු මඩ ගැසීම් හා තර්ජනවලට, පහර දීමට, පැහැර ගනු ලැබීමට සහ ඝාතනය කරනු ලැබීමට ඉලක්ක වෙති; ඔවුන්ගේ මුද්‍රණාලවලට ගිනි තබනු ලැබේ. අන්තර්ජාල වෙබ් අඩවි වාරණයට ලක් කරනු ලැබේ. ඇතැමෙක් මෙයින් ගැලවීම සඳහා රට හැර යති. එවැනි අවදානම් තත්වයන්ට මුහුණදීමට සූදානම් නොමැති අය ඉහළ මට්ටමෙන් ස්වයංවාරණයෙහි යෙදෙනු පෙනේ. උතුරේ උදයන් පුවත්පත, දකුණේ සන්ඬේ ලීඩර් පුවත්පත, කලම්බු ටෙලිග‍්‍රාඏ් වෙබ් පුවත්පත මේ සඳහා උදාහරණ වෙයි.

එක්සත් ජාතීන්ගේ යෝජනාව ජිනීවා නුවර සාකච්ඡාවට ලක් වෙද්දී පවා රටේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම නොකඩවා සිදු කරමින් පැවතිණි. එවැනි උල්ලංඝණය කිරීම් බාධාවකින් තොරව තවමත් සිදු කෙරෙමින් පවතී. මානව අයිතීන් වෙනුවෙන් ක‍්‍රියා කරන්නවුන් හිරිහැරයට ලක් කිරීම; අඩන්තේට්ටම්වලට ලක් කිරීම සහ රඳවා තබා ගැනීම තවදුරටත් සිදු වෙයි. විරුද්ධ පාර්ශ්වයේ දේශපාලන වැඩ කටයුතු කඩා බිඳ දමන්නට උත්සාහ කරමින් රජයේ ඇතැම් හමුදා කොටස්, කිසිදු පාරදෘශ්‍යතාවයකින් හෝ දුර්විපාකයකින් තොරව රජයේ අශූද්ධ දේශපාලන වැඩ කටයුතුවල නිරත වෙනු වාර්තා වී ඇත. සිංහළ නොවන සහ බෞද්ධ නොවන ආයතන මත පදනම් වූ බටහිර සහ ඉන්දියානු තර්ජන මෙන්ම කුමන්ත‍්‍රණවලටද එරෙහිව සිංහළ බෞද්ධ ජන ප‍්‍රජාව රුක ගැනීම සඳහා තමන් කටයුතු කරන්නේ යැයි ඇතැම් කොටස් මගින් හුවාදක්වන මතයට ශ‍්‍රී ලංකා රජය නොකඩවා අනුග‍්‍රහ දක්වනු ලැබේ. මේ අතර එවැනි සංවිධානය වූ කණ්ඩායම් විසින් තම ප‍්‍රචණ්ඩ කටයුතුවල ඉලක්ක බවට මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි පල්ලි පත්කොට ගෙන ඇත.

දිවයිනේ උතුරු නැගෙනහිර පදිංචි දමිල ජනගහණයෙන් අති බහුතරය සහ දමිල ඩයස්පෝරාව බෙදුම්වාදීන් ලෙස හංවඩු ගසා තිබේ. යුද්ධය හේතු කොටගෙන ඇති වුනු ජීවිත සහ දේපළ හානි සම්බන්ධයෙන් ව්‍යාජ ගණන් හිලව් ඉදිරිපත් කොට ඇත. 2009 සිටවත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ඩයස්පෝරා සංවිධාන සමඟ නිර්මාණාත්මකවත් හවුල්කාරී ලෙසත් අදහස් හුවමාරු කර ගැනීමේ ක‍්‍රියාවලියක නිරත වෙනවා වෙනුවට, යුද්ධකාමී, බෙදුම්වාදී සහ වෙනම රාජ්‍යයක් සඳහා මූල්‍ය ආධාර සපයන්නවුන් වශයෙන් ඔවුන් මුළුමණින්ම හංවඩු ගසා ගැටුම්කාරී සුසමාදර්ශයක් නිර්මාණය කොට තිබේ.

