වසර 400කට වඩා ඉතිහාසයක් ඇති, ඓතිහාසික වටිනාකමකින් යුතු ත්‍රිකුණාමලය, කින්නියාව, කරිමලෙයියූත්තු ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාණ පල්ලිය කඩාබිඳදමා බිමට සමතලා කර ඇතැයි වාර්තා වෙයි. 1733 වර්ෂයට පෙර ඉදිකර ඇති මෙම ජුම්මා පල්ලිය, හමුදාව විසින් පසුගිය 16 වන දින රාත්‍රීයදී මුළුමනින්ම කඩා බිද දමා ඇතිබව ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි. පල්ලිය කඩා දමා ඇති බවට ආරංචිවීමෙන් පසු එය දැකබලා ගැනීම සදහා එහි ගිය ජනතාවට එම ප්‍රදේශයට ඇතුල් වීමට පවා අවසර නොදුන් බව ජනතාව පවසයි.

කඩා බිදදමා අැති පල්ලිය
කඩා බිදදමා අැති පල්ලිය

2009 වර්ෂයේ යුද්ධය නිමවීමත් සමග හමුදාවේ අවශ්‍යතාවය මත කරිමලෙයියූත්තු ප්‍රදේශයේ ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්ව වෙනත් ප්‍රදේශ වල පදිංචි වන ලෙස හමුදාව නියෝග කර තිබුණි.

ඒ හේතුවෙන් 2009 වසරින් පසු මෙම පල්ලියේ කටයුතු ක්‍රියාත්මක නොවු අතර, පල්ලිය සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවට දේශපාලඥයින් රැසක් පොරොන්දුවී තිබියදී පසුගිය 16 දින පල්ලිය සම්පූර්ණයෙන්ම කඩාබිඳදමා ඇත. පල්ලියේ පරිපාලකයින් කින්නියා පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර මෙම මුස්ලිම් පල්ලිය 1733 වසරට පෙර ඉදිකර ඇති අතර වසර 400ක් පැරණි පල්ලියක්වීම විශේෂත්වයකි.

යුද්ධය නිමවීමෙන් පසු උතුරේ දෙමළ ජනයා සිය ආගමික වතාවත් සිදුකරන නගරෙයන් පිට පැවති බොහෝ කෝවිල්වලට අත්වී ඇත්තේ ද මෙම ඉරණමය. හැකි සෑම තැනකම බුදුරැවක් සහ බෝ පැලයක් සිටුවන හමුදාව එම ප්‍රදේශයට හැකිසෑම විටම සිංහල නම් ද පළදවයි. එය මේ වන විට අපූරැවට දැක බලා ගැනීමට ඇත්තේ යාපනය, මන්නාරම් මාර්ගයේ ඝන කැලෑව අල්ලා ගිනිමින් විශාල හමුදා කදවුරු ඉදිකරමින් ඒවා ඉදිරියේ සෑම තැනකම බුදුරැව සහිත කුටි තැනීමෙන්ය. ඒ 9 මාර්ගෙය්ද ඒම දසුන් සුලභය. නමුත් ඒ අවට කිසිදු බෞද්ධයෙක් නොමැත. දැන් අනෙක් ආගම් යටපත් කරමින් සිය බලය යොදා ගනිමින් දියත් වන මෙම සංහාරයේ අලුත්ම ගොදුර මෙම කින්නියා මුස්ලිම් පල්ලියයි. වසර 400ක වඩා පැරණි මෙම පල්ලිය මුලු ලෝකයාටම අහිමිකර ඇත්තේ ඊනියා නිදහසක් 2009 මැයි මස ලබා දුන්නා යැයි කයිවාරැ ගසන රාජපක්ෂලාගේ පාලනයයි.

දකුණේ, ඥාණසාරලා බෞද්ධ නොවන අනෙක් ආගම් සංහාරය ආරම්භ කරන විට උතුරේ ද එය මිලිටරිය යොදා ගනිමින් සිදු වූවේ ඒ ඊනියා නිදහසත් සමගය. දැන් රාජපක්ෂ ආණ්ඩුව මෙයට කියනු ඇත්තේ සංහිදියාව කියා ය.

Image/Story Credit:Globaltamil අැසුරිනි.