Colombo, Democracy, Governance, Human Rights

ජෙනරාල්ට එරෙහි දෙවන යුද්ධාධිකරණය දින නියමයක් නොමැතිව කල්දමයි

ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාට එරෙහිව අද රැස්වූ දෙවන යුද්ධාධිකරණය දින නියමයක් නොමැතිව කල් දැමනු ලැබුවා. ඊයේ පැවැත්වූ පළමු යුද්ධාධිකරණයේ විනිසුරුවරයන් ම දෙවන යුද්ධාධිකරණයේ විනිසුරන් ලෙසම කටයුතු කිරන අතර අද දිනයේද සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥයින් එම විනිසුරු මඩුල්ලේ නුසුදුසුභාවය පිළිබඳව ප්‍රශ්න කරනු ලැබීම නිසා එය දින නියමයක් නොමැතිව කල්දමනු ලැබුවා.
යුද්ධාධීකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස මේජර් ජනරාල් එච්.එල්.වීරතුංග මහතාත් අනෙක් විනිසුරුවරුන් ලෙස මේජර් ජනරාල් ඩී.ආර්.බී.ජයතිලක හා මේජර් ජනරාල් ඒ.එල්.ආර්.විජේතුංග කටයුතු කරයි. මෙම විනිසුරන් තිදෙනාම නිළයෙන් ජනරාල් සරත් ෆොන්සේකාට වඩා පහළ අයවේ.