මහා මූලධන බලයත් ඒ හා රජයේ පවතින සමීප සහසම්බන්ධතාවත් විසින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ජනතාවගේ අයිතීනුත් වැඩි වැඩියෙන් කප්පාදු කරමින් තිබෙන බව මගේ මතයයි. ඉහළ මට්ටමෙන්ම රජයන අල්ලස් හා දූෂණ හේතුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ උද්දීපනයත්, කාර්යක්‍ෂමතාවයත් ඵලදායකත්වයත් විනාශයට ලක් කරමින් තිබේ. නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති අනුගමනය කරන හැම රජයක්ම පාහේ ප‍්‍රතිපත්ති සකස් කරන්නට පාර්ලිමේන්තුවට ඇති බලය කප්පාදු කරමින් ඇත. ප‍්‍රතිපත්ති රාමු සහ කලනයන් විශ්ලේෂණය කිරීම, වැඩිදියුණු කිරීම සහ ක‍්‍රියාවේ යෙදවීම කරනු ලබන්නේ මහා වෙළඳ ව්‍යාපාර, විදේශීය මූල්‍ය ආයතන සහ ඒවාට සුවච ලෙස අවනත වෙන පාලක දේශපාලනඥයන් සහ පරිපාලන නිලධාරීන් අතර පවත්නා සහසම්බන්ධතාවන් විසිනි. ලෞකික ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්වලට දැනටමත් අභියෝග එල්ල කර ඇති වඩාත් අන්ත දක්‍ෂිණාංශික සහ ජාතිභේදවාදී වන බලවේගයන් විසින් ඇතැම් සමාජයන් තුළ බලය අල්ලා ගැනීමට දැඩි උත්සාහයන් දරනු පෙනේ.

සත්‍ය ගවේෂක කොමිෂන් සභා

නිර්ව්‍යාජ ආකාරයේ සත්‍ය ගවේෂක කොමිෂන් සභාවක් ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව ඇති කිරීම සඳහා උපකාර විය හැකිය. එහෙත් එවැනි කොමිෂන් සභාවක් ක‍්‍රියාත්මක කළ හැක්කේ, ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය යන්ත‍්‍රයේ මූලික ස්වභාවයෙහිම කරනු ලබන නිසි ආකාරයේ වෙනස්කම්වලින් පසුව පමණක් බව මගේ මතයයි. එවැනි වෙනස්වීම් තවම සිදු වී නොමැත. දැනට කෙරෙන ප‍්‍රවේශයෙන් දැකිය හැක්කේ, සත්‍යය යටපත් කරන්නට හෝ වසන් කරන්නටත්, අතීතය කිසිවක් සිදු නොවූවා සේ අමතක කර දැමීමටත් සහාය වෙන ක‍්‍රියාවලියක් ඇති කර ලීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවන්නට දරන උත්සාහයක් ලෙසිනි. එවැනි කොමිෂන් සභා විසින් භේද සමනය කරනු වෙනුවට එම භේද නොනවත්වා ඔඩුදිවීමටත්, ඉක්බිතිව පරම්පරාගත ගැටුමක බීජ වපුරාලීමටත් මඟ පාදනවා ඇත. කණගාටුදායක කරුණ නම් ශී‍්‍ර ලංකාවේ ඉතිහාසය එවැනි උදාහරණවලින් පිරී පවතින බවයි. රටේ ගැටුම්වලට තුඩුදී තිබෙන ප‍්‍රශ්ණ ඇමතීමෙන් ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව දිගින් දිගටම වැළකී සිටින්නේ නම්, එයින් ශී‍්‍ර ලාංකීය සමාජයට ඇති කෙරෙන දිගුකාලීන හානිය වළක්වාලිය නොහැකිය.

