(ඡායාරෑපය, සිය දරැවන් ද සමග පොලීසිය ඉදිරිපිටට පැමිණ සිය සැමියා සොයා දෙන ලෙස බල කරන මයුරි ඉනෝකා)

මරණිය තර්ජන සහිත ලිපියක්. ලිපියෙන් කියැවෙන්නේ මාසයකට වරක් කරන උද්ඝෝෂණය නවතා දමා කීයයක් හරි හොයාගෙන පාඩුවේ ජිවත්වෙන්න කියන ඉඟියක්ය. පොලිසිය ඉදිරිපිටට ගොස් මසකට වරක් පවත්වන උද්ඝෝෂණය පාරේ ගමන්කරන අයට හෝ අවට ගොඩනැගිලිවලට අවහිරයක්, බාධාවක් ,ප‍්‍රශ්නයක් නොවෙයි. සිදුවු පාඩුව ක්ලේම්කරලා වන්දි මුදලක් වගේ එක්ක ලබාගෙන කටවහගෙන පාඩුවේ හිටපන් යැයි ව්‍යංගර්ථයෙන් ගෙනා ඉඟියකි මෙදා මයුරිව සොයාගෙන ආ නා දුනන ……… කාරයා තබා ගියේ. පොලීසියෙන් මංචු දමා රැුගෙන ගිය සිය ආදරණීය ස්වාමිපුරුෂයා ගැන නිවරැුදි තොරතුර පොලීසියෙන් ම ලැබිය යුතු බවත්, එම පිළිතුර ලැබෙන තෙක් තමන්ගේ සටන අත් නොහරින බවත්, තමන්ගේ ජීවිතයට අනතුරක් සිදුවුවහොත් ඊට ද පොලීසිය වගකිව යුතු බව ස්ථීර යැයි මයුරි ඉනෝකා ප‍්‍රකාශ කළාය.

‘‘රජයේ ආයතනවල භාවිතා කරන ඉරි සහිත කොළයක සිංග්ලිෂ් භාෂාවෙන් ලියු මරණීය තර්ජන සහිත පණිවුඩයක් ඊයේ රාත‍්‍රියේ මගේ නිවෙසේ ප‍්‍රධාන දොර ලඟ දමා ගිය වුන් මගේ ගේ අවට කුටු කුටු ගාමින් රැදී සිටියා. විටෙන් විට තුන්වතාවක් 119 ට කථා කළා. නමුත් පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ආවේ සියල්ලම හමාරවු පසුවයි. තමන් මීට වඩා ආරක්‍ෂා සහිත ස්ථානයක ජීවත් වියයුතු බවට අවවාධ කොට ඔවුන් ආපසු ගියේ යැයි මයුරි කිවේය.‘‘

ඊයේ මධ්‍යම රාත‍්‍රියෙත් (සැප් 12) තමන්ගේ නිවසට පැමිණි පුද්ගලයෙක් හෝ දෙදෙනෙකු විසින් නිවසේ ප‍්‍රධාන දොරටුව අසළ ලිපියක් තබා ගොස් ඇති බවත් එම ලිපියෙන් තමන්ට යළිත් වරක් මරණ තර්ජන එල්ලකර ඇතිබවත් මයුරි ඉනෝකා විසින් ප‍්‍රකාශ කළාය.

රජයේ ආයතනවල භාවිතා කරන ආකාරයේ ඉරි සහිත කොළයක තමන් තවදුරටත් ජීවත්වෙනවා ද මැරෙනවා ද යන්න තීරණය කරන්නැයි සිංග්ලිෂ් භාෂාවෙන් එම ලිපියේ සඳහන්කර ඇතැයි මයුරි පැවසීය.

ඊයේ රාත‍්‍රියේ සිදුවිම පිළිබඳව මයුරි ඉනෝකා මෙසේ ප‍්‍රකාශ කළේය. ”ඊයේ රැ 12ට විතර මම නිදාගන්නට යන මොහොතේ ගෙයි පිටුපසින් කවුරුන්හෝ ඉතාම සෙමින් කථාකරන හඩක් මට ඇහුණා. ඉතාම හොඳින් කන්දුන් විට කවුරුහරි කථාකරන බව හොඳටම ස්ථීරවුණා. පසුව මම මධුෂ්කගේ පවුලේ අයටත් තවත් කිහිපදෙනෙකුටත් මොබයිල් පණිවුඩයක් යැව්වා ඉක්මනට ඇවිත් එළියේ ඉන්න අයව වටකරගන්න කියලා. ටිකවෙලාවකින් මධුෂ්කගේ පවුලේ අය ආවා. ඒ සමඟම කවුරුන්හෝ නිවස අසළ හිටපු අය වත්තේ පිටුපසින් දිව ගිය බවක් තේරුනා. නිවසේ සිටින බල්ලාත් ඒ පිටුපස දිවගියා. පසුව මම දොරහැර එළියට ගියා ආපු අය සමඟ කථාකරන්නට. එවිට දොර ලඟ තිබුණු කඩදාසියක් මධුෂ්කගේ මාමා අතට ගෙන කියෙව්වා.”

