සිංහල, Corruption, Election, Kurunegala

කුරුණෑගල එකම අංකය යෙදු වාහන මැතිවරණ වැඩට


ගැරේජ් අංකය යෙදු අපේක්ෂක වාහනයක්

ස්ට්කර් අලවන ලද රෝසා බස් රථයක්
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟ වෑදී සිටින අපේක්ෂකයන්ගෙන් බහුතරයක් තම මැතිවරණ ව්‍යාපාරයට භාවිත කරන වාහන වල අංක තහඩු ගලවා භඋඡ -1999/2000 දරණ ගැරේජ් අංකය යොදා පරිහරණය කරන බව විකල්ප වෙත වාර්ථාවේ. මෙම වාහන වලින් සමහරක් ඒවා රජයට අයත් වන අතර අදාල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමතිවරුන් රජයේ වාහන බහුලව පාවිච්චි කරන බවද වාර්ථාවේ.
මෙයට අමතව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා රෝසා වර්ගයේ බස්රථ 10ක සිය ප්‍රචාරක දැන්වීම් සහිත ස්ට්කර් අලවා දිස්ත්‍රික්කය පුරා ප්‍රවාහණය කරමින් සිය ඡන්ද ව්‍යපාරය පවත්වාගෙන යන බව ද වාර්ථාවේ.
කුරුණෑගල නගරය මධ්‍යයේ ඇති මැතිවරණ සැරසිලිද මේ දක්වා ඉවත් කර නොමැත. බොහෝ ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන්ගේ විශාල ප්‍රමාණයේ මැතවරණ පුවරු (බිල් බෝඩ්) නගරයේ ඔරලෝසු කණුව අසල හා වටරවුම් වල දැක ගත හැකිය. පොලිසිය මෙම සැරසිලි හා ප්‍රචාරක පුවරු ගැලවීමට උත්සහ කරන බවක්ද පෙනෙන්ට නැතිබව ප්‍රදේශවාසීන් පවසයි.
අප මේ පිළිබඳව කුරුණෑගල තේරීම් භාර නිළධාරීනී කුසුම් හෙටිටිගේ මහත්මියගෙන් විමසූ අවස්ථාවේ ඇය පැවසුවේ තමන් පොලිසියෙන් සැරසිලි ගලවන ලෙස ඉල්ලා සිටි බවත් අද උදෑසන පොලිසිය විසින් සැලකිය යුතු ප්‍රමාණයක් ගලවා ඇති බවත්ය. එහෙත් සමහර ඒවා ඉතිරිව තියෙන්නේ නම් එය පොලිසියේ අභ්‍යන්තරයේ තීන්දුවක් විය හැකි බවත්ය. එකම අංකයේ වාහන පිළිබඳව අප කළ විමසීමේදී ඇය පැවසුවේ තමාට ඒ පිළිබඳව කිසිවක් කළ නොහැකි බවයි.
අප මේ පිළිබඳව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ මේ වන විට සියලු මැතිවරණ සැරසිලි, පොස්ටර් හා කටවුට් ගැලවීමට කටයුතු කර ඇතිබවත් මෙට උදෑසන වන විට සියල්ල ගලවා ඉවත් කරන බවත්ය. අංක තහඩු පිළිබඳව විමසූ වට ඔහු පැවසූවේ කුරුණෑගල ප්‍රදේශයේ වාහන විකුනන ස්ථාන බොහෝමයක් ඇති නිසා ඒවායේ වාහන වල ගරාජ් අංක භාවිතා කරන වාහන ඇති නිසා සමහර විට මේ එම වාහන විය හැකි බවයි.