සත්‍ය ගවේෂක කොමිෂන් සභා පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් දේශීය අත්දැකීම්වලට වඩා හාත්පසින්ම වෙනස් ය. එම අත්දැකීම් විසින් පෙන්වා දෙනු ලබන්නේ වැරදි කළවුන්, එම වැරදිවලට ගොදුරුවුනු අය සහ අපරාධවල ස්වභාවය හඳුනා ගැනීමටත්, සත්‍යය ප‍්‍රකාශ කිරීමටත් එවැනි කොමිෂන් සභා සහාය වී ඇති බවයි. එවැනි කොමිෂන් සභා විසින් අපරාධවලට ගොදුරුවුනු අය සහ ඔවුන්ගේ පවුල්වල අය හුදෙක් අතීතය අමතක කර දමන ලෙස පොළඹවාළුයේ නැත. ශී‍්‍ර ලංකාවේ රජය උත්සාහ කරන අන්දමේ පොදු සමාවක් එවැනි කොමිෂන් සභා විසින් කිසිදාක පිරිනමා නැත. අපරාධවලට ගොදුරුවුනු අය සහ ඔවුන්ගේ පවුල්වල අය සමඟ ප‍්‍රසිද්ධියේ මුහුණට මුහුණ දෙමින් සත්‍යය ප‍්‍රකාශ කිරීම මඟින්, අපරාධ කළ හැම කෙනෙක්ම යම්කිසි සමාවක් උපයා ගත යුතු වූයේය. සළකා බැලූ හැම අපරාධයක් පිළිබඳවම සවිස්තරාත්මක කොමිෂන් සභා වාර්තා ප‍්‍රකාශයට පත් කිරීම මඟින් එම කොමිෂන් සභා විසින් අදාල තොරතුරු පොදු ජනයා අතර ප‍්‍රචාරණය කිරීම සහතික කරවන ලදී.

මෙවැනි ක‍්‍රියාදාමයක් ශී‍්‍ර ලංකාවේ කිසි දිනෙක සිදුවී නැත. ඒ වෙනුවට දක්නට ඇත්තේ අතීතයේදී කසළ ගොඩට එකතු කරන ලද වාර්තා සමූහයක් පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයකි. එම වාර්තා අතර 1984 වටමේස සාකච්ඡාව, 1989 සර්ව පාක්‍ෂික සාකච්ඡාව, 1995 ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ යෝජනා, 2001 වර්ගවාදී ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව ජනාධිපති පත්කළ සත්‍ය ගවේෂක කොමිෂන් සභාව, 2006 සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුව සහ 2010 උගත් පාඩම් සහ සංහිඳියා කොමිෂන් සභාව ද වෙයි. මෙම කොමිෂන් සභා සහ කමිටු පත් කළ සහ සාකච්ඡුා කැඳවූ ආණ්ඩු, එම ආයතන විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසුව, පැතිර පවතින ජාතික ගැටළුවට සාධාරණ කල් පවතින විසඳුමක් සඳහා වැඩ කටයුතු කරන්නට හෝ එම ආයතන විසින් පළ කරන ලද වාර්තා හෝ නිර්දේශ ප‍්‍රයෝජනයට ගැනීමට හෝ කිසි දිනෙක උත්සාහ කළේ නැත. දකුණු අෆ‍්‍රිකාවේ සහාය ඇතිව සත්‍ය ගවේෂක සහ සංහිඳියා කොමිෂන් සභාවක් පිහිටුවීමෙන් ‘සැබෑ ලෙසම ස්වාධීන’ පරීක්‍ෂණයක් පවත්වන්නට ශී‍්‍ර ලංකාවට ඇති හැකියාව පිළිබඳව පළ කර තිබෙන වාග්ලංකාරය, ඉහත සඳහන් කර තිබෙන අපකීර්තිමත් වාර්තා වට්ටෝරුව මඟින් බොරු කර දමා ඇත.

අයිතිවාසිකම් මත පදනම් වුන සංහිඳියා ක‍්‍රියාවලියකින් තොරව, සංහිඳියාවට මඟ පාදන්නට අවශ්‍ය සැබෑ වෙනස්කම් ඇති කර ගත නොහැකිය. සංහිඳියාව ඇති කර ගන්නට තිබෙන එකම මාවත වැටී ඇත්තේ පවතින සමාජ දේශපාලනමය, ආර්ථික සහ සංස්කෘතික අසමානකම් අභිභවනය කිරීම ඔස්සේ, දැනට පීඩාවට පත්ව සිටින ජන ප‍්‍රජාවන් සමඟ හවුලේ කටයුතු කිරීමෙනි. එසේ පීඩාවට පත්ව සිටින ජන ප‍්‍රජාවන්ට තමන්ගේ ප‍්‍රශ්ණ තමුන් විසින්ම කළමනාකරණය කරගන්නට ආධාර කිරීමෙන් අදහස් වන්නේ, සමානයන් ලෙස සළකණු ලැබීමට තිබෙන අයිතිය මෙන්ම, සමාන අවස්ථාවන් උපයෝගී කර ගැනීම සඳහා අනෙක් සැම කෙනෙකුට මෙන්ම ඔවුන්ට තිබෙන අයිතිය පිළිගැනීමත්, ගැටළුසහගත කරුණු කල් පවත්නා අන්දමට කඩිනමිනුත්, කාර්යක්‍ෂම ලෙසත් ඔවුන්ටම විසදාගත හැකියයි පිළිගැනීමත් ය.