මයුරි ඉනෝකාට අනුව එම කඩදාසියේ අඩංගු වී තිබුණු සම්පුර්ණ පණිවුඩය මෙසේය;

”හොඳට මතක තියාගනින්. උඹගේ පිරිවර උඹ ලඟ නැහැ. මධුෂ්ක ආයේ එන්නේ නැහැ. ඌගේ පව් ගෙවනවා. උඹ ජීවත්වනවා ද මැරෙනවා ද කියා තීරණය කරපන්. වහාම මේවා නතර කරපන්. සල්ලි කීයයක් හරි හොයාගෙන පාඩුවේ ජිවත් වෙයං. මැරෙනවාද නැත්ද කියන එක තීරණය කරපන්. අවසාන වතාව.”

”මධුෂ්කව පැහැරගෙන ගියා මදිවට මටත් මරණ තර්ජන ගේනවා. මධුෂ්ක වෙනුවෙන් ,ඔහු කොහේ ද ඉන්නේ කියන කාරණාවට නිවරැදි පිළිතුරක් ලැබෙන තෙක් මම මගේ සටන අත් හරින්නේ නැහැ. මධුෂ්කව ගෙනිච්චේ පොලීසියයි. මම කරන සටන නවත්වන්න කියන්නේ මධුෂ්කව ගෙනියපු ම අයනේ. සටන අත්නොහැරියොත් මාව මරණවා කියන්නෙත් ඒ අයම නේ. එහෙනම් මගේ ජීවිතයට කරදරයක් වුනොත් පොලිසිය ම වගකියන්න ඕනේ, එපමණයි.” යැයි මයුරි විසින් අයිතියට අවධාරණ කරමින් කීවේය.

පසුගිය සතියේද, එනම් 06 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේදි සුදු ඉරි දෙකක් සහිත ට‍්‍රැක් බොටම් එකක් සහ මුල් කළු උඩුකයකින් සැරසි මුහුණ ද කළු රෙදි කඩකින් වසා සිටි උස මහත පුද්ගලයෙක් මයුරිගේ නිවසේ වහලය උඩ සිට පසුව ගේ ටිකවෙලාවක් නිවෙස වටා කැරකෙමින් සිට ගේට්ටුව උඩින් පැන ගොස් තිබුණි. මයුරි විසින් ඔහුව ඉතා හොදින් දැක තිබු අතර ඔහු ගේට්ටුව උඩින් පනිනවාත් සමගම ඈතින් නවතා තිබු වාහනයක ආලෝකය දැල්වෙනු දැක ඇත.

අපි පොලීසියෙන්” යැයි කියා සුදුවෑන් එකෙන් පැමිණි පිරිස විසින් අත් මාංවු දමා මධුෂ්ක හරිස් ද සිල්වා වන මයුරි ඉනෝකාගේ සැමියාව පැහැරගෙන ගොස් සැප්තැම්බර් මස 02වන දාට වසරක් පිරුණි.

##

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය , ක‍්‍රිස්තියානි සහයෝගිීතා ව්‍යාපාරය සහ අනුරාධපුරය අපි පුරවැසියෝ සංවිධානය, අනුරාධපුරය සවිස්ත‍්‍රි කාන්ත එකතුව මයුරි ඉනෝකා සමඟ මධුෂ්ක සොයා යන ගමනේ සම්බන්ධවි කටයුතු කරයි.

අනුරාධපුරයේ ජීවත්වන දෙදරැ මවක් වන මයුරි ඉනෝකාගේ සිය සැමියා පැහැරගෙන ගොස් පසුගිය 2වනදාට වසරක් ගත විය. මේ වන විටද ඇයගේ සැමියා සොයා දීමට බලධාරින් සමත්ව නැත. එම තත්ත්වය තුළ සෑම මසකට වරක් පොලීසිය ඉදිරිපිටට යන මයුරි සිය සැමියා සොයා දෙන ලෙස බලකරමින් සිටියි. පහත දැක්වෙන්නේ ඒ අවස්ථාවල ඡායාරෑප යි.

මෙලනි මානෙල් පෙරේරා | Melani Manel Perera
Image Credit: Melani Manel Perera

Mauri 2nd September ii-2

Mauri news 1

Mauri news 2