කාන්තා නේවාසිකාගාරයක් විවෘත කිරීමට අද(05) දින පැමිණි SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා සබරගමු සරසවියට පැමිණ ඇතැයි වාර්තා වෙයි. අැමතිවරයා සරසවියට පැමිණෙන විට එහි සිසුන් දැඩි විරෝධතාවයක් පවත්වා තිබේ.

එහිදී සිසුන් පවසා ඇත්තේ, විවෘත කරන කාන්තා නේවාසිකාගාරය නිසි ප්‍රමිතියෙන් තොර අනාරක්ෂිත බවත්, එසේම දීර්ඝ කාලයක් පුරා පවතින සිසු ගැටලුවලට විසදුම් ලබා නොදෙන්නේ නම් සරසවියට ඇතුලුවීමට ඉඩ නොදෙන බවයි. එහිදී ඇමතිවරයා විසින් සිසු ගැටලු සම්බන්ධයෙන් කිසිවක් නොපවසා පොලීසියේ ජල ප්‍රහාරක රථ මෙන්ම කැරළි මර්දන කණ්ඩායම් ද යොදවා විරෝධාතාවය මැඩ පැවත්වීමට උත්සහ දරා තිබේ. කෙසේ නමුත් දැඩි ආරක්ෂාව මැදින් සරසවියට ඇතුලු වූ ඇමතිවරයාට, එම ස්ථානයේ කිසිදු ශිෂ්‍යෙයක් නොමැති නිසා එම නේවාසිකාගාරය විවෘත කිරීමට අවස්ථාවක් උදාවී නැති අතර ඉන්පසු පරිපාලනයට බැණ වැදී ඇති ඇමතිවරයා වෙනත් මාර්ගයකින් විශ්ව විද්‍යාලයෙන් පිටව ගොස් අැතැයි සබරගමු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැවසීය.

පහත දැක්වෙන්නේ විරෝධතාවයට එල්ල කරන ලද ජල ප්‍රහාර සහ විරෝධතාවයේ අවස්ථායි…
2014-10-05-11-32-17

2014-10-05-11-35-19

2014-10-05-11-35-44

2014-10-05-11-36-11

IMG_0507

IMG_0513

IMG_0518

IMG_0526

IMG_0533

IMG_0551