Photo Credit: Sanjula Pietersz

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව පසුගිය (05)දින එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකත්වය දෙමින් එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී. ඒ අතරම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවැනි අවස්ථාවක ජනතාගේ සාමකාමී හා නීත්‍යනුකූල විරෝධතා නිහඩ කිරීම සදහා ආන්ඩුවේ දේශපාලන කන්ඩායම් විසින් ගෙන යන මැර ප්‍රහාර, තර්ජන සහ බිය වැද්දවීම වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
FMM Logo

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ ව්‍යාපාරය වත්මන් ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ට එරෙහිව ප්‍රජතන්ත්‍රවාදී ප්‍රතිස්ස්කරණයන් වෙනුවෙන් මහජන මතය ගොඩ නැගීම අරමුණු කරගත් වැඩ සටහනකි.

මෙම ප්‍රහාරය මෙරට මහජනයා සතු ප්‍රකාශණයේ අයිතිය කෙළෙසීමක් වන අතර ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක නිදහස් සහ සාධාරණ මැතිවරණයකට මඟ අහිරිමක් ද වේ. යනුවෙන් පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පහත පළවන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.

##
[මාධ්‍ය නිවේදනය] 2014 දෙසැම්බර් 8


‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්’ විරෝධතාවයට දේශපාලන කල්ලියක් එල්ලකල ප්‍රහාරය හෙළා දකිමු

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව පසුගිය (05)දින එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකත්වය දෙමින් එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී. ඒ අතරම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවැනි අවස්ථාවක ජනතාගේ සාමකාමී හා නීත්‍යනුකූල විරෝධතා නිහඩ කිරීම සදහා ආන්ඩුවේ දේශපාලන කන්ඩායම් විසින් ගෙන යන මැර ප්‍රහාර, තර්ජන සහ බිය වැද්දවීම වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ ව්‍යාපාරය වත්මන් ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ට එරෙහිව ප්‍රජතන්ත්‍රවාදී ප්‍රතිස්ස්කරණයන් වෙනුවෙන් මහජන මතය ගොඩ නැගීම අරමුණු කරගත් වැඩ සටහනකි.

මෙම ප්‍රහාරය මෙරට මහජනයා සතු ප්‍රකාශණයේ අයිතිය කෙළෙසීමක් වන අතර ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක නිදහස් සහ සාධාරණ මැතිවරණයකට මඟ අහිරිමක් ද වේ.

දෙසැම්බර් 5 වන දින උදෑසන සිට එප්පාවලදී පැවති මෙම සාමකාමී විරෝධතාවයට කඩා වැදි තලාව ප්‍රදේශීය සභාමන්ත්‍රී වසන්ත බණ්ඩාර සහ උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකාර ලේකම් උදිත ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැමිණි මැර පිරිසක් විසින් විරෝධතාවයේ නියැලි පිරිසට පහර දී ඇත.
මෙම වැඩසටහන ආවරණය කිරීමට පැමිණි හිරු නාලිකාවේ සහ ‘අද’ පුවත්පතෙහි මාධ්‍යවේදී තිසර සමන් මහතා මැර පිරිස විසින් පහර දී ඔහුගේ කැමරාවට අලාභානී සිදු කර ඇති අතර ප්‍රහාරයෙන් ප්‍රවීන ගායක ජයතිලක බණ්ඩාර ඇතුළු තවත් පිරිසක් තුවාල ලබා ඇත.

දෙසැ. 06 දින පෙ.ව. 10 ට පමණ එප්පාවල රෝහලට පැමිණි මැරපිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින තිසර සමල් ට ‘උඔට ඊයේ වැඩේ දෙන්න හිටියේ.පිරිස්සමට හුස්ම ගනින්.උඹේ දෑස් ඉදිරිපිට දෙමාපියන් ද මරා දමනවා.‘ යැයිතර්ජනය කොට ඇති බව ද වාර්තා වේ.

මෙම ප්‍රහාරය හෙළි දකිමින් ‘රජරට මාධ්‍යවේදියෝ’ සංවිධානය ද ප්‍රකාශ කර ඇති පරිදි පැය 36ත් ගතවීත් තවම කිසිවකු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංඟුවට ගෙන නැත.

රජයට පක්ෂපාත නොයෙකුත් කණ්ඩායම් විසින් රජයට පිළිබද විවේචනාත්මක මත දරන ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව පැහැදිළි කරුණකි. මෙසේ නීති විරෝධීව, ජනතා ව්‍යපාරයන් කඩාකප්පල් කිරීමට උත්සහ දරන රජයේ දේශපාලඥයන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ ජනතාවගේ සාමකාමී රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන ලෙස අපි රජයට සහ විශේසයෙන්ම පොලීසියට බල කර සිටිමු.

එමෙන්ම ප්‍රහාරයෙන් හානියට පත් කැමරා උපකරණ සදහා රජයෙන් වන්දි ලබා දෙන ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

නිවැරදි ජනමතය විද්‍යමාන වන සාමකාමී සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා සුදුසු පරසරයක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නගන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයෙන් සහ මැතිවරණ මහ ලේකම් කාර්යාලෙන් ඉල්ලා සිටී.

එයට අමතරව නිතිය හා සාමය අගයන සියලු සිවිල් සංවිධානවලින් සහ මහජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවන් මැර ප්‍රහාර වලට එරහිව අත්වැල් බැඳගන්නා ලෙසය.

සුනිල් ජයසේකර, සම්පත් සමරකෝන්
කැදවුම්කරු, ලේකම්