සමාජ සාධාරණත්වය දෛනික ජීවිතයේ මුහුණදෙන යථාර්තය තුළ පිහිටුවාලිය යුතුය. මෙයින් අදහස් වන්නේ වාර්ගික, භාෂාමය, ආගමික, සංස්කෘතික සහ ලිංගික වෙනස්කම් පසෙක තබා හැම කෙනෙකුටම තමන් ජීවත් වෙන අන්දම තෝරා ගැනීමටත්, තීරණය කිරීමටත් තිබෙන අයිතිය භුක්ති විඳින්නට ඔවුන්ට තිබෙන හැකියාව සහතික කිරීමයි. මෙය තමන්ගේ මූලික උවමනා එපාකම් සපුරා ගැනීමේ මූලික විෂය තත්වයන් ඉක්මවා අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සඳහා ඔවුන්ට ඇති ඉඩකඩ, ඔවුන්ගේ අනන්‍යතාව සහ සංස්කෘතියට ගරු කිරීම, ඒවා පිළිගැනීම, ඔවුන්ගේ පුද්ගල අයිතීන් සහ පොදු අයිතීන් පිළිගැනීම දක්වා පැතිර යයි. පුළුල් ජනතාව අතර බිම් මට්ටමෙන් මෙම අයිතීන් පිළිබඳව වැටහීමක්, ගරු කිරීමක් සහ අවබෝධයක් ඇති කරලන්නට කටයුතු කිරීමේ වගකීම, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින ආයතන සතුව ඇත.

නිගමනය

සංහිඳියාව, නීතියේ පාලනය, විවිධත්වය කෙරෙහි දක්වන ගෞරවය, පිළිගැනීම හා අන්තහ්කරණය(inclusion) සහ දුර්විපාක අහිමි කරන කී‍්‍රයාවලීන් අහෝසි කර දැමීම මත පදනම් වූ අර්ථ සහගතවූත් කල් පවත්නාවූත් ජාතික සමඟියකට මඟ පෙන්වීම සඳහා බරපතල හා අවංක වූ දේශපාලන කැපවීමක්, ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව විසින් දක්වනු නොලැබේ. 2009 සන්නද්ධ ගැටුම අවසන් වූ තැන් පටන් සමාජය එක්සත් කිරීමට ආණ්ඩුව අසමත් වී ඇතිවා පමණක් නොව, වර්ගවාදී සහ ආගමික අන්තවාදීන්ට ප‍්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරන්නට ඉඩ හරිමින්, ආරක්‍ෂක හමුදා එවැනි ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා ඉදිරියේ හුදු නිරීක්‍ෂකයන් බවට පත්කර තැබීමෙන් සංහිඳියාවට සහ සමගියට තවත් බාධක නිර්මාණය කොට ඇත. සර්ව සම්පූර්ණ ආකාරයේ සංහිඳියාවක් කරා මඟ පෙන්වන්නට නම්, ශී‍්‍ර ලංකා ආණ්ඩුව විසින් බලහත්කාරී ලෙස කරගෙන යනු ලබන සමාජ, දේශපාලන සහ සංස්කෘතික පීඩාවන් නතර කළ යුතුව ඇත.

ඉදිරියට යාමට තිබෙන එකම මාවත වැටී ඇත්තේ සත්‍යය ගවේෂණය කිරීමට සහාය වීමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්, නීතියේ පාලනය සහ සමාජ සංහිඳියාව ස්ථාපිත කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය කරන සමාජ සහ දේශපාලන පියවර ගැනීමත් තුළින් පමණකි. දිගුකාලීනව ගත්විට, එවැනි රැඩිකල් දේශපාලන ප‍්‍රතිසංස්කරණ මගින්, සැකමුසු තත්වයන් සමනය කොට ජනතාවට ඉදිරියට යන්නට තිබෙන වඩාත්ම සුදුසු මාවත තීරණය කරන්නට ඉඩකඩ සළසා දෙනු ඇත. ඒ සඳහා කැපවුනු ආණ්ඩුවකට අගතිගාමී අදහස්, වර්ගවාදය සහ වෙනස්කම් කිරීමේ ක‍්‍රියාවලීන් පරාජය කරන්නටත්, රටේ ක‍්‍රියාකාරී පුරවැසියෙකු විසින් භුක්ති විඳිය යුතු අයිතීන් සහ නිදහස් පිළිබඳව දැනුවත් භාවයක් ඇති කරන්නටත් කැපවුනු ව්‍යාපාරයක් පාසැල්වල බාලාංශ පංතිවලින් හෝ දියත් කරන්නට කටයුතු කළ හැකිය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සමඟ නිකුත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශණයේ පොරොන්දු වී ඇති පරිදි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක‍්‍රියාවට නැංවීමෙන් ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුවට පෙර මඟ පෙන්විය හැකිය. ඩයස්පෝරාවද ඇතුළත් කොට ගෙන පුළුල් සංවාදයක් ආරම්භ කිරීමෙන්ද, රට තුළ විස්ථාපිතව සිටින පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිත ගත කිරීම පටන් ගන්නට සහාය වීමෙන්ද, යළි පදිංචි කළ යුතුව තිබෙන අය යළි පදිංචි කරවා ලීමෙන්ද, මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මතයන් සහ රටේ ජාත්‍යන්තර වගකීම් අනුව යමින් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමෙන්ද, මානවවාදී සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම්වලට අදාළව විනිවිද දැකිය හැකි ආකාරයේ වගකීම් බාරගැනීමේ ක‍්‍රියාවලියක් සකස් කරලීමෙන් ද, සමාජ සංහිඳියා මාවතේ පෙරට ගමන් කළ හැකිය.

දශක හයක් තිස්සේ කරන ලද වෙනස්කම් කිරීමේ, මර්දනය කිරීමේ, සහ මැඩ පැවැත්වීමේ ක‍්‍රියාදාමය නිසා ඇති කෙරුණු අසාධාරණත්වය, අයුක්තිය හා සැකය, එම තත්වයන් සමනය කරන අව්‍යාජ සංහිඳියා ක‍්‍රියාවලියක් දියත් කරන තුරු විසඳාගත නොහැකි වේ. සමානත්වය, ස්වෛරීභාවය, සන්ධීයවාදය සහ වෙන්වීම වටා ක‍්‍රමයෙන් ඉදිරියට ගෙනෙන ලද ඉල්ලීම් විසින් නියෝජනය කරන ලද අන්දමට, එම කටුක ඉතිහාසය පුරා වර්ධනය කෙරුණු සංකල්පනාවන් මෘග රාජ්‍ය බලය යෙදවීමෙන් විනාශ කළ නොහැකිය. පීඩාවට පත්ව සිටින ජන ප‍්‍රජාවන් වෙත සාධාරණය ඉටු කරලන විසඳුම් ඉදිරිපත් කිරීම තුළින් අසාධාරණය, අයුක්තිය හා සැකය සමහන් කළ හැකි වේ නම් පමණක් එවැනි සංකල්පනාවන් අවලංගු කළ හැකි වන්නේය. ඉහත සඳහන් කළ කොමිෂන් සභා සහ කමිටු වාර්තා බොහොමයක් ඉදිරිපත් කොට ඇති සොයා ගැනීම් සහ නිර්දේශයන් මත පදනම්ව, පීඩාවට පත්ව සිටින ජන කොටස් ද ඇතුළුව අනෙක් ප‍්‍රජාවන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින්, සාකච්ඡුා වට සකස් කිරීම සඳහා අවශ්‍ය පළමු පියවර ගැනීමෙන් එවැනි විසඳුම් ළඟා කර ගැනීම සඳහා කරන ගමන ආරම්කළ හැකිය. ඇත්තෙන්ම, එවැනි කමිටුවල සොයා ගැනීම් සහ නිර්දේශයන් අතර තිබෙන බොහෝ සොයා ගැනීම් සහ නිර්දේශ, සමාන මෙන්ම සමාන්තර ඒවාද වන බවට සැකයක් නැත.

සාධාරණ ආණ්ඩු ක‍්‍රමයක් ස්ථාපිත කොට පවත්වා ගැනීමෙන් පමණකි, වෙන්වීමෙන් තොරව කල් පවතින සමාජ සංහිඳියාවක් සහ සමඟියක් ඇති කොට පවත්වා ගත හැක්කේ;

ලයනල් බෝපගේ | Lionel Bopage

##

Cover Image 800

යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරකවරයාගේ සටහනට ද පිවිසෙන්න.